සුදු අම්මා වෙත
සුදු අම්මා වෙත,
නුඹත් එහෙනම් යන්නම ගියාද
මහගෙදර තනිකර මහප්පා ළඟට
නැවත නොඑන්නට
සොඳුරු ඉසව්වට
ලොකු අම්මා ඇවිත්ද
මතක් කළා කියන්න
ලොකු මහප්පා ඇවිත්ද
මතක් කළා කියන්න
මහප්පත් ඇවිත්ද
මතක් කළා කියන්න
නුඹත් එහෙනම්
මතකයක්ම වුණිද
ආච්චි හොඳින්ද
මිදුල දැන් හරි හැඩියි
සීයාට කොහොමද
මහගේත් පාළුයි
ලොකු පුතා සතුටින්ද
උඩහ දැන් කලබලයි
නුඹ ගැනම වෙහෙසී
චූටි දැන් කලබලයි
ආච්චි නැති අඩුව
පිරෙව්වේ නුඹමයි
ඇගේ රුව නුඹ දුටුව
මොහොතේම හිත පුරයි
නුඹෙ අඩුව පුරන්නට
දැන් කවුරු කොහොමෙයි
ඒවිදෝ මා හට
හැමදාම හරි සැකයි
-මාලන් විදානපතිරණ
සුදු අම්මා වෙත,
නුඹත් එහෙනම් යන්නම ගියාද
මහගෙදර තනිකර මහප්පා ළඟට
නැවත නොඑන්නට
සොඳුරු ඉසව්වට
ලොකු අම්මා ඇවිත්ද
මතක් කළා කියන්න
ලොකු මහප්පා ඇවිත්ද
මතක් කළා කියන්න
මහප්පත් ඇවිත්ද
මතක් කළා කියන්න
නුඹත් එහෙනම්
මතකයක්ම වුණිද
ආච්චි හොඳින්ද
මිදුල දැන් හරි හැඩියි
සීයාට කොහොමද
මහගේත් පාළුයි
ලොකු පුතා සතුටින්ද
උඩහ දැන් කලබලයි
නුඹ ගැනම වෙහෙසී
චූටි දැන් කලබලයි
ආච්චි නැති අඩුව
පිරෙව්වේ නුඹමයි
ඇගේ රුව නුඹ දුටුව
මොහොතේම හිත පුරයි
නුඹෙ අඩුව පුරන්නට
දැන් කවුරු කොහොමෙයි
ඒවිදෝ මා හට
හැමදාම හරි සැකයි
-මාලන් විදානපතිරණ


සුදු අම්මිනේ...
කොහොම හරි පට්ට නිසදෙස
සුදු අම්මා කියලා කවියට දැම්මට අපි නම් හැබැයි නෑදැකමට කියන්නේ සුදු මම්මා කියලයි.