සුත්‍ර_පිටකය_(මහමෙව්නාව)

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
සුත්‍ර_පිටකය_(මහමෙව්නාව)

~ සූත්‍ර පිටකය ~
https://sutta.mahamevnawa.lk


~ හැඳින්වීම ~
https://sutta.mahamevnawa.lk/introduction

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් මුළුල්ලේ දෙව් මිනිස් ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය සූත්‍ර, විනය හා අභිධර්මය වශයෙන් පිටක තුනක් ලෙස බෙදා දැක්විය හැකිය. එම ත්‍රිපිටක ධර්මය උතුම් සංගායනා තුනකින් සුරක්ෂිතව, නිකෙලෙස් මහරහතන් වහන්සේලා විසින් ශිෂ්‍යානුශිෂ්‍ය භාණක පරම්පරාවෙන් රැගෙනවිත් පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට දායාද විය. සිංහල මහරහතන් වහන්සේලා විසින් දිවි දෙවැනි කොට ආරක්ෂා කරමින් එසේ කටපාඩමින් දරාගෙන ආ ත්‍රිපිටක ධර්මය වළගම්බා රජ සමයේදී ග්‍රන්ථාරූඪ කරන ලදී.

එකී ත්‍රිපිටකයෙන්, සූත්‍ර පිටකය - දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුලත් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දීර්ඝ දේශනා ය. සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය, පාථික වර්ගය ලෙස වෙන් කොට ඇති දීඝ නිකායට අයත් සූත්‍ර ගණන 34 කි. මජ්ඣිම නිකායෙහි ඇතුලත් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මධ්‍යම ප්‍රමාණයේ දේශනා ය. මූල පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය ලෙස වෙන් කොට ඇති මජ්ඣිම නිකායට අයත් සූත්‍ර ගණන 152 කි.

සගාථ වර්ගය, නිදාන වර්ගය, ඛන්ධක වර්ගය, සළායතන වර්ගය, මහා වර්ගය යනුවෙන් කොටස් පහකින් යුක්ත වූ සංයුත්ත නිකායෙහි ඇතුලත් වන සූත්‍ර ගණන 7762 කි. සංයුත්ත නිකායෙහි විශේෂ මාතෘකාවන්ට අයත් දේශනා එකට එකතු කොට දක්වා තිබේ. උදාහරණයක් ලෙස පංච උපාදානස්කන්ධය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවල වදාළ දේශනා සියල්ල ඛන්ධ සංයුත්තයෙහිත්, පටිච්ච සමුප්පාදය ගැන වදාළ දේශනා අභිසමය සංයුත්තයෙහිත්, දීර්ඝ සසර ගැන වදාළ දේශනා අනමතග්ග සංයුත්තයෙහිත්, චතුරාර්ය සත්‍යය ගැන වදාළ දේශනා සච්ච සංයුත්තයෙහිත් ආදී වශයෙන් සංග්‍රහ වී තිබේ.

අංගුත්තර නිකායෙහි ඇතුලත් වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් අංක වශයෙන් වදාළ දෙසුම්වල එකතුවයි. එනම්, කරුණු එක බැගින් වදාළ දේශනා එකතුව ඒකක නිපාතය ලෙසත්, කරුණු දෙක බැගින් වදාළ දේශනා එකතුව දුක නිපාතය ලෙසත්, කරුණු තුන බැගින් වදාළ දේශනා එකතුව තික නිපාතය ලෙසත් ආදී වශයෙන් ඒකාදසක (එකොළොස්වෙනි) නිපාතය දක්වා සංග්‍රහ වී ඇති අංගුත්තර නිකායෙහි සම්පූර්ණ සූත්‍ර ගණන 9557 කි.

භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද කුඩා දෙසුම් ඇතුලත් වන්නේ ඛුද්දක නිකායෙහි ය. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන පාළි, ඉතිවුත්තක, සුත්ත නිපාතය, විමානවත්ථු, පේතවත්ථු, ථේරගාථා, ථේරීගාථා, ජාතක පාළි, නිද්දේස පාළි, පටිසම්භිදාමග්ගප්පකරණ, අපදාන පාළි, බුද්ධවංස, චරියාපිටක, නෙත්තිප්පකරණ සහ පේටකෝපදේස යන ග්‍රන්ථයන්ගෙන් ඛුද්දක නිකාය සමන්විත වේ. ‍

අපගේ මෙම වෙබ් අඩවියෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලට පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයට අයත් දෙසුම් ඇතුලත් වේ. එම දෙසුම් පරම පිරිසිදු බුද්ධ භාෂිතය වන පාළි දෙසුම් ද සමග මෙහි ඇතුලත් කොට තිබෙන අතර තවමත් පාළි කොටස් ඇතුලත් කොට නොමැති දේශනාවලට ඉදිරියේදී පාළි කොටස් ඇතුලත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
මෙහි ඇතුලත් දේශනාවන්හි සඳහන් වන සියලු පාළි කොටස් ඡට්ඨ සංගායනා පාළි ත්‍රිපිටක වෙබ් අඩවියෙන් උපුටාගෙන බුද්ධ ජයන්ති පාළි ත්‍රිපිටකය (2019 ජනවාරි 05 දින ශ්‍රී ලංකා රජය මගින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද) මුල් කරගෙන පළකොට තිබේ.
ඛුද්දක නිකායට අයත් දෙසුම්වලින් මෙහි ඇතුලත් කොට ඇත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මේ වන විට පරිවර්තනය කොට ඇති දේශනා පමණි.

………..
…..


+++++++++++++++++++++++++++++++
කියවන්න, ඉගනගන්න කැමති සියලු දෙනාට දැන ගන්න bump එකක් දාගෙන යන්න
+++++++++++++++++++++++++++++++​
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මහ මෙව්නාවෙ විනය පිටකයයි අභිධර්ම පිටකයයි දෙකෙත් ලින්ක් එක දාන්නකො මචං ඩවුන් කරගන්න.

    ස්තූතියි....
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මහ මෙව්නාවෙ විනය පිටකයයි අභිධර්ම පිටකයයි දෙකෙත් ලින්ක් එක දාන්නකො මචං ඩවුන් කරගන්න.

    ස්තූතියි....

    සුත්‍ර පිටකය විතරයි මචන් මහමෙව්නාවෙන් දැනට publish කරලා තියෙන්නේ. විනය පිටකයත් පරිවර්තනය කරලා ඇති සමහරවිට හැබැයි ස්වාමින්වහසේලගේ පාවිච්චියට. publish කරලා නැහැ දන්නා තරමින්. මට ආරංචි උනොත්, ලින්ක් හම්බ උනොත් දාන්නම් මචං… :yes: :yes: :)

    මේ තියෙන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පෙළ. මෙතනින් ගන්න දැනට.

    https://tipitaka.wordpress.com/
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සුත්‍ර පිටකය විතරයි මචන් මහමෙව්නාවෙන් දැනට publish කරලා තියෙන්නේ. විනය පිටකයත් පරිවර්තනය කරලා ඇති සමහරවිට හැබැයි ස්වාමින්වහසේලගේ පාවිච්චියට. publish කරලා නැහැ දන්නා තරමින්. මට ආරංචි උනොත්, ලින්ක් හම්බ උනොත් දාන්නම් මචං… :yes: :yes: :)

    මේ තියෙන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ පෙළ. මෙතනින් ගන්න දැනට.

    https://tipitaka.wordpress.com/

    ගොඩක් පින් මචං :love:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගොඩක් පින් මචං :love:

    11.gif
    11.gif
    11.gif
    :)
     

    thari_on

    Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    හොද වැඩක්

    මේ ලින්ක් වල ත්‍රිපිටකය Pdf නොමිලේම භාගත කරගෙන කියවිය හැකියි. හැබැයි සරළ සිංහලෙන් නෙමෙයි තියෙන්නෙ. හරියට සිංහල සාහිත්‍යය පොතේ උම්මග්ග ජාතකේ වගේ. :D:D:D

    https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
    https://pitaka.lk/books/
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ ලින්ක් වල ත්‍රිපිටකය Pdf නොමිලේම භාගත කරගෙන කියවිය හැකියි. හැබැයි සරළ සිංහලෙන් නෙමෙයි තියෙන්නෙ. හරියට සිංහල සාහිත්‍යය පොතේ උම්මග්ග ජාතකේ වගේ. :D:D:D

    https://www.sjp.ac.lk/news/download-theravada-tripitaka/
    https://pitaka.lk/books/

    පාළි කියවන්න ඉගන ගන්න ඕන බන් ඕවා කියවන්න. අර බුද්ධ ජයන්ති පොතුත් එහෙමයි. ඒ සිංහල අපි කතා කරන ඒවා නෙවේ නේ. අනිත් එක පාළි වෙන භාෂාවක්. එකේ සමහර වචන වලට සිංහල තේරුම් නෑ. එතකොට ඒ ඒ ධර්ම කරුණු වලට කෙටි විස්තරයක් තමයි කරන්න තියෙන්නේ. ඔය පාලි දන්න අය දන්නවා.

    දැන් cloud computing කිවුවොත් "ආකාස පරිගණකකරණය" කියලා හරියන්නේ නෑ නේ? ඒක විස්තර කරන්න වෙනවා. ඒ විතරක් නෙවේ ඒක cloud computing දන්න කෙනෙක් කියන්න වෙනවා.

    ඒ වගේ ත්‍රිපිටක පරිවර්තනයේදී අනිවාර්යෙන්ම පාලි හොඳට දන්න ධර්මය හොඳට කියවලා හොඳ දහම් දැනුමක් තියන කෙනෙක් වෙන්න ඕන පරිවර්තනය කරන්න.

    මොකද සිංහල පරිවර්තනයේ අරමුණ වෙන්න ඕන ඒ කියන ධර්ම කරුණ කියවලා ත්රුම් ගන්න පුළුවන් වෙන එක. බහුතරෙකට තේරෙන්න නැතුව ඉතාම හොඳ සිංහල-පාලි භාෂා අවබෝදයක් තියන යට විතරක් තේරිලා තේරුමක් නෑ නේ? :)
     
    • Like
    Reactions: S_M_S