සුදු ළඳක් FACEBOOK හරහා පහත් ලිංගික රස හොයයි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    සුදු ළඳක් FACEBOOK හරහා පහත් ලිංගික රස හොයයි

    ළඟදීම ලොව පුරා මිලියන 500 ක ගිණුම් ප්‍රමාණයක් අභිබවා යාමේ සූදානමකින් සිටින ෆේස් බුක් අන්තර්ජාල සමාජ ජාල වෙබ් අඩවියේ පිහිටෙන් පිරිමින් 50 දෙනෙකු සමග ලිංගික සබඳතා පැවැත්වූ බව කියන 23 හැවිරිදි Laura Michaels නම් කාන්තාවක පිළිබඳව Metro UK මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    ලිංගික ඇසුර සඳහා දැඩි ඇබ්බැහි වීමක නිරතව ඇතැයි කියන මෙම තරුණිය "I Need Sex" නමින් ෆේස් බුක් පිටුවක් ආරම්භ කර ඒ හරහා එයට එක්වූ තෝරාගත් කඩවසම් පිරිමි 50 ක් සමග මෙසේ අතිශය අවදානම් සහගත මෙම නොහබිනා ක්‍රියාවේ නිරත වූ බව ඇය පවසා ඇතැයිද එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

    මෙම පිටුව ආරම්භ කර විනාඩි 10 ක් වැනි සුළු කාලයකදී 35 ක පිරිසක් එයට එක්වූ බවත් පසුව එය 100 දක්වා වර්ධනය වෙද්දී එම පුද්ගලයන්ගේ පිංතූර අනුව කඩවසම් බව කිරාමැන බලා මෙම ක්‍රියාවේ නිරත වූ බව බටහිර සංස්කෘතිය අනුව ඉතා පුරාජේරුවෙන් යුතුව ඇය තමන්ගේ පහත් ආශාවන් සංසිඳුවා ගත් ආකාරය පවසා ඇත්තේ මෙලෙසිනි.

    “එය ඉතා අවදානම් බව දන්නවා.නමුත් එය අතිශය ත්‍රාස ජනක අත්දැකීමක්.මෙම පිටුවෙන් මම මගේ ආශාවන් සංසිඳුවා ගත්තා.දැන් ඒ පිටුව ෆේස් බුක් පාලකයින් විසින් අත්හිටුවා තිබෙනවා.”

    ෆේස් බුක් වෙබ් අඩවි නීති රීති අනුව මෙසේ අසභ්‍ය දේ ප්‍රචාරය තහනම් අතර යම් ආකාරයකින් කිසියම් අයෙකු එසේ අනවශ්‍ය දෑ ප්‍රචාරය කරන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරිමේ හැකියාවද එහි සාමාජිකයින්ට ලබා දී ඇත.