සුගලා දෙවි හැංගිලා හිටපු කවුඩාගලට

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුගලා දෙවි හැංගිලා හිටපු කවුඩාගලට

    පොඩ්ඩක් පරණ කතාවක් ... මතක පොතේ පිටු ගැලවී හුළගේ දුවද්දී අල්ලලා මේකේ ලිව්වේ හොදේ :D:D:D

    හැම weekend එකේම වගේ කන්දක් බඩගාන කාලයක් තිබ්බා.. ඔය කාලේ නිකන් ඉන්නවා කියන්නේ කකුල් වලට අවුල් වගේ ..
    ඔන්න ඔහොම ඉද්දි එකපාරටම වීකෙන්ඩ් 2 -3 විතර නිනක්ම ඉන්න සෙට් උනා ,එහම දෙකක් විතර ගෙදරට වෙලා ඉද්දි දැනෙන අමාරුව නිසා හදිස්සියේම දැක්ක වීඩියෝවක් නිසා පටන් ගත්ත ගමනක් කිව්වොත් හරි... :yes::yes:

    සාමාන්‍යයෙන් 8 විතර වෙනකන් නිදාගන්න සෙනසුරාදා පාන්දරම කෝල් එකක් එන්නේ "මචං ගමනක් තියෙනවා යමංද?"
    ඔන්න ඔහොමයි ගමන යන්න තීරණය උනේ. කෝල් එක එනකන් කොහෙද යන්නෙ කියලා වත් දන්නේ නෑ
    මොකේද යන්නේ , අරූගේ වීල් එක තියෙනවා යමන්
    කොහෙද යන්නේ අසේල පුර
    කුරුණෑගල ඉදන් අසේල පුරට වීල් එකේ. :shocked::shocked: (162 km වගේ තියෙනවා )
    ඔන්න ඔහොමයි ගමන පටන් ගත්තේ
    වීල් එකයි එකෙකුයි කුරුණෑගලට එද්දි මායි තව එකෙකුයි කොළඹින් කුරුණෑගල සෙට් වෙන්න AC එකකට නැග්ගේ.....

    දැන් උබලා බලයි මොකක්ද කවුඩාගල කියන්නේ. කොහෙද තියෙන්නේ , විශේශත්වය?
    ගොඩක් උන් අහලාවත් නැතුව ඇති.​

    කවුඩාගල කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන නිදන් හොරුන්ගේ ග්‍රහනයට අහු උන 300ft උස හුදකලා කන්දක් පොලොන්නරුව වැලිකන්ද area එකේ තියෙන.:shocked: පරාක්‍රම භාහු රජතුමා සමග යුද්ධයක් ඇති වූ අවස්තාවක සුගලා දේවි විසින් සිටින්න යොදාගත්තා කියලා තමා පත පොතේ සදහන් වෙන්නේ. අදටත් සුගලා දේවියගේ නිර්මාන කියන නටඹුන් දකින්න පුලුවන් . :yes::yes:සුගලා දේවි නිදාගන්න පාවිච්චි කරපු ගල් ඇදක්, නිදන් හොරුන්ගේ ග්‍රහනයට අහු වෙලා සෑහෙන්න විනාශ වෙච්ච චෛතයක නටඹුන් එහමත් බලාගන්න පුලුවන් :(:(

    18.jpg

    • black star එකෙන් පෙන්නන්නේ කවුඩාගල , පොලොන්නරුව මඩකලපු සිමාවේ තියෙන්නේ

    ආයේ යමු කතාවට ;
    දඹුල්ල > හබරණ > පොළොන්නරුව > වැලිකන්ද > පූනානි පහුකරන් වාකනේරියට ආවේ රෑට නවාතැන් ගන්න. වන අලි නිසා කෑම්ප් කිරීම අනතුරුදායක නිසා රජයේ යුද්ධ හමුදා නවාතැන් පොළ රාත්‍රී නවාතැන් සදහා බුක් කරන්නෙ යන අතරමගමයි. (එකේ සත්කාර නම් සිරාම , කෑම බිම එහමත් සුපිරි. )

    ඉර බැසීමට පෙර කන්ද නැගීමේ ආසාව තිබ්බත්, කාල වේලාව අපිට හරස් උනා. බැසයන හිරු රටා මවන සුපුරුදු මනම්පිටිය පාලම උඩ ඉදන් චායාරූප ටිකකුත් අරගෙන මින්නේරියේ ලස්සන අලි රංචුවකුත් බලලා හැන්දෑකොරේ 6.30 වගේ වෙද්දි නවාතැන් පොළට සේන්දු උනේ. පහුවෙනිදා උදේම කවුඩාගල තරණය කරනවා කියලා හිතාගෙන

