කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීමට අක්කර දහසක් පරිත්‍යාග කර කොළඹ ආනන්ද විදුහල හා වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්ධය රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවූ අනේපිඬු සිටු පරපුරේ මහමුදලි සිටුවරු විසු වලව්වකි බළපිටියේ මහ කප්පින වලව්ව.
අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද තමන් උපන් රට හා දුප්පත් ජනතාව වෙනුවෙන් නොබියව ඉදිරියට ආ ඉසුරුමත් මහා දානපති ප්‍රභූ පරපුර එදා කරවූ බළපිටියේ රාජපක්ෂ වරු කළා වූ අනුපමේය උදාර මහ සේවාව හිරුනැග එන මොහොතේත්- හිරු බැස යන මොහොතේත් සදා සිහිපත් කළ යුතුය.
කොළඹ - ගාල්ල මහා මාර්ගයේ බළපිටිය තරුණ බෞද්ධ සංගමය හා ගුරු විදුහල මැදින් වැටී ඇති මාර්ගයේ මීටර් සියයක් පමණ දුර ගෙවා ගිය විට මහා කප්පින වලව්ව පිහිටා තිබූ ඓතිහාසික පුණ්‍ය භූමියට ළඟාවිය හැක.
කළුතර ඓතිහාසික බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා උපත ලැබූ නිවසට යාබදව බළපිටිය මාදු ගං සීමාව තෙක් විහිදී පැතිර ගිය අක්කර විසිදෙකකින් පමණ සමන්විත පොල් රුප්පාවක් මැද මෙම සුවිසල් වලව්ව පිහිටා තිබුණි..
ගම්පෙරළිය, විරාගය යන සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම ගම්පෙරළිය හා මඩොල්දූව ටෙලිවෘතාන්ත රූගත කරන ලද්දේ මෙම වලව්ව කේන්ද්‍ර කර ගනිමිනි.
අප රටේ යම් ප්‍රදේශයක වලව් වැඩිම ගණනක් පිහිටා තිබේ නම් ඒ බළපිටියේම පමණක් යැයි සිතේ. වලව් තිස්පහකට වැඩි ගණනක් බළපිටිභුමිය තුළ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුල් වාසය කළ වලව්වල ඉතිහාසය සොයා යෑමේදී වීර මද්දුම බණ්ඩාර පරපුරේ ආදිතමයා වූ ඌවේ රන්දෙණිවේලේදී පරංගි සංහාරය කිරීමට නායකත්වය දුන් දොන් කොස්මෝ විජේසේකර සෙන්පතියා ජන්මලාභය ලැබූ බළපිටිය බ්‍රාහ්මණවත්ත වලව්ව හා සිංහල රජු දවස රුහුණු ජනපද අධිපති ඉසුරුමුණි කප්පින පෙළපතෙන් පැවත එන ප්රභූවරු ජීවත් වූ මහා කප්පින වලව්ව යන වලව් දෙකට බළපිටියේ පිහිටි වලව් අතර ප්රමුඛ තැනක් හිමි වේ.
එදා රට කරවූ කප්පින පෙළපතට අයත් බළපිටියේ රාජපක්ෂවරුන්ගේ අතීත උරුමය සොයා ඉරිදා ලංකාදීපය ගිය ගමනක තොරතුරු ඇතුළත් සටහනකි මේ.
මහ කප්පින වලව් පරපුරට අයත් ආදි වැසියෝ දකුණෙන් බිහිව රට දැය සමය වෙනුවෙන් පෙනී සිටි සම්බුද්ධ ශාසනය රැක ගැනීමට උරදුන් ප්‍රභූවරයන් වූහ.
කප්පින පෙළපතේ ඉතිහාසය පොළොන්නරු අනුරාධපුර යුග දක්වා සිංහල රජදවස තෙක් දිව යයි.
බළපිටිය එදා අතීතයේ හැඳින්වූයේ වැලිතොට නමිනි. මෙහි උපන් ගිහි - පැවිදි බොහෝ විරුවන් තම උගතුන් වියතුන් බිහි වූ තවත් ප්‍රදේශයක් රටේ නැති තරම්ය. බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි විහාරස්ථාන ගණන අසූදෙකකි. කෝවිල් (දේවාල) තිස් ගණනකි. බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ පිහිටි වලව් ගණනද තිස්හයකි.
මුහන්දිරම්, මුදලි, මහ මුදලිවරු ජීවත් වූ නිවාස වලව් ලෙස හැඳින්විණි. බළපිටිය වලව්ව පොකුරේ මුදුන්මල්කඩ මහාකප්පිත වලව්වද අද සංඛේතයක් පමණි.
එදා අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද ස්වකීය රට- ජාතිය- අාගම වෙනුවෙන් පෙනීසිටිමින් ධනය, කාලය, කැපකළ මේ මහා ප්රතාපවත් පරපුරේ අතීත උදාර මහා සේවාව වර්තමාන පරපුරට ආදර්ශයක්ම වනු ඇත.
වර්තමානයේ ජාතියටද අමතකව ගිය කප්පින ප්‍රභූ පරපුරේ ඉතිහාසයේ ඓතිහාසික මෙන්ම වැදගත් රසවත් සිද්ධීන් කීපයක තොරතුරු සොයා දැන් අපි මහ කප්පින වලව්වට පිවිසෙමු.
පෘතුගීසින් ලංකාව පාලනය කළ කාලය තුළ පුත්තලමේ සිට කුඹුක්කන් ආර දක්වා ප්‍රදේශය තොටමුණු හයකට බෙදා පාලනය කර තිබේ. එයින් වැලිතර, වැලිසර, කළුවාමෝදර යන තොටමුණ හතරේ ප්‍රධානීන් වූයේ කප්පින පෙළපතේ ප්රභූන්ය. කුරුඳු වගාවේ මහබද්දේ ප්‍රධාන තනතුරු හොබවන ලද්දේ මොවුන් විසිනි. ලන්දේසි යුගයේදී කප්පින පරපුරේ ශ්‍රේෂ්ඨතම මුදලිවරයා වන්නේ කළුහත් පීටර් ද ආබ්‍රේව් විජයගුණරත්න මහ මුදලිතුමාය.
වර්ෂ 1810 දී ඔහු මියගිය පසු මහමුදලි තනතුරට පත්වන්නේ ඔහුගේ පුතුණුවන් වූ අද්රියන් ද අාබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මුදලිතුමාය. 1811 වසරේදී වයස අවුරුදු හතළිස් හතරේදී මෙම තනතුරු ලැබූ මොහු ලංකා ඉතිහාසයේ එතෙක් - මෙතෙක් පත් වූ ළාබාලතම මහ මුදලිවරයා බවට ඉතිහාසගත වන්නේය.
පෙළපතේ පැරණිම පෙළපත් නාමය ‘‘කප්පින’’ වන අතර ‘‘රාජපක්ෂ’’ යන විරුද නාමය ඉංග්‍රීසින් විසින් මොවුන්ට ප්රදානය කර තිබේ. මැගලියන්, රන්හුළු, හල්ජෝති යන පරම්පරාවන් වාසය කළ මෙම වලව්වේ අවසන් පරම්පරාව කළුහත් පරම්පරාව වේ.
කොළඹ, මාළිගාකන්දේ වලව්වක ජීවත් වූ අද්රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මුදලිතුමා උගත්තු වියත්තු ලෙස ඉංග්‍රීසින් විසින් හඳුනාගෙන තිබුණි. කොළඹ, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල, මරදාන යන ප්‍රදේශ ඇතුළත් භූමි ප්‍රමාණය එතුමාට අයත් කුරුඳු ඉඩම්ය. ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමාගේ කුරුඳු වගා පාලන මධ්‍යස්ථානය පිහිටා තිබූ විශාලතම ඉඩම බව කියති.
ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමිවන්නේ මෙම මහ මුදලිවරයාටය. එතුමා නඩු විසඳන අයුරු දැක්වෙන පින්තූරයක් අදද අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ සවිකර ඇති බව සඳහන් වේ. දොළොස් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක්ද ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයින් හතර දෙනකු බැඳි රියක් පාවිච්චි කිරීමට එකල අවසර තිබුණේද මේ මහා මුදලිවරයාට පමණි.
ගල්කිස්සේ හෝටලය ගොඩනැංවීම සඳහා ආණ්ඩුකාරවරයා යොමුකළේ මොහු විසින් බව උරුමයේ අරුමය ග්‍රන්ථයේ සඳහන් වේ.
ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණි.
එසේම ඔවුනට අවශ්‍ය දේශීය කෑම වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමිව තිබුණේ මෙම මුදලිවරුන්ටය. ලක්දිව ප්‍රථම අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේද මෙතුමාටය.
