ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,255
    775
    113
    Melbourne
    www.jayasekara.blog
    ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

    බොහොමයක් ගීත රචකයන්, අලුත් ගීත රචනා කරද්දී ජීවිතයේ කවදාක ම හරි ඔවුන් අහපු, දැකපු, විඳපු දේවල් ඈඳා ගන්න බව නොරහසක්. යොදාගන්න බස කොච්චර සරල වුණත්, මේවයේ හැංගිලා තියෙන තේරුම් හරිම ගැඹුරුයි..

    මේ ඒ වගේ ගීත කිහිපයක්...


    1. චන්ද්‍ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ



    "චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ - මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ - මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ"


    ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ඉගෙනගත්තේ ගාල්ල පැත්තේ ඉස්කෝලෙක. තමන්ගේ ගමේ ඉඳන්, ඉස්කෝලෙට සැතපුම් විස්සක විතර දුරක් තිබුණා. උදේ හවා හැමදාම මේ දුර ගාටන එක අමාරු නිසා, මේ කොලු ගැටයා ඉස්කෝලේ බෝඩිමේ නතරවෙලා තමයි ඉගෙනීම් කටයුතු කළේ.

    හැම සති අන්තෙම ගෙදර යන ඔහු, වැස්සෙන් බේරෙන්න වගේම, ගිමන නිවාගන්න පාවිච්චි කළේ ඒ ගමන අතරමග තිබුණු වඩු මඩුවක්. මේ වඩුමඩුවේ වඩු රාළත්, ඔහුගේ තරුණ දියණියත් ජීවත්වුණේ එයටම ඈඳා හදපු පුංචි නිවසක. මේ වඩු රාළ, ගැටවර වියේ හිටි රත්න ශ්‍රී එක්කත් හරි හිතවත්. තමන්ගේ බිරිඳ මියගිය හැටිත්, ඉන්පස්සේ එකම දියණිය අමාරුවෙන් හදා වඩා ගත්ත හැටිත් ඔහු රත්න ශ්‍රී එක්ක විටින් විට පැවසුවා.

    දවසක්දා මේ විදියට වඩු මඩුවට ගොඩවුණු ඔහුට දැකගන්න ලැබුණේ ඒ වඩු රාළ බොහොම දුකින් ඉන්න විදියයි. තරුණ රත්න ශ්‍රී මේ ගැන ඔහුගෙන් ඇහුවේ කුතුහලයෙන් යුතුවයි. බැලින්නම් වඩු රාළගේ තරුණ දියණිය, සිදාදියේ කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. මේ ගැන කියද්දී ඔහුගේ දෑසින් කඳුළු වැටෙන හැටි, යොවුන් තරුණයෙක් වුණු රත්න ශ්‍රීගේ මතකයේ තැන්පත් වුණේ, හරි අපූරු විදියට. මේ සිද්ධියෙන් වසර ගණනාවකට පස්සේ, ඒ මතකය ඔහු අතින් ගීතයකට පෙරලෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හඬ ඒකට එකතු වෙද්දී, දියණිය අහිමි වුණු පියෙකුගේ සිතිවිලි අතරට අපටත් යන්න අවස්ථාව ලැබෙනවා.


    2. ඇසුරු සැණින් එක මොහොතකදී



    "ඇසුරු සැණින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී

    විශ්වය අලුතින් බිහි වේවා

    ඔබේම වී මා

    මඟේම වී ඔබ

    අපේම වී අප ඉපදේවා"


    මේක ටිකක් පරණ ගීතයක්. ඒත් එදා වගේම අදටත් අපි ඒකට ආදරය කරන්නේ, මේ ගීතයේ තියෙන සංවේදී පද මාලාව නිසාමයි.

    ප්‍රසිද්ධ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉඳලා තියනවා. ඔවුන් දකින බොහොමයක් අය හිතුවේ මේ දෙන්නා පෙම්වතුන් කියලයි. ඒත් යාළුකමකට එහා දෙයක් ඒ දෙන්නා අතරේ තිබිලා නැහැ.