    උදෑසන ; නැගෙනහිර ට පායන හිරු ඇත්තටම "වාකනේරියට පායන හිරු" අමුතුම ලස්සනක් මැව්වා.:love: නවාතැනින් එලියට බැස්ස ගමන් රේල් පාර, ඊට පස්සේ වැව. ඒ අමුතුම ලස්සන වචන වලට කියන්න බෑ. විදින්නම ඕනේ :) (පල්ලෙහා පින්තුර වලට බාර දෙන්නම්කො ලස්සන කියන්න )

    උදේ කෑමත් අරගෙන නවාතැනට සමුදීලා අපි ගියේ කවුඩාගල නගින්න.
    දේවගල පඤ්ඤාසීහ හිමියන්ගේ භාරකාරත්වය යටතේ පැවති කවුඩාගල ආරන්‍ය සේනාසනය අසලින් මෙම ගමනේ ආරම්භය තිබූ බැවින්ද මෙය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබූ බැවින්ද උන්වහන්සේගේ උදව් උපකාර මේ ගමනේදී මෙහෙවින් වැදගත් වුනා.

    කලින්ම දැනුවත් කරපු නිසා. ලොකු හාමුදුරුවෝ නොසිටියත් විශ්ව විද්‍යාල පුරාවිද්‍යා හදාරණ හිමිනමක් හා ගමේ කොල්ලො දෙන්නෙක් අපට මග පෙන්වන්නන් වශයෙන් ඉදිරිපත් උනා. ඇත්තටම ඔවුන් නොවන්නට අපිට මේ ගමන අසීරු වෙන්න තිබ්බා

    කවුඩාගල ලොකු නැග්මක් තියෙන අමාරු කන්දක් නම් නෙවේ. ලොකුම අවුල තමා දැඩි හිරු රශ්මිය. හැකිතාක් උදේ හෝ හවස නගිනවානම් හොදයි.

    පැතලි ගල් තලාවක් විදියට පටන් ගන්න කවුඩාගල ආරම්භයේම තැන තැන විසිරුණු ගලින් කරන ලද පුරාණ සංඝාවාසයක නටඹුන් දකින්නට පුලුවන්. ඒ වගේම ගල් තලාව මත පිහිටි පුරාණ සෙල්
    ලිපියකින්ද සමන්විතයි.

    කවුඩාගල ප්‍රධාන ලෙසම දිස් වෙන කදු මුදුන් කීපයකින් සමන්විතය . නැගෙනහිර දිශාවෙන් පර්වතය තරණය තරමක් පහසු වේ.

    එපැරණි ගල් කණු කීපයක් නැරඹීමෙන් පසුව ගල් දෙබොකාවක් අතර පිහිටි අතිශයින්ම ගැඹුරු යැයි සැලකෙන දිය නොසිදෙන පොකුණක් අපගේ අවධානය දිනාගත්තේය. :shocked: කවුඩාගල සුගලා දේවියගේ සැගවුම් ස්ථානයක් සේ භාවිතා කොට ඇති බවද ජනප්‍රවාද පවතින අතර එය සනාථ කරමින් ගල් ගුහාවක ඇති සුගලාදේවිය ගේ යැයි සැලකෙන සිතුවමක් අදටත් දක්නට ලැබේ.

    එතනින් පසු වූයේ සීග්‍ර නැග්මකි. වෙලාව 9-9.30 උවත් කට්ට අවුවේ රත් වූ ගලේ සීග්‍ර නැග්ම ඇත්තටම වෙහසට පත් කලා උනත් "දුවන ඉත්තෑවා" :D:D ඊට වඩා බලවත් නිසා ගස් වැල් වල එල්ලිලා හතරගාතෙන් කොහොම හරි මුදුනට ලගා උනා. පුරාවිද්‍යා හාමුදුරුවෝ නම් කලින් නැගලා තියෙන නිසා අපිටත් කලින් නැග්ගා. ඒ නගින ගමන් කලින් අපි නැගපු විජය සොහොන වගේ කදු ගැන පුරාවිද්‍යා තොරතුරු එහම කතා කර කර නැග්ග නිසා අපිට සෑහෙන්න දැනුමක් වගේම ගමනත් ලේසි උනා.

    හතරගාතෙන් බඩගාලා නැග්ගේ ගල් නෙරුමක් සහිත කුඩා ගල් ගුහාවකට. මේ ගුහාව එකපාරටම “නුවරගල” සිහිකලා. ඒ තරම්ම ලොකු නැති උනත් වීව් එකනම් නුවරගල ටත් වඩා සුපිරි ..

