සුද්දගෙ කාලෙ ලංකාවේ විහිලු සහගත කුරිරු බද
සුද්දන්ගෙ කාලෙ ලංකාවේ පැවති විහිලු සහගත සහ කුරිරු බදු
බදු කියන සංකල්පය අපේ ඉතිහාස පුරාවටම දකින්නට හැකියාව තිබෙනවා. මෙහි පැරණිතම සාක්ෂිය හමුවන්නේ ක්‍රි.ව. 03 තරම් ඈත කාලයෙනුයි. එහිදී ගොවිතැන් කිරීම සඳහා ලබා ගන්නා ජලය වෙනුවෙන් “දකපති”නමින් හඳුන්වන බද්දක් අයකර තිබෙනවා. ජලයට මෙහෙම බදු අයකරනවා වගේම ධාන්‍ය වලටත් අතීත ලංකාවේ බදු අය කරලා තිබෙනවා. “භෝකජපති/බොජියපති/බෙජිපෙත” නමින් හඳුන්වා තිබෙනවා. මෙහි සරල තේරුම වන්නේ භෝජකයාගේ කොටස යන අදහසයි. මෙයට අමතරව අනුරාධපුර යුගයේ දේශීය විදේශීය ආනයන අපනයන වෙළඳාමේ ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වන කාලයකත් මන්නාරම (මහාතිත්ථ), හම්බන්තොට (ගොඩවාය) වරායන් වල “මහාපටුලද්ද” නමින් හැඳින්වෙන ආනයන අපනයන බදු අයකරන නිලධාරින් සිටි බව සඳහන් වෙනවා.
රජකාලයේ පටන් මෙරට ජනතාවගෙන් අයකරගත් විවිධ බදු ගැන රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්ථයේද සඳහන් වනවා. වසරකට තුන් වතාවක් සාමාන්‍ය ජනතාව විසින් භූමියේ අයිතිකරු වූ රජුට බදු ගෙවා ඇති අතර ඒවා බොහෝ විට මීපැණි, තෙල්, ධාන්‍ය වැනි ද්‍රව්‍ය වලින් ගෙවන ලද බද්දක් වී තිබෙනවා. පසු කාලීනව මෙරට පාලනය කල ඉංග්‍රීසි, ලන්දේසින් යටතේද පනවන ලද ඉතාම විහිලු සහ කෘර සහගත බදු තිබී තිබෙනවා.
වර්තමානයේත් වැට් බද්දක් නිසා ජනතාව බදු ගැන අවධියෙන් සිටින වෙලාවේ අනිවා අපි කල්පනා කළා ලංකාවේ යටත්විජිත පාලන සමයේ පනවපු බදු මොනවද කියන එක ගැන පොඩි සොයා බැලීමක් කරන්නට.
1. මහ බද්ද
Source – lankapura.com
සලාගම කුලයේ ජනතාව පැතිරී තිබු කුරුඳු වෙළඳාම, පෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඔවුන් අතට පත් වුනා, එහිදී ජනතාව අතර තිබු කුරුඳු වඩ වඩාත් රජය වෙතට ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස කුරුඳු සඳහා බද්දක් පැනෙව්වා. මෙය හඳුන්වනු ලැබුවේ මහ බද්ද නමින්. මුදල් වලින් හෝ කුරුඳු වලින් ගෙවිය හැකිව තිබු මේ බද්ද ගෙවන්නට එකල සලාගම ජනතාවට සිදු වුනා. මෙය භාරව මුදලි, විදානේ වගේ නිලධාරීන් එහෙමත් ඉදලා තියෙනවා. එතකොට ඒකට අයත්වන සලාගම මිනිස්සු ආණ්ඩුව වෙනුවෙන් නිශ්චිත කුරුඳු ප්‍රමාණයක් තලලා දෙන්න ඕනේ.
2. ඇඟ බද්ද
Source – lankapura.com
ඉංග්‍රීසි ජාතිකයින් මෙරට යටත් කරගත් පසුව ජනතාවට ගෙවන්නට වූ බද්දකි. පිරිමි දරුවෙකු වැඩිහිටි පුරුෂයෙකු බවට පත්වූ පසු මේ බද්ද ගෙවන්නට නියම වි., බද්ද ගෙවන්නට වත්කමක් නැති අය හට සුදු ජාතිකයින් තනනා පාරවල් වල වැඩවලට දින හයක් තම දායකත්වය දීමෙන් ගෙවන්නට හැකි වුනා. 1848 දී සිදුවූ මාතලේ කැරැල්ල පැණ නැගීමටද මේ පීඩාකාරී ඇඟ බද්ද ප්‍රබල හේතුවක් වුනා.