    කාලය ගත වුණා. මංගල යෝජනාවකින් මේ තරුණිය විවාහ වුණේ රැකියාවටත් සමුදෙන ගමන්මයි. ඔවුන් දෙන්නගේ මිත්‍රකම ගැන දැනගෙන ඉඳපු කුසුම් පීරිස් මහත්මියට මේක තරමක පුදුමයක් වුණා. ඒ ගැන මේ තරුණියගෙන් අහන්න ඇය තීරණය කළේ එකයි.

    ඇත්තටම ඇය ඔහුට ආදරය කරලා. ඒත් තමන් ගැහැණු ළමයෙක් නිසා ඒ ගැන කියන්න ඇය මැලි වෙලා. ඔහුත් තමන් ගැන ඒ වගේ උනන්දුවක් නොපෙන්වපු නිසයි ඇය ගෙදරින් ගෙනාව යෝජනාවට කැමතිවෙලා තියෙන්නේ. කුසුම් මහත්මියට මේ තරුණිය ගැන ඇතිවුණේ හරිම දුකක්. රැකියාවෙන් ඇය අයින් වෙන දවසේ මේ තරුණයාව හොයාගත්ත කුසුම් මහත්මිය ඔහුටත් ඒ ගැන පැවසුවේ චෝදනාවක් එල්ල කරන විදියට. ඔහුගෙන් දැනගන්න ලැබුණු දෙයින් එතුමියගේ හිත තවත් කම්පා වුණා.

    ඒ තරුණයා, තමන්ගේ මිතුරියට ආදරය කරලා තියෙන්නේ දැන අඳුනගත්ත දවස්වල ඉඳලා. ඒත් ඇගේ කැමැත්ත අහලා නැත්තේ, ඇය අකමැති වුණොත් මේ මිත්‍රත්වයත් ඉවරවෙන බව නිච්චියටම දැනගෙන ඉඳපු නිසයි. ඇය විවාහ වෙන බව ආරංචි වුණාම, ඔහු තරම් දුක්වුණු තවත් කෙනෙක් නැති තරම්. ඒත් දැන් මොනවා කරන්නද? ඒ දෙන්නම ප්‍රමාද වැඩියිනේ.

    මාස කිහිපයකට පස්සේ, කුසුම් මහත්මියට මේ තරුණියව අහම්බෙන් මුණගැහුනා. අර තරුණයා තමන්ට කියපු දේ ගැන ඇයගේ මුවින් පිටවුණේ ඉබේටමයි. ඒක අහපු ඒ තරුණියට ඇති වුණේ හරිම දුකක්. ඇය කිව්වලු, “අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියන්න” කියලා. මේ වචන පෙළින් තමයි කුසුම් මහත්මිය “ඇසුරු සැණින් ගීතය" ලියන්න මුළ පිරුවේ. යමුනා විනෝදිනීයන්ගේ හඬින් ඒ ගීතය තවත් හැඩ වුණා.



    3. සුදු නෙළුම කෝ සොරබොර වැවේ



    "සුදු නෙළුම කෝ සොරබොර වැවේ - මල් සුවද දුන් මහියංගනේ

    පුන්පොයදා පාළොස්වකේ - මල් නෙලා විකුණු පන්සලේ"


    පසුගිය දවසේ අපි අතරින් වියෝ වුණු අමරදේවයන්ගේ දයාබර කටහඬින් ගැයෙන මේ ගීතයට පාදක වුණේ 1981 අවුරුද්දේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරය ආශ්‍රිතව සිද්ධවුණු දුක්බර සිදුවීමක්.