    පොකුණු රාශියක් හා ගල්ගුහාවන්ට තෝතැන්නක් උනු නිදන් හොරුන්ගෙන් නොනවත්වා දූශනයට ලක් උනු බව පෙන්නන කවුඩාගලේ තවත් ගුහා කිහිපයක් නරඹලා හෙමින් මුදුනට ලං උනා.

    පැතලි කවාකාර මුදුනක් සහිත නිසා 360• ක මනරම් දර්ශනයක් බලාගන්න පුලුවන්. ඉංග්‍රීසි සමයේදි මෙය ඔත්තු බලන ස්ථානයක්.:shocked: ලෙසද පවත්වාගෙන ගිය බව වාර්තා වල සදහන් වෙනවා.

    දැඩි අවුරශ්මිය නිසා හා ගෙන ගිය වතුර බෝතල් ඉවර වෙන තත්වයක් තිබ්බ නිසා අපි හෙමින් නැවතත් පල්ලම් බහින්න පටන් ගත්තා. තවත් පොඩි පොඩි ගල් ගුහා කිහිපයක් බලාගෙන විශේෂ ම ස්ථානයකට ආවා

    මේක කියවන උබලාට ඇත්තටම ප්‍රශ්නයක් ඇති ඇයි බන් මේකට කවුඩාගල කියන්නේ කියලා? :confused::confused:

    සෙමින් සෙමින් අප පැමිනියේ සාපේක්ශව විශාල ගුහාවකට ; ගමනේ හම්බුන අනෙක් ගුහාවන් ඔක්කොටම වඩා මේක විශාලයි. ගල් බිත්තිය මත වූ අපූරු සිතුවමට නිකන්ම ඇස යොමු උනා. බිත්තිය පුරා පැතිර තිබුනෙ විශාල කවුඩෙක්ගේ රූපයක්. කාලය සමග මදක් දුර්වර්ණ වෙලා තිබ්බත් තාමත් ඉතාම හොද තත්වයේ තියෙනවා. මෙතන මෙහම සිතුවමක් ඇදීමෙ හේතුව අදටත් රහසක්. :shocked:
    ඔන්න ඔය කවුඩාගෙ රුව නිසා මේ ගලට කවුඩාගල කියලා නම වැටුනා කියන එක නම් රහසක් නෙවේ...

    දැඩි අවුරශ්මියෙන් හෙම්බත් වෙලා හිටපු අපි සෙමින් සෙමින් නැවතත් ආරණය සේනාසනෙට ඇවිත් ලිදේ වතුරින් අතපය පොඩ්ඩක් හෝදාගෙන හාමුදුරුවන් ටත් ලොකු හාමුදුරුවන්ටත්
    ගමේ කොල්ලො දෙන්නාටත් පිං දීලා ආපහු කුරුණෑගල බලා එන්න ටුක් ටුක් එකට ගොඩ උනේ එන ගමන් පරාක්‍රම සමුද්‍රයෙන් නාගෙනම යන බලාපොරොත්තුවෙන් ....

    2.jpg

    • බැසයන හිරු රටාමවන මනම්පිටිය පාලමේ ඉදන්


    1.jpg

    • වාකනේරියේ උදේ හිරුරැස් විදිමින්

    15.jpg

    • දිව්‍යලෝකේ නෙවේ ලංකාවේ උදේ ඉර පායද්දි

    14.jpg



    13.jpg

    • කවුඩාගල ගමේ ඉදන්..

    19.jpg

    • ආරණ්‍ය සේනාසනය

    12.jpg

    • පුරාණ සංඝාවාසයේ නටඹුන්

    11.jpg

    • දිය නොසිදෙන පොකුණ..

    10.jpg

    • සුගලාදෙවිගේ සිතුවම..

    5.jpg

    • සීග්‍ර නැග්මක් හතරගාතෙන් ..

    4.jpg


    • නුවරගල වගේමයි :shocked: ..

    7.jpg

    • මුදුනේ සිට..

    16.jpg

    • උතුර දකුණ , ගල මුදුනේ සිට ..

    8.jpg

    • මේ පොකුණ මෑතකාලීනව වනගතව විසු භික්ෂුවකගේ පරිහරණයට තනපු එකක් ලු ..:yes:

    17.jpg

    • කවුඩා ගේ සිතුවම

    3.jpg

    • තුන්සක රියේ ව්ක්‍රමයට ගිය අපේ සෙට් එක


    තවත් ට්‍රැවල් රිපෝට් එකකින් හම්බෙමු.;)
    වටිනවා වගේ නම් රෙප් ටිකක් එහම දිගෙනම යන්.....:love::love:
     
    Last edited: