සීයාගේ මරණ දැන්වීම
පෙරේදා මාත් එක්ක කතා කර කර හිටපු
සිනහ වෙවී හිටපු
අපේ පන්සලේ සීයා
අද ඇවිල්ලා මරණ දැන්වීමකට පෙනී හිටින්න
මෑතකදී ෆොටෝ එකක්වත් ගත්තා කියලා කියන්න බැරි
මෑතකදී මෙච්චර ලස්සනට ඇඳුම් ඇඳන් හිටියා කියලා කියන්නත් බැරි
මරණ දැන්වීමක තමයි සීයා හිටියේ
ඒ හින්දා
රුවුල හොඳට කපපු
මූණ හොඳට හෝදපු
කොණ්ඩේ හොඳට පීරපු
ඒ පින්තූරේ හිටියේ සීයාමද ?
හිතාගන්නත් බැරි වුණා මටත් එක පාරම
“අනිව්චාවත සංඛාරා*
එහෙමයි පෝස්ටරේ නම් ගහලා තිබුණේ
එහෙම වුනත්
පහුවෙනිදා බලනකොටත්
පන්සලේ ඉස්සරහ තියෙන ලයිට් කණූවේ
වැස්සට දිය වෙවී
හිටියා සීයා මං යන මග
හිනාවෙවී
ඒත් තාමත් මං
උදේට සීයාව පහු කරමින්
හවසටත් සීයා පහු කරමින්
එහෙට මෙහෙට යනවා
ඉතින්
එහෙට මෙහෙට යන මේ ගමන
කවදා කෙළවර වෙයිද කියලායි
සීයා අදත් මගෙන් අහන්නේ
හිනාවෙවී
පෙරේදා මාත් එක්ක කතා කර කර හිටපු
සිනහ වෙවී හිටපු
අපේ පන්සලේ සීයා
අද ඇවිල්ලා මරණ දැන්වීමකට පෙනී හිටින්න
මෑතකදී ෆොටෝ එකක්වත් ගත්තා කියලා කියන්න බැරි
මෑතකදී මෙච්චර ලස්සනට ඇඳුම් ඇඳන් හිටියා කියලා කියන්නත් බැරි
මරණ දැන්වීමක තමයි සීයා හිටියේ
ඒ හින්දා
රුවුල හොඳට කපපු
මූණ හොඳට හෝදපු
කොණ්ඩේ හොඳට පීරපු
ඒ පින්තූරේ හිටියේ සීයාමද ?
හිතාගන්නත් බැරි වුණා මටත් එක පාරම
“අනිව්චාවත සංඛාරා*
එහෙමයි පෝස්ටරේ නම් ගහලා තිබුණේ
එහෙම වුනත්
පහුවෙනිදා බලනකොටත්
පන්සලේ ඉස්සරහ තියෙන ලයිට් කණූවේ
වැස්සට දිය වෙවී
හිටියා සීයා මං යන මග
හිනාවෙවී
ඒත් තාමත් මං
උදේට සීයාව පහු කරමින්
හවසටත් සීයා පහු කරමින්
එහෙට මෙහෙට යනවා
ඉතින්
එහෙට මෙහෙට යන මේ ගමන
කවදා කෙළවර වෙයිද කියලායි
සීයා අදත් මගෙන් අහන්නේ
හිනාවෙවී