අන්‍ය සීල වෘත. (අතීතයේ ඉන්දියාවේ සමහරක් පව් දිය කර හැරීමට විවිධ වෘත සමාදන් වුනා. බල්ලන්, බළලුන් ලෙස, නිගණ්ඨයන් ලෙස). මෙයින් සිදු වන්නේ කර්මනුරුපව සියල්ල සිදුවෙන බවට ඇති අවබෝධය, හේතු -ඵල වැටහීම ඇහිරී යාමයි. නැතහොත් එය දුර්වල වීමයි. එමගින් සම්මා දිට්ඨිය දුර්වල වෙනවා. මිත්‍යා දෘෂ්ඨියට වැටෙනවා. සීලය පවා දැඩි ලෙස වෘතයක් ලෙස කිරීමට යාමෙන් එයත් සීලබ්බත පරාමාස වලට ඇතුල් විය හැක. (සීලයේ අනිත්‍ය මෙනෙහි කරන කෙනෙකුට එසේ වෙන්නේ නැහැ.) ජෝතිෂ්‍ය, බලි තොවිල්, ශාන්ති කාර්ම, සුබ අසුබ විශ්වාස, හදි හූනියම්, මේ දේවලට යොමු වූ අයට සීලබ්බත පරාමාස ක්ෂය කරන්න බැහැ. සෝවාන් වීමට විච්චිකිච්චා, සීලබ්බත පරාමාස, සක්කාය දිට්ඨිය දුරු කල යුතුයි
සීලබ්බත පරාමාස යනු විමුක්තිය අපේක්ෂා කරන කැමැත්තෙන් විවිධ ආගමික සීල හා වෘත අනුගමනය කිරීමයි. බුද්ධකාලයේ ගෝසීල, අජසීල, ගෝවෘත, ආදී වැරදි සීල හා වෘත අනුගමනය කළ අය විසූහ. මෙකළ ද විවිධ ආගම් හා දර්ශනවල පිහිටා වැරදි සීල හා වෘත සමාදන් වූවෝ සිටිති. බෞද්ධයන් විවිධ දෙව් දේවාතාවන්ට පුද පඬුරු තබා බාරහාර වීම, ඇදහීම සීලබ්බත පරාමාස සංයෝජන ධර්මයට අයත් නොවේ. තමාට වඩා විශේෂ බලයක් ඇතැයි සිතා ලෞකික දියුණුව සඳහා ඔවුන් දෙවියන් ඇදහුවත් දෙවියන් මගින් නිවන් පතන්නේ නැත (ප්‍රතිවේධ සාසනය).