timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මාස 3කට විතර කලින් කකුලෙ ඇගිලි කරුවක් කිණිතුල්ලෙක් කාලා තුවාල උණා. ඒක ටික දවසකින් හොද වෙලා තිබිල ආපහු ඇවිස්සුණා නිකම්ම. ඒක දැන් මාසයක් විතර හොද වෙන්නේ ම නෑ. එහෙම වෙන්නෙ සීනි වලට කියල අහල තියෙනව. මට නිතර ම පම්ප් දානවත් එක්ක. පම්ප් එකත් ගොඩක් යනව යන කොටත්. මට සීනී ද? ඩොකෙක් ළගටවත් යන්න විදියක් නෑ. දැනට මම මොකද්ද කරන්න ඕන? වයස 27 යි. පවුලෙ කාටවත් දියවැඩියාව නෑ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,937
    93
    33
    දියවැඩියා රෝගියෙක්ගේ තුවාල ඉක්මනින් හොඳ නැති වෙන්න හේතු කීපයක් බලපානවා.
    ●රුධිරවාහිනී අවහිරවීම (මේකෙන් පටක වලට ඔක්සිජන් සහ පෝෂක සැපයුම අඩුවෙලා repair කරන එක පරක්කු වෙනව.)
    ●ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම (මේ නිසා තුවාලය දිහාවට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල ගමන් කිරීම අඩුවෙලා repair කරන process එකයි, විෂබීජ ඉවත් කරන process එකයි අවහිර වෙනවා. ආසාදනය වුන තුවාලයක් ඉක්මනින් හොඳවෙන්නෙ නෑ)
    ●ස්නායු හානිවීම (මේක නිසා දැනෙන්නෙ නැතිවෙන හන්දා තුවාලෙ රිදෙන්නෙ නෑ. අපිට දැනෙන්නෙ නැති නිසා තුවාලය තව damage වෙන්න අවදානම වැඩිවෙනව)

    මේ තත්ත්වය එන්නෙ දීර්ඝකාලීන දියවැඩියා රෝගීන්ට. ඒ වුනාට පොඩි කාලෙ එන type 1 diabetes mellitus තියනවා නම් තරුණ කාලෙ එන්න පුලුවන්. අවුරුදු 25න් කකුල කපපු මම ලෙඩෙක් දැකලා තියෙනවා. Type 2 DM ඒ කියන්නෙ අපි බහුලව දකින දියවැඩියා තත්ත්වය කලින් එන්න පුලුවන් උඹ ජීවත් වෙන විදිය අනුව. ඒක නිසා අවුරුදු 27 වුනා කියලා දියවැඩියාව නෑ කියන්නම බෑ.

    මුත්‍රා යන එක වැඩිවීම, අධික පිපාසය සහ අධික බඩගින්න කියන රෝග ලක්ෂණ 3 තිබීම දියවැඩියාවේ රෝග ලක්ෂණ වෙන්න පුලුවන්. බලපන් commode එකේ කූඹි ඉන්නවද කියලා. ඒ කියන්නෙ බොහෝවිට මුත්‍රාවල සීනි. Glucometer එකක් හොයාගන්න පුලුවන් නම් suger check කරලා බලපං 200ට වඩා වැඩිද කියලා. random suger test. මේ වෙලාවේ කරගන්න පුලුවන් ඒක. Town වල නම් labs ඇරලා. ගෙදරින් එළියට යන්න පුලුවන් නම් FBS එක හරි HbA1c test එක කරගන්න. කොහොමත් තුවාලෙ පෙන්නගන්න කියලා ළඟම OPD එකට හරි GP ගාවට යනවා කිව්වොත් නම් පොලිසිය ඉඩ දේවි