මේ වනවිට සීනි ආනයනකරුවන් විසින් තොග සඟවමින් සහ පාලන මිලට වඩා දෙගුණයකට අධික ප්‍රමාණයකින් මිල වැඩි කරමින් කරනු ලබන අයුතු සහගත සහ නීති විරෝධී ක්‍රියාව මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය පවා පැනවීමට සිදු වී ඇත. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා විසින් ලියාපදිංචි නොකළ ගබඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයකට සීල් තබා ඇත. එම තොගවල වටිනාකම අයිතිකරුවන්ට ගෙවා, ඒවා ස.තො.ස. ආයතනය මගින් බෙදාහරින බව සඳහන් වේ. එම සමස්ත ක්‍රියාවලිය සඳහා රජයට දැරීමට සිදුවන අමතර පිරිවැය අදාළ තොග වෙළෙන්දන්ගෙන් අය කරගන්නවා ද යන්න පිළිබඳව රජය පැත්තෙන් ප්‍රකාශයක් සිදු කර නැත. ඊට අමතරව නීත්‍යනුකූල එනම් ලියාපදිංචි ගබඩාවල නීත්‍යනුකූල නොවන ආකාරයට තබාගෙන සිටින තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට අධික සීනි තොගයට අදාළව ගනු ලබන පියවර පිළිබඳව රජය කිසිවක්ම සඳහන් කර නැත. රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති වූ පළමු වතාව බවට ද සැකයක් නැත. රජය විසින් ගනු ලැබූ මෙම සුවිශේෂී ක්‍රියාමාර්ගය නිසා රට තුළ ආහාර හිඟයක් ඇති වී තිබෙන බැවින්, හදිසි නීතිය පනවා ඇති බවට යම් විදේශීය පාර්ශ්ව විසින් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් රජය අපහසුතාවට පත්කරන බවක් ද දක්නට හැක.
මෙම ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් ඒ ආකාරයට කූඨ වාණිජ ක්‍රියාවලියක නිරත වන්නේ රජය විසින් ඔවුන්ට ඉතිහාසයේ ලබා දී ඇති විශාලතම බදු සහනය ලබාදීමෙන් පසුවය. ඒ අනුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව යම් ගැඹුරු අධ්‍යයනයක් සිදු කිරීම, විශේෂයෙන්ම ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් වනු ඇත. ඒ මගින් වැරැදි නිවැරැදි කිරීම සහ එවැනි දේ මතු අනාගතයේ දී සිදු නොවීම සඳහා මෙන්ම ජනාධිපතිතුමා ප්රමුඛ රජයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට ද හැකිවනු ඇත. එම නිසා ඊට අදාළව යම් මහජන සංවාදයක් ඇති කිරීම සඳහා දැනට වාර්තා වන තොරතුරු අනුව අන්දරේලාගේ සීනි කතාව පිළිබඳ යමක් ලිවීම මහජන වගකීමකි. මෙම කතාව ආරම්භ වන්නේ 2020 ඔක්තෝබර් මාසයේ දීය. ඒ වනවිට සීනිවලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 50ක් වූ ආනයන බද්ද සත 25 දක්වා එනම් රුපියල් 49.75කින් අඩු කිරීමට 2020.10.14 දින රජය විසින් තීරණයක් ගනු ලැබීය. එම තීරණය මගින් රජයට අවම වශයෙන් වසරකට රුපියල් මිලියන 25,000ක් අහිමි වන බව ඉතා පැහැදිලිය. ඊට හේතුව ඍජුව ආහාර සඳහා සහ කර්මාන්ත සඳහා මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා වසරකට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් පමණ ආනයනය කිරීමය.
