රනිල් සීයත් එක්ක නිකම්ම නිකන් තරහ නෙමෙයි බද්ධ වයිරයෙන් පසුවෙන කණ්ඩායම් තුනක් ඉන්න බව දැන් බැලූ බැල්මට පේනවා.
එක පිරිසක් තමා ගෝඨාව එලවල රට අරාජික කරල ලංකාව ලිබියාවක් කිරීමට මාන බැලූ පිරිස. මේ අය හීනෙකින්වත් නොහිතපු විදියට රනිල් අගමැති වෙන්න කැමති වුනා විතරක් නෙමෙයි මහජන ආරක්ෂාව පැය 48ක් ඇතුලත ස්ථාපිත කලා. ආණ්ඩුව පෙරළීම ගැන රනිල්ගෙන්ම උපදෙස් ගත්ත අය මවිත කරවමින් රනිල් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක IMF වැඩසටහන ක්‍රියාත්මක කලා. සිරියාවක් හෝ ලිබියාවක් නොවී ලංකාව නැවත කකුල් දෙකෙන් හිටුවීම මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් වුනාට ඇතැම් කුමන්ත්රණකාරී කණ්ඩායම් වල පරාජයක්.
දෙවැනි කණ්ඩායම තමා රනිල් හරහා මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීමට මාන බැලූ අය. මෙතන ඉන්න බහුතරයක් එල් ටීටී ඊ ත්රස්තවාදීන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙලට සහාය දෙන අය. ඒ ගොල්ලන්ගෙ මනසේ රනිල් හිටියේ එයාලගේ න්‍යාය පත්රයේම කොටසක් වෙනුවෙන්. හැබැයි පහුගිය අවුරුදු දෙකේ රනිල් සම්පූර්ණ අවධානය දුන්නේ ආර්ථික කළමනාකරණයට මිසක් ඩයස්පෝරා ඇජෙන්ඩා එක හුරතල් කරන්න නෙමෙයි. ඒ නිසා තමා පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට බෙදුම්වාදීන් ප්‍රසිද්ධියේම NPP එකට චන්ද වැඩට බැස්සේ.
තුන්වෙනි කණ්ඩායම තමා 88/89 කලබල වෙනුවෙන් රනිල්ගෙන් වාඩුව ගන්න ඉන්න පිරිස. ඇත්තටම ප්‍රේමදාස මහත්තයයි රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතියි දෙන්නම නෑ දැන්. ඉතුරුවෙලා ඉන්නෙ බටලන්ද වාර්තාවයි රනිලුයි විතරයි. වින්දිතයන් මුල් වරට බලයට ඇවිත් තියෙනවා. ඉතින් අවුරුදු 35 කට පස්සෙ රාජ්‍ය මර්ධනය භාවිතාකල ඝාතකයන් සියලුදෙනා වෙනුවෙන් රනිල්ගෙන් පළිගන්න අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ සංවාදය දැන් සමාජ මාධ්‍ය වලත් අංක ඉලක්කම් සාක්ෂි එක්කම කැරකෙන්න පටන් අරන්.
අල් ජසීරා ඉන්ටර්වීව් එක සිංහල උපසිරසි එක්ක හැමෝටම බලන්න දාන්න ඕනා. එකක් තමා ලංකාව පැත්තෙන් මෙහෙම ඉංග්‍රීසි මාධ්‍යට මුහුණ දෙන්න පුලුවන් දේශපාලකයෙක් දැන් නැති තරම්. දෙවැන්න තමයි සංවිධානාත්මකව ඔහුව කොටුකරන්න හදන ප්‍රශ්න ටික තේරුම් ගැනීමේ දේශපාලන අවශ්‍යතාවය. මොකද ඒ හැම ප්‍රශ්නයකම ගැඹුරු දේශපාලන තරහක් තියෙනවා විතරක් නෙමෙයි ඒ තරහ අයිති කාටද කියන එකත් තේරුම් ගන්න පුලුවන්. එතකොට අපිට අවබෝධ කරගන්න පුලුවන් පහුගිය දශකයේ ලංකාවෙන් එලියෙ තියන, ලංකාවට අදාල පොලිටිකල් ඇජෙන්ඩා එක.