1819 වසරේදී මෙතුමා විසින් සකස් කළ අධ්‍යාපන ක්‍රමය ‘‘රාජපක්ෂ ක්‍රමය’’ ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි නිර්දේශ මත කොළඹ රාජකීය විදුහල ඇතුළුව පාසල් දෙකක් පිහිටුවා ඇත.
වයස අවුරුදු පනස් හතේදී මෙම මහ මුදලිතුමාගේ අභාවය සිදුවීමෙන් අනතුරුව 1824 වසරේදී මහ මුදලි ධුරයට පත්වනුයේ එතුමාගේ ඥාති සොහායුරකු වූ අද්රියන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිවරයාය.
1830 වසරේදී මහා බද්දේ ඒකාධිකාරය අවසන් වීමෙන් පසු කුරුඳු එ්කාධිකාරය අදිරියන් රාජපක්ෂ මුදලිතුමාට යටතට ගැනෙන අතර කුරුඳු පිටරට යැවීමේ මුල්ම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිවන්නේ බළපිටිය මහා කප්පින වලව්වේ මෙම මුදලිතුමාටය. ඒ හේතුවෙන් මහා විශාල ධනස්කන්ධයක් රටට ඇදී ආ බවත් එම මහා ධනස්කන්ධය මහා කප්පින වලව්ව කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ ශාසනික හා සමාජ මෙහෙවරට යොදවා ඇති බවට සාක්ෂි රැසකි.
ගල්වෙහෙර කළුහත් අද්රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්ෂ මුදලිතුමා හල්ජෝති කැරොලයින් ද සොයිසා විජය සිරිවර්ධන ළමා තැනී සමඟ විවාහයෙන් අනතුරුව කප්පින වලව්ව කලුහත් පරපුරට අයිති වූ බව කියති.
විවිධ කාලවකවානුවල පැවති ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වෙමින් ඉදිරියට ආ කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කරන්නේ අද්රියන් රාජපක්ෂ මුදලිතුමා විසිනි.
වලව්ව සෑදීමට මුල්ගල තැබූ සුභ මොහොතේ එහි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින් කිරි ඉබ්බකු පොළොවෙන් මතු වී තිබේ. අත්තිවාරම කැපීමේදී ඇති වු මෙම සිද්ධියෙන් මුදලිතුමාගේ හිත කනස්සලු තත්ත්වයක පත්වුණද එහි සිටි දෛවඥයන් මුදලිතුමාට පවසා ඇත්තේ මේ ගැන සතුටු වන ලෙසය. විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් දෙවන අවතාරය ලෙස ගැනෙන ඉදිබුවා (ඉබ්බා) පොළොව උසුලාගෙන සිටින බැවින් මෙය සුභ ලකුණක් බව දෛවඥයන් මුදලිතුමාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු අතිශය සතුටට පත් ඔහු කිරිඉබ්බා ගමන් කරන ලද වට ප්‍රමාණයේ ලණු ඇද අත්තිවාරම් කපා වලව්ව ඉදිකළ බවට ජනප්‍රවාදයන්හි සඳහන් වේ.
වලව්ව ඉදිරිපස එකදිගට තුන්පසකට විහිදී ගිය ආලන්දයකින් හා විශාල උස් කණු සහිත මහත් අභිමානවත් හා ප්රතාපවත් ලෙස ඉදිකර තිබුණි. මැද මිදුලත් නිදන කාමර, නාන කාමර, ප්‍රධාන සාලය ඇතුළු සාලවල් තුනකින්, විශාල කෑම කාමරයකින් සමන්විත කප්පින වලව්වේ විශාල මුළුතැන්ගෙයක් හා සේවක කාරකාදීන්ට වෙන් වූ කාමරද තිබී ඇත.
කෑම කාමරයේ කෑම මේසයට ඉහළින් ඝනකම් හා අලංකාර වියනක් ඇද තිබූ අතර පොල්ලක දිග් අතට ඇද තිබූ ලණුව එළියේ සිට සේවකයකු අදින විට මුදලිවරුන් ඇතුළු පවුලේ අය කෑම ගනිමින් සිට ඇති අතර එයින් විදුලි පංකාවකින් මෙන් සුළං හමන බව පැරැන්නෝ කියති. එමෙන්ම වලව්වේ හා වතුවල වැඩකිරීම සඳහා විශාල සේවක පිරිසක් සිටි බවද ඔවුහු පවසති.
------ Post added on Feb 5, 2023 at 7:27 PM