    මොණරාගල දෙබටව ගමේ පුංචි දැරියක් ජීවත් වුණා. අවුරුදු 11ක් වයසැති ඇය ඉගෙනගත්තේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ. තරුණ රත්න ශ්‍රී විජේසිංහයන් ඇගේ පන්තියට එන ගුරුවරයෙක්. හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් ඇය කරන්නේ වැවෙන් මල් කඩාගෙන ගිහින් දෙමටමල් විහාරය අබියස විකුණන එකයි. ඒ වියදමින් තමන්ට ඕනේ පොත්පත් ගන්නත්, ඉතිරිය ගෙදරට දෙන්නත් ඇය පුරුදුවෙලා හිටියා.

    වැහිබර නොවැම්බර්යේ දවසක මල් නෙලන්න ගිය ඇය නැවත ගෙදර ආවේ නැහැ. ඇගේ තාත්තත්, ගමේ තව වැඩිහිටියන් කිහිපදෙනෙකුත් එකතුවෙලා ඇයව හොයාගන්න පිටවුණේ මේ නිසයි. හුළු අතු පත්තුකරගෙන රෑ තිස්සේ වැව පුරා හෙව්වත්, ඇයව හොයාගන ලැබුණේ නැහැ. ඒත් පහුවෙනිදා උදේ ලිහී ගිය නෙළුම් මල් දෙකකුත් අත දරාගත්ත ඇගේ නිසසල මළසිරුර වැව අද්දරට පාවෙලා ඇවිත් තිබුණා.

    ඉගෙනීමට දක්ෂ මේ පුංචි කෙල්ලගේ මරණය ගැන අහන්න ලැබුණු රත්න ශ්‍රී විජේසිංහයන් හරියට කම්පා වුණා. ඔහු කියන විදියට, ඇගේ දේහය තියන්නවත් ඉඩක් ඇගේ නිවසේ තිබිලා නැහැ. මුළු මරණ ගෙදරට ම ඉඳලා තියෙන්නේ දහ දොළොස්දෙනෙක් විතරයි. ඇගේ දේහයට අන්දලා තිබුණෙත් ඇය හැමදාම ඉස්කෝලෙට ඇඳපු පඬු ගැහුණු සුදු ගවුම් පොඩියයි.

    ගීතයේ තාලය ආරක්ෂා වෙන විදියට විහාරයේත්, වැවේත් නම වෙනස් කරත්, ඒකට පාදක වුණු කතාන්දරයේ දුක්බර බව ගීතය අහන අපට අදටත් දැනෙනවා.
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,255
    775
    113
    Melbourne
    www.jayasekara.blog
    4. සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ



    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - නිදන නෙත් යුග සනසනා

    සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ - නිහඩ මා හද සනසනා


    ප්‍රවීණ ගේය පද රචිකාවියක් වෙන කුසුම් පීරිස් මහත්මිය හොඳින් අඳුනන යුවලක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවුණේ. අද වෙද්දී ඒ දෙන්නා බොහොම සතුටින් විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.

    කලකට ඉහතදී මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරත්, ඒ බව මුවින් පැවසුවේ නැහැ. යාලුවෝ විදියට තමයි ආශ්‍රය කළේ. ඉතින් නියම කල වයස ආවම, මේ තරුණිය ඇයට ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකට කැමති වුණා. ඇය විවාහ වුණාම, අර තරුණයට දැනුණේ දරාගන්න බැරි දුකක්. ගෙදර කීමට විවාහ වුණත්, ඒ තරුණියගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්නෙත් නැහැ. ඇගේ සැමියා බේබද්දෙක්. ඉතින් වැඩි කල් නොයා ඔවුන් දෙන්නා දික්කසාද වෙනවා.

    මේ ගැන දැනගන්න ඇයට ආදර කරපු තරුණයා ඇය සොයා ගිහින්, තමන්ගේ හිතේ එදා වගේම අදටත් තියෙන ආදරේ ගැන ප්‍රකාශ කරනවා. බටහිර රටවල්වල කෙසේ වෙතත්, ලංකාවේ සමාජය දික්කසාද වුණු තරුණියක් දිහා බලන්නේ වපර ඇහින්. අඩු තරමේ ඇය ඒ තත්ත්වෙට වැටුණේ කාගේ වරදින්ද කියලවත් හොයලා බලන්නේ නැතුව, දෝෂාරෝපණය කිරීම තමයි ඔවුන් කරන්නේ. ඒ ගැටලුවට මේ තරුණියටත් මුහුණ දෙන්න වුණා. නමුත් ඇයට ආදරය කරපු තරුණයාට ඇය දික්කසාද වුණු එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනා සාමාන්‍ය යුවලක් විදියටම විවාහ දිවියට එළඹුණා.

