සීනි කිලෝවකට රුපියල් 50ක බද්දක්… Thanks AKD😹😹😹

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,020
    113
    Panadura
    මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා 2024 නොවැම්බර් 1 දින 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ විධිවිධාන අනුව රු. 50 ක සීනි බද්දක් පනවා ඇත.

    2023 නොවැම්බර් මස 1 දින මුලින්ම මේ ප්‍රශ්නගත සීනි බද්ද එවකට පැවති රජය විසින් පනවනු ලැබීය. මේ පිළිබඳ පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේ දී ද, වෙනත් ප්‍රතිපත්ති රැස්වීම්වල ද, දේශපාලන වේදිකාවේ ද මා විසින් විරෝධය දක්වන ලදී.

    මේ පිලිබඳ රාජ්‍ය නිලධාරීන් පැවසූවේ, 2024 නොවැ. 01 දිනට පසුව මෙම බද්ද ඉවත් කරන බවය. සීනි බදු වංචා කිරීමෙන් අයථා ලාභයක් ඉපයීම වැලැක්වීමට මෙම බද්ද පනවනු ලැබූ බවත්, එය දීර්ඝව පවත්වාගෙන යාමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව මුළු රටම දනී.


    සීනි බදු වංචාව සහ බදු ගසා ඉහළ නංවා ඇති සීනි මිල පාරිභෝගිකයා පීඩාවට පත් කරන ආහාර ද්‍රව්‍ය මිල ඉහළ නංවන දුෂ්ඨ හා සහාසික බද්ධකි.

    ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද, සීනි බද්දට විරුද්ධ අදහස් දැක්වීය. සීනි බද්ධ මහා වංචාවකට හේතුවක් වූ බව ද, සිය රජයක් යටතේ සීනි බදු වංචාව පිළිබඳ විමර්ශන පවත්වන බව ද, ප්‍රකාශ කළේය.

    සීනි බදු වංචාව ගැන පරීක්ෂණ පවත්වනවා වරදකරුවන්ට දඩුවම් කරනු වෙනුවට, නැවත අලුතෙන් රු. 50 ක සීනි බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇත.

    නිශ්චිත කාල වකවානුවක් සඳහා පමණක් පැනවූ බද්දක් අදාළ කාලය අවසන් වීමෙන් පසුව නැවත පණවන්නේ නම්, එය නව බද්දක් ලෙස ක්‍රියාත්මක වන්නේය.


    සීනි සඳහා රු. 50 ක බද්ධක් පැනවීම තුලින් මහජනතාවට හිමි විය යුතුව තිබූ මිල සහනය අහිමි වන්නේය. ජීවන වියදම පහත දැමීමට ඇති අවස්ථාව අහිමි කර පාරිභෝගිකයින් පීඩාවට පත් කරන්නේය.

    නැවත පනවනු ලැබූ රු. 50 ක සීනි බද්ද ඉවත් කර එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දෙන ලෙස බල කරන බවත් ඇය පවසන්නීය.


    @SLK_sri @todd2231048 @Sandy_Fdo @helplesser@kolavari @SimMaster @Cypress @B.Chat @[email protected] @ChoronaSottiya @jhnnwp @shenat
    @handley
    @Hyaenidae
    @AnuradhaRa
    @sam_sajith
    @kasun_kbp

    😹😹😹😹😹😹😹😹😹😹
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,373
    19,686
    113
    Gotland
    කලින් බද්ද ඉවර වෙලා අලුත් ගැසට් එක නිකුත් වෙනකං සිනි කිලෝ එක 190 ට තිබ්බ පැය ගානක්. දැන් ආයේම 240
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,697
    58,399
    113
    මාලඹේ

    අම්මෝ වංචාව දූෂණය නැති කරලා බදු බර අඩු කරනවා කියපු ජෙප්පෝ නේද මේ🤗🤗
     
    • Haha
    Reactions: P Starlin

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    කලින් බද්ද ඉවර වෙලා අලුත් ගැසට් එක නිකුත් වෙනකං සිනි කිලෝ එක 190 ට තිබ්බ පැය ගානක්. දැන් ආයේම 240
    ටොන් කීයක් මෙහා ගොඩට ආවද දන්නේ නෑ ඒ time gap එකේ
     
    • Haha
    Reactions: nppcheguevara

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,115
    21,183
    113
    අනුර කුමාරගේ ප්‍රධාන මෙහෙවර නම්, පාලකයන් සහ පාලක පද්ධතියේ අඩුපාඩු හෙළිදරව් කරමින් ජනතා අයිතිය රැකීමට උත්සාහ කිරීමයි. එසේ වුවද, ඔහුටත් සහ JVP එකටත් එරෙහිව විවිධ චෝදනා ඇත, විශේෂයෙන්ම දේශපාලන විවාදවලදී සමාජයේ වෙනස් මත පැවැත්වූ පාර්ශව වලින් විවේචන ලැබීමට ඉඩකඩ ඇත.
     
    • Haha
    Reactions: P Starlin