සුදු නෙලුම කෝ - පණ්ඩිත් අමරදේව

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සුදු නෙලුම කෝ - පණ්ඩිත් අමරදේව

    එක්තරා රචකයෙක් ඈත දුෂ්කර පලාතක ගුරු සේවයේ නිරත වන අවධියේ දිනපතා ගමේ වැවෙන් මල් නෙලා හවසට පන්සල අසල මල් විකුණන කුඩා දැරිවියක් සිටියේලු. නිතර ඇස ගැටුනු මේ දැරිවිය පිලිබඳ දුක්බර ආරංචියක් දිනක ඔහු කණ වැටුණි. ඒ අවාසනාවන්ත දින අනෝරා මහ වැසි මැද මල් නෙලමින් සිටි දැරියව එතෙක් කල් ඇගේ ජීවිකාවට අත දුන් වැව විසින්ම ඩැහැගෙන තිබිණි. ඒ පිලිබඳ සංවේදී මනසින් පසුවන රචකයාගේ අතින් මේ දුක්බර සිදුවීම පද පෙලකට පෙරලිණි. රචකයා ඔබ අප කවුරුත් හඳුනන රත්න ශ්‍රි විජේසිංහයන්ය. ඒ පද පෙලට ගීයක ජීවය දුන්නේ පණ්ඩිත් අමරදේවයන්ය.

    සුදු නෙලුම කෝ සොරබොර වැවේ

    මල් සුවඳ දුන් මහියංගණේ
    පුන් පෝයදා පාළෝස්වකේ
    මල් නෙලා විකුණූ පන්සලේ..

    වැවට කලුවර යා උනා

    සංසාර දුක බෝ උනා
    නෙලූ මල් මිට ඉහිරුනා
    එහා ඉවුරට පාවුනා..

    සිහින් සිරිපොද වෑහුනා

    ඉවුරු දෙකොපුල සේදුනා
    සුදු නෙලුම් මල දැස පියවී
    මෙහා ඉවුරට පාවුනා..

    පද: රත්න ශ්‍රී විජේසිංහ

    හඬ: පණ්ඩිත් අමරදේව

    http://www.topsinhalamp3.com/music-...load=sudu-neluma-ko-mp3-song&type=mp3&id=6343

    geemalwessa.blogspot.com
     
    • Like
    Reactions: homoelectronics