ඔතන ඔය වීඩියෝ එක එඩිට් කරලා කියන්නෙ ප්රවෘත්ති වලට සංස්කරණය කරා කියන එක. එහෙම නැතුව නොකියපු දෙයක් වීඩියෝ එකේ තියෙනවා කියන එක නෙමෙයි.
රු. 2500 ගැනනම් කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දෙදි පොරොන්දු දෙනවා කියන එක සහ ඒවාගෙන් සමහර දේවල් ඉටු කරන්නෙ නෑ කියන එක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි. අනික දැන් මිනිස්සු බඩු මිල, පඩිය ගැන හිතලා ඡන්දෙ දෙන්නෙ නෑ. අද අපේ රට ගොඩක් පස්සෙ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඒ වගේ ආකල්ප තිබුන නිසා. ඒත් දැන් මිනිස්සු බලන්නෙ ඒවා නෙමෙයි.
මටනම් කවුරු කරත් කමක් නෑ හරියට කරනවනම්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගොඩක් දෙනා සරත් ෆොන්සේකාව ඉස්සරහට දාගෙන තියෙන්නෙ රාජපක්ෂත් එක්ක තියෙන වෛරය පිරිමහගන්න. සරත් ෆොන්සේකා තනියෙම ඡන්දෙට ආවනම් සමහරවිට මම වගේ ගොඩක් අය රාජපක්ෂ වෙනුවට එයාට ඡන්දෙ දාන්න තිබුනා. ඒත් එයා කරේ බල ලෝබය නිසා තමුන්ගෙ හතුරොත් එක්ක එකතු වෙලා මිතුරට කෙලින්න ගිය එක. එතනින්ම එයා ලකුණු කපාගෙන ඉවරයි.
අනිත් හැම දේකදිම වගේ දේශපාලනේදිත් කවුරුවත් පර්ෆෙක්ට් නෑ. අපිට පුලුවන් අවම නරක තියෙන අය තෝරන්න විතරයි. ඉතින් එහෙම බැලුවම අද තියෙන තත්වෙට වඩා විකල්පයක් නෑ. උඹ ආණ්ඩුව මාරු කරා කියලා මිනී මරුවො, කුඩු කාරයො, වංචා දූෂණ නැති වෙන්නෙ නෑ. මෙච්චර කල් මේ රට පාලනය කලේ මේ ආණ්ඩුව විතරක් නෙමේනෙ. ඉතිහාසය අරන් බලන්න මේ රට කොච්චර අවුල් ජාලයක තිබුන රටක් ද කියලා. එහෙම බලනකොට අද ඉන්න තත්වෙ ගැන අපි අවංකව සතුටු වෙන්න ඕනි.
මමනම් කියන්නෙ මේකයි. ආණ්ඩු පෙරලන්න ඕනිනම් වෙන කිසිම ආණ්ඩුවක නොතිබුන මේ ආණ්ඩුවෙ පමණක් තියෙන රටට අහිතකර දේවල් ගැන සාධක සහිතව ඔප්පු කරන්න. එහෙම කරනවනම් අවංකව මධ්‍යස්ථ මත දරන මිනිස්සු තමුන්ගෙ මතයට හරවගන්න පුලුවන්. හැබැයි පච සයිට් වල නිව්ස් වලිනුයි, කේලම් කට කතා වලිනුයි මෙලෝ පදනමක් නැති ත්‍රාසජනක නව කතා ගොතලා, එහෙම නැත්තන් රාජපක්ෂට හෙණ හත ගහපන් කියලා දෙස් දෙවොල් තියලා ඒක කරන්න බෑ. ඒත් ඔයා අවංකවම බලන්න අද මිනිස්සු ඇත්තටම මොකද්ද කරන්නෙ කියලා. එළකිරි එක ඇතුලෙම ඕනි තරම් උදාහරණ තියෙනවා. ඉතින් එහෙම වෙනකොට මධ්‍යස්ථ මත දරන අයත් ආණ්ඩුව පැත්තට හැරෙන එක වළක්වන්න බෑ.
.