මට ඉස්සර සුජීව පෙන්නන්න බෑ. දැනුත් වෙනසක් නෑ. හැබැයි පොඩි දෙයක් තියනවා. මම හරියට
පොත් කියවන කෙනෙක්. හොඳ සාහිත්‍ය පොත් කියවන්නෙ. මගෙ ලොකු අම්මයි ( වයසට ගිහිල්ලත්) ,
නෑදෑ අක්කයි සුජීවගෙ පොතුයි සඟරයි ගන්නවා. මම කරන්නෙම බයින එක. ඒ වගෙ බොලඳ කතා
කියවන්නෙ ඇයි කියලා අහනවා. දවසක් මට බලන්න පොතක් නෑ. සුජීවගෙ බොඳ මීදුම් පොත සාලෙ
තියනවා පේනවා. මට දැන් ගන්න ලැජ්ජයි කියවන්න. මම කියලා තිබ්බ ඒවගෙ හැටියට රෙද්දක් ඇදන් මට ඒක කියවන්න බෑ. මම කොහොමහරි පොත අරන් කියෙව්වා කාටට්ග් හොරෙන්. පොත ගත්තා විතරයි මතක.
කියවලා ඉවරයි. මමම දන් නෑ. පොරගෙ කතා ගලාගෙන යනවා හරි ඉක්මනට. අමුතු රසේකුත් තියනවා. ඒත්
අදටත් මට ඒවා කියවන්න හිතෙන්නෙ නෑ. සමහර විට කියවන්න ඕනෙ උනත් මගෙ හිත ඇතුලෙ මම
කියවන්නෙ සාහිත්‍ය වටිනාකමක් තියෙන පොත් විතරයි කියන එක තියන හින්දා මාව බලෙන්ම වගේ එවගෙන්
ඈත් වෙනවා. ඌ ලගඳි පොතක් ලියනවලු පාතාල පොරක් ගැන. ආනන්ද රාජ පෙමින් කියලා. මම මේ බලන්නෙ
මූ පාතාලෙ ගැන කොහොම ලියයිද කියලා. චින්තක අමරසිංහල මැරිලා ඉන්න සොහොන් වලිනුත් යයිද දන්නෙ නෑ.