    "ලොවම සසලව බලා සිටියාවේ" කියලා මේ ගීතයේ තියෙන්නෙත්, ලෝකය කුමක් කිව්වත් මට එයින් කමක් නැතැයි කියන තරුණයාගේ හැඟීම බවයි කුසුම් පීරිස් මහත්මිය පවසන්නේ. කරදර, විවේචන, බාධක සියල්ල මැද්දේ විවාහ වුණු මේ යුවළ වෙනුවෙන් ලියවුණු මේ ගීතය ගායනා කෙරුණේ බණ්ඩාර අතාවුදයන් සහ නිරංජලා සරෝජිනියන් විසින්.
    :love::love::love:
     
    • Love
    Reactions: Mr.dark

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,255
    775
    113
    Melbourne
    www.jayasekara.blog
    5. ස්නේහයේ නගරයයි සිත මගේ




    ස්නේහයේ නගරයයි සිත මගේ - මාවතක් හෝ නොවූ රාගයේ

    වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් - කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ


    ආදරේ තියෙන පූජනීය බව, පිවිතුරු බව හරිම අපූරුවට ගළපලා තියෙන ගීතයක් තමයි මේක. ඒත් මේකට මුල් බීජය වෙලා තියෙන්නේ ඒ වගේ කතාන්දරයක් නෙවෙයි.

    ඉස්සර වගේ නෙවෙයි, දැන් ආදරය හොයාගන්න විදි ඕනේ තරම්. තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙද්දී ගෙදර තියෙන කම්පියුටරයෙන්, අතේ තියෙන ජංගම දුරකතනයෙන් ආදරේ හොයාගන්න පුළුවන් තරමට ඒක සුලබ දෙයක් වෙලා.

    දවසක්දා මේ ගීතය ලියපු හේමසිරි ගුණතුංග මහත්මයා කොළඹින් ඉන්ටසිටි බස් එකකට ගොඩවෙන්නේ වැලිගම තියෙන තමන්ගේ නිවස බලා යන්නයි. මේ බස් රථයේ එක තරුණ ගැහැණු ළමයෙකුත්, පිරිමි ළමයෙකුත් එක ළඟ වාඩිවෙලා හිටියා. හැසිරීමෙන් පෙනුණු විදියට නම් මේ දෙදෙනා පෙම්වතුන් නෙවෙයි. ඒත් දෙන්නම එකිනෙකා දිහා හොරෙන් බලමින් ඇස්වලින් මුකුළු කරමින් තමයි ඉඳලා තියෙන්නේ. බස් එක ඉස්සරහට ඇදෙද්දී එයින් නොනැවතුණු මේ දෙන්නා හෙමීට හෙමීට කතා කරන්න පටන් ගත්තා. ටිකට් කඩන්න කොන්දොස්තර මහත්තයා ආවාම, දෙන්නටම ටිකට් ගන්න ඉදිරිපත් වුණේ ඒ පිරිමි ළමයාමයි.

    කොහොමින් කොහොමහරි, ගමනේ අවසානය වෙද්දී මේ දෙන්නා පෙම්වතුන් බවට පත්වෙලා හිටියා. දුරකථන අංකත් හුවමාරු කරගත්ත මේ දෙපළ බස් එකෙන් බැහැලා ගියෙත් එකට අත්වැල් පටලාගෙන. එක පාරටම බස් එකක දැකපු කෙනෙක් පැය දෙක තුනකින් තමන්ගේ ප්‍රේමවන්තිය, ප්‍රේමවන්තයා බවට පත් කරගන්න තරම් ආදරය කියන දේ ලාබ ද, කියන හැඟීම හේමසිරි මහත්මයාගේ හිතට ආවේ, තරමක කලකිරීමක් එක්කයි.

    ඉස්සර අපි දැකපු ආදරයේ තිබුණු උතුම් බව හැමෝටම මතක් වෙන්නත් එක්ක, එතුමා මේ ගීතය රචනා කරන්න හිතුවා. අමරසිරි පීරිස් මහත්මයා සහ මැණික් ජයසේකර මහත්මිය තමයි මේ ගීතය ගායනා කරන්නේ.
    :love::love::love:
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,255
    775
    113
    Melbourne
    www.jayasekara.blog
    6. සොඳුරිය මට නොකියාම ගියා



    එදා මෙදා තුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා

    ළයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා

    මිලාන වී ගිය රෝසකුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා

    දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා


    විමල් ජයශාන්ත මහත්මයාගේ පළමු මෙන්ම අවසාන ගේය පද රචනාව වුණේ මෙයයි. එතරම් දුක්බර කතන්දරයක් එයට පාදක වෙලා තිබීම ඒකට හේතුවයි.

    කොළඹ තැපැල් කන්තෝරුවේ ස්ථානාධිපති කෙනෙක් වුණු ඔහු මුළු හිතින්ම එක්තරා තරුණියකට ආදරය කරනවා. ඇයගේ හිතෙත් ඔහු ගැන තියෙන්නේ ඊට නොදෙවෙනි ආදරයක්. කවදාහරි දවසක පෝරු මස්තක වෙලා අතැඟිලි බැඳලා, එක වහලක් යටට වෙන බලාපොරොත්තුවක් ඔවුන් දෙදෙනාගේ හිතෙත් තිබුණා. නමුත් අවාසනාවකට වගේ ඒ තරුණියගේ ගෙදරින් මේ ප්‍රේම සම්බන්ධයට කිසිම බුරුලක් ලැබුණේ නැහැ.

    දවසක්දා මේ තරුණයාට විදුලි පුවතක් ලැබෙනවා. වහාම තමන්ගේ ගෙදරට එන ලෙස දන්වලා මෙය එවන්නේ ඒ තරුණියගේ පියා. මේ එන්න කියන්නට ඇත්තේ ඔවුන් දෙදෙනාට ගෙදරින් කැමැත්ත දුන් බව කියන්න වෙන්න ඇති කියලයි ඔහු හිතුවේ. බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන ඔහු ඇගේ නිවස හොයාගෙන යන්නේ ඒකයි.

    ඇගේ නිවසට හැරෙන තැන එල්ලලා තියෙන සුදු කොඩිය දැක්කම ඔහුගේ හිතට දැනෙන්නේ ලොකු චකිතයක්. අඩියට දෙකට ගේ ඇතුළට යන ඔහුට දකින්න ලැබෙන්නේ, තමන් පණ මෙන් ආදරය කරපු යුවතියගේ මල සිරුර සාලය මැද තිබුණු මිනී පෙට්ටියක වැතිරිලා ඉන්න විදිය. අපේක්ෂාවන්ගෙන් පිරුණු ඔහුගේ ලෝකය එක තත්ත්පරයකින්, දෑස් පනාපිටම බිඳ වැටුණා වගේ හැඟීමක් ඔහුට දැනුණා.

    දෙමාපියන්ගේ කැමැත්ත තමන්ගේ ආදරයට කවදාවත් නොලැබෙන බව තේරුණු තරුණිය සිය දිවි හානි කරගෙන තිබුණේ ඔහුගෙන් තොර ආදරයක් ගැන ඇයට හිතන්නවත් නොහැකි නිසා. විමල් ජයශාන්ත මහතා පද පෙළකට අමුණපු ඔහුගේ ඛේදනීය කතාන්දරය අපට අහන්න ලැබෙන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ ලයාන්විත හඬින්.
     
    • Like
    Reactions: kajja