බලධාරීන් විසින් එසේ මහජන බදු මුදලින් ආනයනකරුවන්ට සහන ලබාදෙන තීන්දුව සාධාරණීකරණය කරනු ලැබුවේ, ඒ වනවිට වෙළෙඳපොළේ රුපියල් 135කට අලෙවි කළ සීනි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 85 දක්වා පහත දැමිය යුතු බවට ස්වයං නියමයක් පනවා ගනිමිනි. නමුත් සීනිවල පමණක් එසේ මිල අඩු කරන ලෙස මහජනයාගෙන් හෝ කර්මාන්තකරුවන්ගේ පැත්තෙන් කිසිදු ඉල්ලීමක් පැන නැගී තිබුණේ නැත. ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනි ප්‍රමාණයෙන් මහජනයා විසින් ඍජුව පරිභෝජනයට ගනු ලබන්නේ සියයට 15ක් පමණි. ඉතිරි සියයට 85 යොදාගනු ලබන්නේ නීති විරෝධී කසිප්පු කර්මාන්තය සහ නීත්‍යනුකූල සෙසු කර්මාන්ත සඳහාය. සීනි මිල වැඩි නොකළහොත් රසකැවිලි මිල වැඩි කරන බවට හෝ සීනි බදු අඩු කර මිල අඩු කළහොත් ඒවායේ මිල අඩු කරන බවට කර්මාන්තකරුවන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවීය. සීනි මිල අඩු වූ පමණින් ඔවුන් තම නිෂ්පාදනවල මිල අඩු නොකරන බවට මහජනයාට නම් ප්‍රායෝගිකව බොහෝ අත්දැකීම් ලැබී ඇත. සමහරවිට ප්‍රායෝගිකව ආනයනකරුවන් හෝ ඔවුන්ගේ තැරැව්කරුවන් විසින් රහසිගතව රජයට යම් බලපෑමක් සිදු කළා විය හැක. ඒ වනවිට ස.තො.ස. ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයකු විසින් එසේ කළ බවට යම් ප්රවෘත්ති පළ විය.
ඒ ආකාරයට සීනි ආනයනකරුවන්ට බදු සහන ලබාදීමෙන් පසුව 2020.10.21 දින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් පැකට් නොකළ සීනි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 85ක් සහ පැකට් කළ සීනි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 90ක් බවට නියම කරනු ලැබීය. ඉන් පසුව සීනි මිල අඩු නොවන තත්ත්වයක් යටතේ අදාළ පුද්ගලයාට චෝදනා එල්ල වනවිට ඔහු ස.තො.ස. සභාපති ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයට පත් කිරීම නිසා ඔහුට යම් චෝදනාවක් එල්ල වී ඇති බව සනාථ විය. ඊට අමතරව එසේ බදු සහන ලබාගැනීමෙන් පසුව ආනයනකරුවන් විසින් සීනි මිල අඩු නොකරන තත්ත්වයක් යටතේ ස.තො.ස. ආයතනය විසින් ඔවුන්ගෙන් වැඩි මිලට සීනි මිලදී ගෙන පාලන මිලට විකිණීම නිසා එම ආයතනයට විශාල පාඩුවක් සිදු කළ බවට ද අදාළ පුද්ගලයාට චෝදනා එල්ල විය. නමුත්, එම පාඩුව කොපමණ ද යන්න නිශ්චිතව එළිදරව් වූයේ නැත. සීනිවලට පාලන මිල පැනවීමේදී පැකට් නොකළ සීනි සඳහා රුපියල් 85ක් සහ පැකට් කළ සීනි සඳහා රුපියල් 90ක් වශයෙන් පැකට් කිරීම සඳහා රුපියල් පහක් වැඩිපුර ලබාදීම තුළින් අදාළ නිලධාරීන්ට සීනි ආනයනකරුවන් පිළිබඳව තිබෙන ඇල්ම පැහැදිලි විය. ඔවුන් සහල් කර්මාන්තකරුවන්ට විශේෂයෙන්ම කුඩා මෝල් හිමියන්ට සහල් මිල නියම කිරීමේ දී කිලෝ ග්‍රෑම් 5ක පැකට්ටුවක් සඳහා රුපියල් 10ක් එනම් පැකට් කිරීම සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 2ක් මිලට එකතු කිරීම සඳහා අවසර ලබාදෙන්නේ නැත.
