සුද්දට කඩේ යාම

Mar 16, 2012
310
132
0
සුද්දට කඩේ යාම

පීටසන් ODI ක්‍රිකට් වලින් විශ්‍රාම අරගෙන මේකට හේතුව විදිහට කියන්නෙ නවක ක්‍රීඩකයෙකුට ඊලග ලෝක කුසලානෙට සූදානම් වෙන්න කාලය දෙන්න සහ තමන්ගෙ වයස දැන් අවුරුදු 32 ක වීගෙන යන නිසා තමන්ගෙ ශාරීරික යෝග්‍යතාවය අඩුවීම කියලයි මිනිහ කියන්නෙ. ඇත්තටම මේක ලංකාවෙ වවාගෙන කන ක්‍රීඩකයන්ට විතරක් නෙමේ හැම ක්ශේස්ත්‍රයකම වවගෙන කන්නන්ට හොද ආදර්ශයක් කියලයි කියන්න තියෙන්න. ODI වලින් අයින් උනාම එන්ගලන්තෙ ක්‍රිකට් නීති අනුව නිකන්ම 20 20 වලිනුත් අයින් වෙනව... ඒ කියන්නෙ දෙකෙන්ම විශ්‍රාම ගැනෙනව කියන එක
හැම වෙලේම සුද්දට බැන බැන ඉන්නෙ නැතුව සුද්දගෙන් හරි ආදර්ශයක් ගන්න පුලුවන්නම් ඕන් ලොකු දෙයක්

සුද්දගෙ හැම කුණු ගොඩක්ම අපි නැහැ ගන්නෙ.......
සුද්ද උනත් හොද දේවල් විතරයි ගන්නෙ........
http://www.espncricinfo.com/england/content/current/story/566801.html

PS:සුද්දට කඩේ යාමක් කියල හිතන අය ඉන්නව නම් ඒ සිතුවිල්ල මම වෙනස් කරන්න යන්නෙ නැහැ
 
  • Like
Reactions: Srilankan1

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපේ උන් සුද්දගෙ හරය අයින් කරලා පොත්ත බදාගෙන,
සිංහලකමේ හරය අයින්කරලා පොත්ත බදාගෙන,අපි මේ යන්නෙ කොහෙද කියන එක කවුරුවත් දන්නෙ නෑ. කාටවත් දැනගන්න උවමනාවකුත් නෑ. :dull:
 
Mar 16, 2012
310
132
0
අපේ උන් සුද්දගෙ හරය අයින් කරලා පොත්ත බදාගෙන,
සිංහලකමේ හරය අයින්කරලා පොත්ත බදාගෙන,අපි මේ යන්නෙ කොහෙද කියන එක කවුරුවත් දන්නෙ නෑ. කාටවත් දැනගන්න උවමනාවකුත් නෑ. :dull:
True..............
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    CSN නාලිකාව ජනපති පුතුන්ගේ – ශ්‍රී ලංකා ක්‍රි&

    ඉදිරි වසර තුන සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබාදෙන ලද සීඑස්එන් (CSN) නාලිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් වූවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    කෙසේ වුවද ඉදිරි වසර තුන සඳහා එම නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදුන්නේ එය ජනපති පුතුන්ගේ නාලිකාවක් නිසා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශය ට පැවසීය.

    “ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුතුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ?,” ඔහු ප්‍රශ්න කළේය.

    අදාළ ගනුදෙනුවේදී තමන්ට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවත්, එහිදී සියල්ල ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවූ බවත් අවධාරණය කරන සභාපතිවරයා, වසර තුනක් සඳහා සීඑස්එන් නාලිකාව මුලින් ඉදිරිපත් කළ මුදලට වඩා මුදලක් දෙපාර්ශවය අතර සාකච්ඡාවෙන් අනතුරුව එකඟවූ බවද කියා සිටියේය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක පදවියද හොබවයි.

    “මේ අවස්ථාවේ කිසිම දෙයක් නීතියට පටහැනිව කරලා නැති” බවද උපාලි ධර්මදාස සභාපති වරයා බීබීසී සංදේශය ට පැවසීය.

    මේ පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, සීඑස්එන් නාලිකාවට රුපියල් මිලියන 125 කට විකාශන අයිතිය විකිණීම මගින් ශ්‍රී ලංකා රාජ්‍යයට රුපියල් මිලියන 3000 ක පමණ ආදායමක් අහිමි වී ඇති බවයි.

    නමුත් එය ප්‍රතික්ෂේප කරන උපාලි ධර්මදාස සභාපති වරයා සඳහන් කරන්නේ, ඉදිරි වසර තුන ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ ජාත්‍යන්තර කණ්ඩායම් සීමිත ප්‍රමාණයක් බැවින් තමන්ට කිසිසේත්ම එවැනි ආදායමක් ලැබීමේ හැකියාවක් නොතිබුණු බව.

    නිශාන්ත රණතුංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් පදවිය සඳහා තරග කිරීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය පළවී තිබෙන බැවින්, ඔහු සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක පදවියද දැරීම මගින් බැඳීම් අතර ගැටුමක් (Conflict of interest) හටගෙන තිබෙන බවට එල්ලවන චෝදනාවද සභාපතිවරයා ප්‍රතික්ෂේප කරයි.