සුදු_වෑන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යුද්දයෙන් පසු සිවිල් ආයතන ගිල්ල ගෝටා කළ විනාශය..! පැල්පත් වාසීන් බලෙන් එළවනවාට විරුද්ධ වූ කොළොන්නාව නගර සභා සභාපති සුදු වෑන් එකකින් ඉස්සුවා



UdayaShantha.jpg


යුද්ධය අවසන්වීමත් සමගම ගෝටාබය විසින් අමාත්‍යංශ ගණනාවක් තමා යටතට ගත්තේය. නාගරික සංවර්ධන අධිකාරිය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ අධිකාරිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය, ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ගෝටා යටතට ගත් ආයතන අතර ප්‍රධානය. කොළඹ පළාත් පාලන ආයතන පහක් ඇතුලත් වන ලෙස ‘කලම්බු මෙට්‍රොපොලිටන් සිටි‘ නමින් නාගරික සංස්ථාවක් ස්ථාපනය කෙළේය . මහජන නියෝජිතයින් වෙනුවට ජනපති විසින් පත් කරනු ලබන නාගරික ආන්ඩුකාරවරයෙකු විසින් එය පාලනය කිරීමට නියමිත විය. බුද්ධ ශාසන අමාත්‍යංශය, බන්ධනාගාර දේපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ද ගෝඨා යටතට ගැනීමට කුරුමානම් ඇල්ලුවේය. ගෝටා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුව කොතරම් කාර්යක්ෂම කළේ ද යත් ලියවිලි ලබාදීමටත් ප්‍රථම ගමන් බල පත්‍ර නිකුත් කෙළේය. ශෂී වීරවංශට කිසිදු ලියවිල්ලක් නොමැතිව පැය 2 ක් තුල රාජාතාන්ත්‍රික ගමන් බල පත්‍රයක් නිකුත් කළේ ඒ අනුව ය. විමල් වීරවංශ සතුව ගමන් බලපත්‍ර 5 ක් පැවතුනි. දැන් නඩු දමා ඇත්තේ දෙකක් පිලිබඳව ය.

කොළඹ නගරය අලංකාර කරනවා යැයි කියමින් නිසි පිරිදි කසළ බැහැර කිරීමේ යාන්ත්‍රණයක් සකස් නොකර සියලු කුණු මීතොටමුල්ලේ ගොඩ ගැසුවේය. කොළඹ පැල්පත් වාසීන් බලහත්කාරයෙන් ඉවත්කර කුකුල් කූඩු වැනි කුඩා නිවාස තුල සිර කෙළේය. පැල්පත් වාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත (ශ්‍රීලනිප) නැගී සිටින විට සුදු වෑන් එකක් යවා 2012.මාර්තු.10 ඔහු පැහැර ගෙන ගියේය. ජනතාව වට කර සුදුවෑන් මිනීමරුවන් පළමු වරට අල්ලාගත්තේ එදාය. උදයශාන්තගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. අල්ලාගත් සුදු වෑන් මිනීමරුවන් වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබියදී ගෝඨා හමුදා ට්‍රක් රථයක් යවා ඔවුන් නිදහස් කරගෙන ගියේය. මෙකී රවින්ද්‍ර උදයශාන්තගේ සොයුරා ද ඊට දින කිහිපයකට පෙර මේ ආකාරයටම සුදු වෑන් රියකින් පැහැරගත් අතර අද දක්වා ඔහුට සිදුවූ දෙයක් නැත.



විශ්ව විද්‍යාල සිසුන්ට, විදුහල්පතීන්ට මිලිටරි පුහුණුව දුන්නේය , හමුදා නිල සහිත විදුහල්පති පැලැන්තියක් බිහි කෙළේය. තම බත් පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාරට බට ජනයාට උණ්ඩයෙන් පිළිතුරු දුන්නේය.


2008 අවසානය වනවිට ‘අපි වෙනුවෙන් අපි‘ ගිණුමේ රු මිලියන 4500 එකතු වී තිබුනේය. දේශප්‍රේමී වීරවංසගේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය හා එක්ව රණ විරුවන්ට ගෙවල් 200 පමණ තනා දුන්නේය. රාජ්‍ය සම්පත් උපරිම අයුරින් යොදා ඉදිකළ මේ නිවසකට වැයව තිබුනේ රු මිලියන 1 අඩු මුදලකි. මෙම නිවාස නොමිලේ දෙන බව කියා අපි වෙනුවෙන් අපි අරමුදල් එකතු කළද නිවාස දුන්නේ නොමිලේ නොවේ, ගෙවීමේ ක්‍රමයකට ය. ‘සුනාමි අරමුදල‘ මෙන්ම ‘අපි වෙනුවෙන් අපි ගිණුමේ‘ ද බාගෙට බාගයක් මුදල් අවභාවිතයේ ගියේය.



වැලි නිධි , ගල්කඳු, බොරළු වලවල්, ගස් කොටං. වන සතුන් සල්ලි බවට පත් කිරීමට පරිසර ඇමැතිකම අත්‍යාවශ්‍යය විය. ගෝටා ඊටද කුරුමානම් ඇල්ලුවේය. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරාගත් ගෝටා ඉහල වාණිජ වටිනාකමක් ඇති ඉඩ කඩම් හතර වටින් කොල්ල කෑවේය. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවරා ගත්තේ ජාතික ආරක්ෂාව පිලිබඳ බැඳියාවකට නොවේ. දූෂණයට එරෙහි ට්රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි ආයතන නිහඬ කිරීමට ය. පරිසර, වනජීවී, වන සංරක්ෂණ ආදී විෂයයන් පිළිබඳ රාජ්‍ය නොවන ආයතන නිහඬ කිරීමටය. ජාතික ධනය රිසි සේ සොරකම් කිරීමට ය .
දේශපාලන මස් වැද්දන්ගේ සහ උන්ට දඩයම් පිහි සපයන ඊනියා දේශප්‍රේමීන්ගේ පැටිකිරිය නොදන්නේ නම් උන්ගේ නියත ගොදුර බවට පත්වන්නේ පුරවැසියන්ය. එහෙයින් රජවීමට වෑයම් කරන උන්ගේ කෙරුවාව පිලිබඳ හොඳ අවබෝධයක් පුරවැසියන් සතු විය යුතුය. මස් වැද්දෙකු කැන්දන් ඒම ගැනද ජනතාව බලා ගත යුතුය.

කීර්ති රත්නායක විසිනි
 
Last edited:

vito

Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,232
    113
    අදාළ නෑ නේ
    Drone උවදුරක්.

    දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට
    Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

    දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ
    Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

    අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ
    Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මේ
    Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

    මේක කළු පාට
    Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.
    ඌ මේ ට්‍රිප් එකක් යන්න වෑන් එකක් හයර් කරල, මේ උට්ට මේ මනෝ විකාර කියවනවද කොහෙද :lol::lol::lol::lol::lol:
    ඔන්න ඔය drone එක යවල බලහන් :rofl::rofl::rofl: