සුද්දට වැඩේ දෙල්වෙන ලකුණු,

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සුද්දට වැඩේ දෙල්වෙන ලකුණු,

    scotland.jpg


    ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ඉදිරියේදී පිළිගන්වාද නැද්ද යන්න පිළිබඳව වන ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා වන එකඟතා ගිවිසුමකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හා ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් ඇල්මන් අතර ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
    මෙම ගිවිසුමට අනුව 2014 වසරේදී ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න එහි ජනතාවගේ කැමැත්ත විමසීම වෙනුවෙන් වන ජනමත විචාරණය පැවැත්වෙනු ඇති.
    සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ සමස්ත බ්‍රිතාන්‍යම එක්ව විසීමෙන් වඩා ශක්තිමත්ම ගැටළු සඳහා මුහුණදීමට හැකිවන බවයි.
    ස්කොට්ලන්තයේ පසුගිය සමයේ පැවති මැතිවරණයන්ගෙන් එස්.එන්.කේ. නමැති පක්ෂය ජයගැනීමෙන් අනතුරුව ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන කතාබහ වැඩිවී තිබුණේ එම පක්ෂය ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් වන මතවාදය දිගින් දිගටම ඉදිරියට ගිය පක්ෂයක් වන බැවිනි.
    ස්කොට්ලන්තය මහ බ්‍රිතාන්‍යයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පැවතුනහොත් මහ බ්‍රිතාන්‍යයට හිමිවන්නේ වේල්සය, එංගලන්තය හා උතුරු අයර්ලන්තය යන ප්‍රාන්ත රාජ්‍යයන් පමණි.



    *** දැන් තියෙන්නේ සුද්දට,ඔහෙන්ම කොහෙන් හරි,දෙමල කොටින්ට,ඊලමකුත් හදල දෙන්ඩ. :lol::lol:
     
    • Like
    Reactions: kasun69