කෙසේ වෙතත් බදු සහනය ලබාදුන් දින සිට සීනි තොග රට තුළට පැමිණි ආකාරය තුළ විශේෂත්වයක් දක්නට ඇත. එම බදු සහනය නිවේදනය කළ 2020.10.14 දින වනවිට යම් සමාගම් විසින් බදු සහන යටතේ වරායේ ගුදම්වල ගබඩා කර තබාගෙන සිටි සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,000ක් බව වාර්තා විය. බදු සහනය ලබාදුන් සැනින් එම සීනී තොග සහන යටතේ නිදහස් කරගනු ලැබීය. ඊට අමතරව බදු සහනය ලබා දී සති දෙකක් ඇතුළත සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ රට තුළට ආනයනය කළ බව ද වාර්තා විය. ඒ අනුව පැහැදිලි වන්නේ, බදු සහනය ලබාදෙන අවස්ථාව වනවිටත් එම සීනි තොග ඇනවුම් කර හෝ නැව්ගත කර තිබූ බවය. ඉන් පසුව ගත වූ මාස අටක කාලය තුළ රට තුළට බදු සහන යටතේ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ආනයනය කළ බවට සාක්ෂි ඇත. පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශ අනුව ඒ වනවිට රට තුළ සීනි මෙට්‍රික් ටොන් 85,000ක සීනි තොගයක් ගබඩා කර තිබී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ, බදු සහනය නිසා ඉතා කෙටි කාලයක් තුළ රටට වාර්ෂිකව අවශ්‍ය වන සීනි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට ආනයනකරුවන් උනන්දු වූ බවය.
ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආනයනකරුවන් හෙවත් සමාගම් 9ක් පමණ තිබෙන බව දැනගැනීමට ලැබෙන තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ අතරින් ප්‍රධානතම සමාගමක් වන්නේ, පිරමීඩ් විල්මා (Pyramid Whilma) නමැති සමාගම බව ද කියැවේ. නීති විරෝධී ගබඩාවල සීනි සඟවා තබා ගැනීම පිළිබඳව එම සමාගමට ද චෝදනා එල්ල වී ඇත. දැනට සමාගම් හතරක් විසින් එම බරපතළ වරද සිදු කර ඇති බව පාරිභෝගික අධිකාරියේ නිවේදනය අනුව පැහැදිලි වේ. කෙසේ වෙතත්, වරාය තුළ සහ වරාය ආශ්‍රිතව මහා මුහුදේ විශාල සීනි තොග තිබෙන අවස්ථාවක සීනි බදු අඩු කිරීම සඳහා උපදෙස් ලබාදුන් නිලධාරීන් කවුරුන් ද යන්න දැයි පැහැදිලි නැතත්, එසේ බදු අඩු කරන බව ආනයනකරුවන් දැන සිටි බව ඉතා පැහැදිලිය. ඉහත සඳහන් කළ ආකාරයට බදු අඩු කළ සැනින් සීනි රට තුළට පැමිණි ආකාරය දෙස බලන විට කුඩා දරුවකුට වුව ද ඒ බව අවබෝධ කරගත හැක. ඒ වනවිට බදු සහන ලබා දී සීනි මිල අඩු කිරීම සඳහා ලෝක වෙළෙඳපොළේ තත්ත්වයක් නිර්මාණය වී නොතිබූ බව ද සත්‍යයකි. ඒ වනවිට ලෝක වෙළෙඳපොළේ සීනි මිල කිලෝ ග්‍රෑම් එකක් සඳහා ඩොලර් ශත 30ක් වූ අතර, අද වනවිට එය ඩොලර් ශත 40කි. ඒ අනුව, එදා පැවැති මිල අදට වඩා අඩු මට්ටමක් බව පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාවේ සීනි අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5කින් වැඩි වූ නිසා ඉන්දියානු බලධාරීන් සීනි අපනයනකරුවන්ට විශේෂ සහන ලබාදෙන තත්ත්වයක් ද දක්නට ලැබුණි.