3. මරාල බද්ද
Source – travablue.com
මිනිසෙකු මියගිය පසු ඔහු ජිවත්ව සිටි කාලයේ භාවිතා කල දේපල සහ ඉතුරුම් වල ප්‍රතිශතයක් බද්දක් ලෙස ගෙවන ක්‍රමයක් ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ සිදුවුනා. මෙය මැරුණු පසු ගෙවන ලද බද්ද හෙවත් මරාල බද්ද ලෙසින් හැඳින්වුනා. මේ බදු එකතුකිරීම සම්බන්ධව පත්කරන ලද මරාල විදානේ නම් නිලතලයක්ද එකල පැවතුනා. මේ මරාල බද්ද උඩරට රාජධානි කාලයේදීත් පනවා තිබුන බව රොබර්ට් නොක්ස් තම ලියවිලි හරහා පවසනවා.
ඊට අමතරව තවත් මතයක් තිබෙනවා මේ මරාල බද්ද ගැන. ඒ තමයි යම් හෙයකින් තමන්ගේ අසල්වැසියා කුමන හෝ ආකාරයකින් ජිවිත හානි කරගෙන තිබේනම්, ඒ මියගිය පුද්ගලයා ජිවත් වෙන නිවාස අසලම ජිවත් වෙන පුද්ගලයාට මියගිය පුද්ගලයා ගැන හරිහැටි සොයා නොබැලීම නිසා මියගිය බවට නිගමනය කර දඩ මුදලක් රජයට ගෙවිය යුතු වීම හඳුන්වන්නේ මරාල බද්ද නමින් බවයි.
අපි ජිවත් වන වර්තමාන සමාජයෙන් තමන්ට සම්බන්ධයක් නොමැති දෙයකට අනිවාරතේ සම්බන්ධ වීම “මාර මරාලයක්නේ මට කඩාගෙන වැටුනේ” කියා හඳුන් වන්නට තවමත් අපේ ජනතාව හුරු පුරුදු වී සිටින්නේ මේ නිසා විය හැකියි.
4. ධීවර (මාළු) බද්ද
Source – lankapura.com
ධිවර රැකියාවේ යෙදෙන ජනතාව තමන් ධිවර කර්මාන්තයෙන් උපයන ආදායමෙන් කොටසක් බද්දක් ලෙස ගෙවිය යුතු වුනා. එය කොතරම්ද කියා පැහැදිලි නැතත් මෙවැනි අසාධාරණ ලෙස පනවපු බදු වලින් ලන්දේසි, ඉංග්‍රීසි යුගවල ජනතාව බොහොම පිඩාවට පත් වුනු බව නම් නොරහසක්.
5. පොල් බද්ද
Source – lankapura.com
තමන් ජිවත් වෙන නිවාස පිහිටා ඇති ඉඩමේ පොල් ගසක් හෝ වැඩි ගණනක් වැවී ඇත්නම් එයට බද්දක් ගෙවන්නට ඉංග්‍රීසි පාලන කාලය තුල නියමව තිබුනා.මේ බද්දෙහි විශේෂත්වය වූයේ බද්ද මුදල් වලින්ම ගෙවීමට සිදු වීමයි. එක් ගසකට එකල රිදී හයක මුදලක් බදු පනවනු ලැබ තිබෙනවා. මින්පෙර එවැනි මුදල් බදු ගෙවීම් නුහුරු අපේ වැසියන්ට මෙය ඉතාම පීඩාකාරී වූ බව පැවසෙනවා. ඊට හේතුව නම් ඵලදාව නොලබන ගස් වලට පවා බදු ගෙවීමට සිදුවීමයි.
6. ඉස්‌තෝප්පු බද්ද
Source – srilanka.for91days.com
තමන් ජිවත් වන නිවාස උළු සෙවිලි කරන්නට මෙන්ම සුදු හුණු පිරියම් කරන්නට ගම ප්‍රධානියාගෙන් අවසර ගත යුතු කාලයක, ගෙහිමියා නිවසට ඉස්තෝප්පුවක් එකතු කලේ නම් එය සඳහා රජයට බදු මුදලක් ගෙවිය යුතු වුවා. බදු නොගෙවා අනවසරයෙන් ඉදිකරන ලද ඉස්තෝප්පු කඩා දැමීමටද කටයුතු කරනු ලැබුවා.
මෙයට හේතුව එකල මේ අකාරයෙන් සුඛෝපභෝගී ලෙස ජිවත් වුයේ ඉහල කුල වල ජනතාව නිසා, ඔවුන්ගෙන් බද්දක් අයකරන්නට රජය සිතු නිසා වන්නට පුළුවන්.
7. තුවක්කු බද්ද
Source – sirimunasiha.wordpress.com
1848 වර්ෂය වනවිට තුවක්කු සඳහාද බදු අය කිරීමට එකල ඉංග්‍රීසීන් විසින් පියවර ගෙන තිබුණා. මේ බදු පැනවීමට එක් හේතුවක්ව තිබෙන්නේ ඒ වකවානුව වන විට කෝපි වගාවෙන් ඔවුන් ලැබූ පාඩු පියවා ගැනීමටයි. මීට අමතරව රට තුළ කැරළි ඇතිවී ඔවුන්ට තර්ජනයක් වෙන එක වළක්වාගන්නටත් මේ බද්ද පැනවුවා විය හැකියි.
8. සෙරෙප්පු බද්ද
තමන්ගේ ධනවත්කම පෙන්වන එක අංගයක් ලෙස පාවහන් ප්‍රචලිත වූ යටත්විජිත පාලන සමයේ සුදු ජාතිකයින්ට පමණක් සීමා වූ සුඛෝපභෝගී ආයිත්තමක් ලෙස සෙරෙප්පු ගණන් ගැනුණා. යම් හෙයකින් ජනතාව අතරේ සෙරෙප්පු පළඳින යම් පුරවැසියෙක් සිටියහොත් ඔවුන්ගෙන් ඒ සඳහා බද්දක් අය කරගන්නට එකල බලධාරීන් ක්‍රියා කළා.
* සෙරෙප්පු වලට මෙහෙම බදු වදිනකොට අතීතයේ සිංහල ජනතාව, තම හේන් වලට යන විට භාවිතා කරන්නට පහසුවන ලෙස ගෝන හමින් සාදන ලද සෙරෙප්පු වලට සමාන ආයිත්තමක් භාවිතා කළා එය හැඳින්වුයේ “වාම්පතුල්” යන නමින්.
9. පාර බද්ද
Source – lankapura.com
ජිවත් වන නිවස සඳහා වෙනම පාරක් භාවිත වෙනවා නම් ඒ සඳහාත් වාර්ෂිකව බද්දක් අයකරනු ලැබුවා. ඒ නිවසකට වෙනම පාරක් පැවතීම සුඛෝපභෝගී ජිවන රටාවක ලක්ෂණයක් ලෙස එකල සැලකූ නිසා.
10. බලු බද්ද
Source – youtube.com
නිවසේ සුරතලයට සුනඛයෙකු ඇති කරනවා නම් ඌ වෙනුවෙන් බද්දක් අය කරන්නට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කළා. බදු නොගෙවන බල්ලන් දියේ ගිල්වා මරා දැමීමටද සිත් පිත් නැති නීතියක් පණවා තිබුණා. නිවසේ ආරක්ෂාවට සහ සත්ව පාලනයට උපකාරී වනු පිණිස බල්ලන් ඇති කිරීම අපේ ගැමියන් අතර සාමාන්‍ය දෙයක් වී තිබුණු එකල මෙය ජනතාව තරයේ හෙලා දැක තිබෙනවා.
11. තන බද්ද (?)
Source – Hubstatic.com
විරපුරන් අප්පු චිත්‍රපටයේ එක තැනෙක මෙන්න මෙහෙම විරිඳුවක් ගැයෙනවා
“ගමේ ගෙදරට සෙනෙහේ පපා සිටි
බලු කුක්කාට මොන බදුද අනේ
තනේ තියෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ”
ඒ කාලයේ ඉතාම අසාධාරණ ලෙස බදු වර්ග වලින් ජනතාවගෙන් මුදල් රජය අය කළා. බලු බද්ද පැනවීමෙන් අනතුරුව ජනතාව අතර “මව්කිරි වලටත් බද්දක් අය කරාවිද කියා” ජනතාව අතරේ මතයක් පැන නැගුනා. එහෙත් ඇත්තටම තන බද්ද කියා එකක් පැනවුයේ නැහැ. එහෙත් ඒ සංකල්පයට හේතු පාදක වුනේ ඉහත සිදුවීම තමා.
Cover Image Source – lankapura.com
Source: http://www.aniwa.lk/2016/09/15/1809154-11-lol-worthy-and-cruel-taxes-from-colonial-ceylon/

Last edited: