සුදේශ්ද?සංජිවද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සුදේශ්ද?සංජිවද?

    ඔබ තෝරාගන්නේ කාගේ චරිතයද?​







    DSC_2841.jpg






    ලොව සිටින දිගුම කොණ්ඩය හිමි පුද්ගලයා වන්නේ ඔහුය. එය ගිනස් වාර්තාවකි. ගිනස් වාර්තාවක් තැබූ ඔහු නමින් සුදේශ් මුතුය. කැනඩාවේ වෙසෙන මේ ශ්‍රී ලාංකිකයා එරට වඩා ප‍්‍රකට චරිතයක්ව සිටින්නේ මේ ගිනස් වාර්තාව නිසාම නොවේ. ව්‍යාපාරිකයකු ලෙස ජීවිතය ජයගත් පුද්ගලයකු මෙන්ම ශ්‍රී ලාංකීය සංගීත කලාව කැනඩාවේ ප‍්‍රචලිත කිරීමට නිබඳ අනුග‍්‍රහයක් ලබා දෙන මෙරට කලාකරුවන් හා ගහට පොත්ත මෙන් බැඳී සිටින කලාකාමියකු ලෙසය. එනයින් කටයුතු කරන පුද්ගලයකු වුවද, අද සුදේශ්ගේ වටිනාකම හඳුනාගෙන සිටින්නේ අපට වඩා කැනඩාවය. එරටට ඔහු අද සම්පතක් වී සිටී.
    එය එසේ වූයේ කෙසේද? සතයක්වත් අතේ නැතිව කැනඩාවට ගිය සුදේශ් ජීවිතය ජයගත්තේ කෙසේද? අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ඒ මිනිසාගේ කතාව කෙටියෙන් හෝ අපි කිවයුතු වෙමු. ඔහු වෙතින් කෙරෙන සේවය ගැනද සඳහන් කළ යුතු වෙමු. එනිසාවෙන් සුදේශ් මුතු ගැන අපි මෙලෙස සටහන් කරන්නෙමු.
    කොළඹ දෙමටගොඩදී ඉපිද හැදී - වැඩුණ සුදේශ් අනුව (90) දශකයේ මැද භාගයේදී නැව් නගින්නේ භද්‍ර යෞවනයකුව සිටියදීය. ඒ දෙයියා නමින් හැඳින්වූ මිනිසාගේ මග පෙන්වීම මතය. එලෙසින් නැව් නැග ගිය සුදේශ් ඉන්පසු තමාගේම සොයා යාම අනුව ජීවිතය සොයා යන්නට පටන් ගත්තේය. ඒ අනුව නැවතත් නැව් නැගි ඔහුගේ අරමුණ වූයේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට ගොස් රැකියාවක් සොයා ගැනීමටය. එලෙසින් සිතිවිලි ගොන්න හදපතුලේ රඳවාගෙන නැව් නැග ගිය ඔහුගේ ගමනාන්තය වූයේ කැනඩාවය. එහි කියුබෙක් වරායට සේන්දු වූ පසු තමාගේ නිව්යෝක් සිහිනය සැබෑ කර ගැනීමට එතැන වඩා පහසු යැයි විශ්වාසය තැබීය.
    දළ රළ පෙළ අතරින් කියුබෙක් වෙත ඇදී ආ නෞකාවේ සිටි සුදේශ්ගේ සිතිවිලි බෙහෙවින් කැළඹී තිබිණි. ‘‘මම මොනවද කරන්නෙ? කොහේටද යන්නෙ? නවතිනවාද? ගමනේ යෙදෙනවාද?’’ යන්න ප‍්‍රශ්න ගොන්න ඔහුගේ මනසේ කැකෑරෙන්නට විය.
    ‘‘නැහැ... මම මෙතැන නතර වී ජීවිතය ජය ගන්නවා’’ යැයි ස්ථිර අරමුණකට එළැඹි හේ කැනඩා දේශය ස්පර්ශ කරන්නට පටන් ගත්තේය. නෑදෑයකු, හිතවතකු තියා දන්නා තරමේ මිතුරකුවත් නැති මහා දේශයක තනි වූ හේ ජීවිතය සොයා යන්නට පටන් ගත්තේය. ඇට මිදුළු පසාරු කරගෙන යන තරමට රිදුම් දෙන ශීතලද, ලැව් ගින්නක් සේ ළයට ගලා ආ කුස ගින්නද ඔහු දරා ගත්තේය. එසේ වුවද පළමු ප‍්‍රයත්නය අසාර්ථක වී තිබේ. ඒත් ප‍්‍රයත්නය අත් නොහළ හේ කැනඩාවේ නීති-රීති වලට අනුව යමින් පාසලකට ඇතුළත්ව (විදේශිකයින් උගත යුතු දේ වෙනුවෙන්) දැනුම ලබාගන්නා අතරේ අමතර කාලවේලාවේදී රැකියාවක නිරත වන්නටද පටන් ගත්තේය. එය ප්ලාස්ටික් ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරෙන ආයතනයකි.
    සුදේශ් තම ජීවිතයේ ස්වර්ණමය තීන්දුව ගැනීමට පෙළැඹුණේ එහි සේවය කරන අතරවාරයේදීය. එහි කෙරෙන සියල්ල ගැන නිසි අධ්‍යයනයක යෙදුණු හේ කෙදිනක හෝ තමාගේම ව්‍යාපාරයක් අරඹන බවට තමාටම ගිවිස ගත්තේය. එය අද යථාර්ථයක්ම වී තිබේ.
    එය නිකම්ම සිහිනයක් දිග හැරුණාක් මෙන් වූ යථාර්ථයක් නොවේ. අප‍්‍රතිහත ධෛර්යයේ ඵලයක සාර්ථක ඵල නෙළා ගැනීමකි. ඒ යථාර්ථය ගැන අද සුදේශ් පවසන්නේ මෙලෙසිනි.
    ‘‘කැනඩාවට මුලින්ම එනකොට කොහෙද යන්නෙ? මොනවද කරන්නෙ? කොහෙද ඉන්නෙ? කියලා හිතාගන්න බැරිවුණා. ඒත් ජීවිතයට ඉදිරියක් මිස පස්සට යාමක් නොමැති බව විශ්වාස කළා. පාසලක ඉගෙන ගන්නා අතරේ, ප්ලාස්ටික් වැඩ පළේ රැකියාවකට ගියා. මේ වන විට මගේ බිරිඳත් හිටියෙ මා එක්කයි. ලොකු පුතා හම්බ වෙලා හිටියෙ. සමහර දවස්වලට අපට වේල පිරිමසා ගන්නවත් එදා සල්ලි තිබුණෙ නැහැ. ඒත් බිරිඳ සියල්ල දරාගෙන මට යෝධ ශක්තියක් වුණා. මම ටිකෙන් ටික එකතු කරලා මගේම ව්‍යාපාරය අරඹන්න අඩිතාලම දැම්මා. පටන් ගත්තට මොකද, එය හිතන තරම් ලෙහෙසි වුණේ නැහැ. හැම දෙයක්ම තනිවම කරන්න වුණේ මටයි. ශීත කාලය කියලා උණුසුමට ගුලිවෙලා ඉන්න ලැබුණෙ නැහැ. සමහර දිනවල නිදා ගත්තෙත් නැති තරම්.
    ශීතල දරා ගන්න බැරිව මැරේවිද කියලත් හිතුණා. ඒත් උත්සාහය අත් හැරියෙ නැහැ. කොහොමින් - කොහොමහරි මේ විදියට දවස් ගෙවිලා ගියා. නැගී සිටින්නට වෙර දරන මිනිසකු හැටියට බැංකු මුදලකුත් ලැබුණා. මගේම ආයතනය දියුණු කරන්න නම් මමම කැපවෙන්න ඕනෑ කියලා හිතුවා. මට දැක්මක් තිබුණු නිසා විෂන් ප්ලාස්ටික් නමින් ආයතනය ලියාපදිංචි කළා. දහ පහළොස් දෙනෙක් කළ යුතු වැඩ කොටස තනිවම කරන්න පටන් ගත්තා. එදා විඳපු ඒ සියලූ දුෂ්කරතාවයන්හි ඵලය තමයි අද මා ලබන්නෙ. අද මම මගේ හමර් රථයේ හෝ බෙන්ස් රථයේ නැගී යන විට මට අයත් කළම්බූ ට‍්‍රකින් ප‍්‍රවාහන සේවයට (භාණ්ඩ ප‍්‍රවාහන) අයත් ට‍්‍රක් රථ වෙලාවකට මා අසලින් ගමන් ගන්නවා. ඒවා පසුකර ගෙන ගියාම තමයි මට හිතෙන්නේ ඒවා මගේ කොම්පැණියෙ වාහන නේද කියලා. ජීවිතය ගැන වෙලාවකට පුදුම හිතුණත් මම පුදුම නොවන්නෙ මිනිසකු ලෙස මට අරමුණක් - දැක්මක් තිබුණ නිසයි.’’
    සුදේශ්ගේ ඒ දැක්ම අනුව බිහිවූ විෂන් ප්ලාස්ටික් ආයතනය යනු අද කැනඩා දේශයට නැතිවම බැරි තැනෙකි. ප්ලාස්ටික් යනු සුව කළ නොහැකි, වඳ කළ නොහැකි රෝගයක් තරමට මෙන් වූ දෙයක් නම්, ඊට සුදුසු ප‍්‍රතිකාරය ඇත්තේ ඔහු සතු විෂන් ප්ලාස්ටික් ආයතනය වීම ඊට හේතුවය. අද බොහෝ ආයතන සුදේශ් සොයා එන්නේ තම ආයතන සතු භාවිතයට ගත නොහැකි ප්ලාස්ටික් ද්‍රව්‍යය ලබාදීම පිණිසය. ඒ සියල්ල සුදේශ්ගේ ආයතනයට ලැබුණු පසු ප‍්‍රතිචක‍්‍රීයකරණ කටයුතු කෙරේ. ඉන්පසු නව නිපැයුම් සඳහා ඒවා වෙනත් සමාගමක් වෙත අපනයනය කරයි.





    DSC_0838.jpg






    ඊට අමතරව සුදේශ් තවත් යන්ත‍්‍රයක් ආනයනය කළේය. ඒ මගින් සිදුවන්නේ ප‍්‍රතිචක‍්‍රීකරණය කෙරෙන ප්ලාස්ටික් ද්‍රව්‍යය මගින් ඝණ ප්ලාස්ටික් තීරු නිර්මාණය කිරීමය. එනම් අඩි හතර - හය - අට - දොළහ ආදී වශයෙන් ඇති නිවාස සෑදීමට ගන්නා රීප්ප සහ පරාල මෙන් වූ දේ ඒ මගින් නිර්මාණය කිරීමය. අද ලෝකයේ බොහෝ ඉදිකිරීම් සඳහා ඒවා යොදා ගැනේ. ඒ හැරත් ඒ මගින් දැව ප‍්‍රශ්නය හෙවත් මිහිතලය සුරකින ගස් කපා දැමීම ඉතා අවම කරගත හැකිය. මෙලෙසින් පරිසරයටද සේවයක් කෙරෙන සුදේශ්ගේ විෂන් ප්ලාස්ටික් ආයතනයට ඇති ඉල්ලූමේ තරමට සේවය ලබාදීමට තරම් නොහැකි තරමට එම ආයතනය කාර්යබහුලව තිබේ. අද දින කැනඩාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනකුට සුදේශ් නිසා රැකියා පවා කිරීමට අවස්ථා හිමිව තිබේ. ඔහුගේ මාමණ්ඩියද මෙහි සේවයට එක්ව සිටී.
    කැනඩාවේ ප්ලාස්ටික් තර්ජනයට සහන් එළියක් වූ සුදේශ් තමා උපන් රට වන ශ්‍රී ලංකාවට ද සේවය කිරීමේ අටියෙන් ඉහත කී යන්ත‍්‍රය මෙරට සවිකොට ලංකාවේ ඉවතලන ප්ලාස්ටික්වලට විසඳුමක් ගෙන ඒමේ අටියෙන් කටයුතු කළේය. එහෙත් මෙරට බලධාරීන්ගෙන් ඔහුට අවස්ථාවක් ලැබුණේ නැත.
    ‘‘ඇත්තටම මට ඕනෑ වුණේ මැෂින් එකක් දාලා සල්ලි උපයන්න නෙවෙයි. ලංකාවට සේවයක් කරන්නයි. මේ යන්ත‍්‍රය ගෙනැල්ලා මෙහේ ප‍්‍රතිචක‍්‍රීය කටයුතු කෙරෙන කර්මාන්තශාලාව පටන් ගත්තා නම්, මුළු ලංකාවම ප්ලාස්ටික් තර්ජනයෙන් ගලවා ගන්න ඉඩ තිබුණා. මම මගේ වියදමින් මේ කටයුතු ගැන දැනුමින් පොහොසත් විදේශීය විශේෂඥයකු සමඟ වරක් පැමිණ මෙහි බලධාරීන් සමඟ කතා කළා. ඒත් අපට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. ඒ පාර වැඬේ අත්හැරලා දාලා අපි ආපහු යන්න ගියා.’’
    ලංකාවට සේවය දීමට ආ සුදේශ් තමා මුහුණ දුන් දේ ගැන විටෙක ප‍්‍රකාශ කළේ එලෙසිනි. සැබැවින්ම ඔහු ලංකාවට අනර්ඝ නොවූ කැනඩාවට අනර්ඝ වූ චරිතයක් වන්නේ මෙකී හේතු නිසා බව පසක් කරගත හැකිය. ලංකාවට අගේ නැති මෙවැනි මිනිසුන් දේශ - දේශාන්තරවල තවත් සිටිනවා විය හැකිය. ඒත් දැක්මක් නොමැති දේශයකට ඔවුනගේ සේවය නොලැබී යයි.
    සුදේශ් මුතු යනු සැබැවින්ම කැනඩාවට පුංචි මුතු කැටයකි. තමාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මත අද ඉතා සුවපහසු ජීවිතයක් ගත කරන ඔහු බිරිඳ සහ පුතුන් තිදෙනාට කැනඩාවේ පුරවැසිභාවය ලැබී තිබුණද, අපේ ජාතිය අපේ ආගම ඔවුන් අමතක කර නැත. ශ්‍රී ලංකාවේ කලාකරුවන් සමඟ ගහට පොත්ත සේ බැඳී සිටින මේ පවුල කැනඩාවේ කෙරෙන ශ්‍රී ලාංකීය සංස්කෘතියට අදාළ වැඩකටයුතුවලට මුල් තැන් දී කටයුතු කරති. කොණ්ඩය වවාගත් නිකරුනේ කාලය ගත කරන තරුණයන්ට වඩා සුදේශ් අර්ථාන්විත මිනිසෙකි. දිගුම කොණ්ඩය සහිත මිනිසා ලෙස අද ගිනස් පොතට ගියද, එය ඒ සඳහාම කළ දෙයක් නොවේ. ජීවිතය ජය ගැනීම උදෙසා දියත් කළ අරමුණක ඵලයකි. ලංකාවට අගේ නැති කැනඩාවට අගේ ඇති සුදේශ් සහ බිරිඳ ඉරෝෂා මෙන්ම දරුවන්ගේ ආධ්‍යාත්මය රැඳී ඇත්තේ ලංකාවේම යැයි හේ පවසන දෙයකි.




    DSC_0730.jpg

    සුදේශ්ගේ මන්දිරය





    ඔහු සතු විෂන් ප්ලාස්ටික් සහ කළම්බු ට‍්‍රකින් ආයතනය ගැන අදට වඩා හෙට දින ජාත්‍යන්තරව කතා බහට ලක්වන බව අපට ඉඳුරාම පැවසිය හැකි දෙයකි.




    lankadeepen issuwe
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සන්තෝසයි...දුකයි
    "මම මගේ වියදමින් මේ කටයුතු ගැන දැනුමින් පොහොසත් විදේශීය විශේෂඥයකු සමඟ වරක් පැමිණ මෙහි බලධාරීන් සමඟ කතා කළා. ඒත් අපට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. ඒ පාර වැඬේ අත්හැරලා දාලා අපි ආපහු යන්න ගියා.’’
    ෂුවර් එකට Project coordinator අහන්න ඇති උට කොමිස් කීයද කියල. යකෝ එයාපෝට් හදල ලෝකෙට ණය වෙන රටේ මෙහෙම දෙයක් කරල විදේශ විනිමය නැතත් රටට හරි ඉතිරියක් වෙන දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි:no:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සන්තෝසයි...දුකයි

    ෂුවර් එකට Project coordinator අහන්න ඇති උට කොමිස් කීයද කියල. යකෝ එයාපෝට් හදල ලෝකෙට ණය වෙන රටේ මෙහෙම දෙයක් කරල විදේශ විනිමය නැතත් රටට හරි ඉතිරියක් වෙන දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි:no:

    100% corect
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සන්තෝසයි...දුකයි

    ෂුවර් එකට Project coordinator අහන්න ඇති උට කොමිස් කීයද කියල. යකෝ එයාපෝට් හදල ලෝකෙට ණය වෙන රටේ මෙහෙම දෙයක් කරල විදේශ විනිමය නැතත් රටට හරි ඉතිරියක් වෙන දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි:no:
    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තමන්ගේ රටට දෙයක් කරන්න බැරි ඕකනේ. අපේ මිනිහෙක් හොද දෙයක් කරන්න යනකොට ඒකට අපේ උන් ඉඩ දෙන්නේ නෑ. ඕකම සුද්දෙක් අරන් අවනම් පු*ත් දෙයි අපේ රට පාලනය කරන උන්.


     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම 1990 ගණන් වල පත්තරේක දැක්කා බොයිං සමාගමේ ගාඛාවක් ලංකාවේ පිහිටුවන්න අවසර ඉල්ලලා ඉල්ලං කාපු බොයිං සමාගමේ ඉංජිනේරුවෙක් ගැන විස්තරයක් මේ විදියම. ලංකාවේ මිනිරං තමයි ලෝකේ හොදම මිනිරං.බොයින් සමාගම මෙහෙ එන්න හේතුව ඒක. එතකොට චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව.උන් මේක අහක දැම්මා එයාලගේ බලාපොරොත්තුව උනේ 2015 වන කොට ලංකාවේ ගුවන් යානයක් හදන්න. අපේ කට්ටිය ඒක දිහා බැළුවේ කොමිස් වලක් විදියට.
    හික්කඩුව පැත්තේ කෙනෙක් මුහුදු රළ උපයෝගි කරගෙන විදුලිය නිපද වන යන්ත්‍රයක් හැදුවා.මේකේ විශේෂත්වය තමයි වඩ දිය බාදිය දෙකේදිම විදුලිය නිපදවිම. ඊශ්‍රයල් පොරවල් ටිකකුත් මේ ජාතියේ එකක් හැදුවා. වැඩ කරන්නේ වඩදියේ විතරයි. අපේ ඇමතිලා නිර්දේශ කලේ ඊශ්‍රයල් එක
    අපේ මහත්තයෙක් හැදුවා රේල් ගේට් එකක් මේක ස්වංක්‍රීය එකක් කොච්චිය එනවානම් ගේට් එක වැහෙනවා.ඒ දිහා ඇහක් ඇරලා බලන් එකෙක් හිටියේ නෑ.කෝච්චි පාර අළුත් වැඩියා කරද්දි අත්හදා බලන්න හයි කරපු යන්තෙර් ගලවල දැම්මා. දැන්
    කෝච්චි වලට වාහන හැප්පෙනවා අනාරක්ෂිත රේල්ගේට් වලදී
    මේකීපයක් විතරයි
    ඉතිං අපිට ආඩම්බරයි/දුකයි/ලැජ්ජයි/කේන්තියි
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සන්තෝසයි...දුකයි

    ෂුවර් එකට Project coordinator අහන්න ඇති උට කොමිස් කීයද කියල. යකෝ එයාපෝට් හදල ලෝකෙට ණය වෙන රටේ මෙහෙම දෙයක් කරල විදේශ විනිමය නැතත් රටට හරි ඉතිරියක් වෙන දෙයක් කරන්නෙ නැත්තෙ ඇයි:no:
    ආයෙත් අහලා මචන් 100 % ඇග්රිඩ්
    අර බෝයින් කොම්පැනියේ ඉන්වෙස්ට්මන්ට් එකයි , ලික්ක්වි ඩ් ෆර්ටිලිෂර් කේස් එකයි දෙකම නැති උනේ මේ අපේ කාලකන්නි ඔය වගේ වැඩ හින්දා තමයි

    අද මේ පජාත වැඩ කරන එවුන්ට හෙන ගහන්නේ ගහන්නේ නැහැ, ගහන්නේ මේ රටේ ඉන්න කාලකන්නි මහජනතාවට :growl:
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ආයෙත් අහලා මචන් 100 % ඇග්රිඩ්
    අර බෝයින් කොම්පැනියේ ඉන්වෙස්ට්මන්ට් එකයි , ලික්ක්වි ඩ් ෆර්ටිලිෂර් කේස් එකයි දෙකම නැති උනේ මේ අපේ කාලකන්නි ඔය වගේ වැඩ හින්දා තමයි

    අද මේ පජාත වැඩ කරන එවුන්ට හෙන ගහන්නේ ගහන්නේ නැහැ, ගහන්නේ මේ රටේ ඉන්න කාලකන්නි මහජනතාවට :growl:
    හෙන ගහයි බං ගහනකොට ඔය කාලකන්නි දේශපාලුවොන්ගෙ මිනී වළටත් එක්ක.
    කවද්ද බං මේ කාලකන්නි ක්‍රමේ නවතින්නෙ? සිංගප්පූරුව, ජපානය වගේ වෙන්න බැරිද අපිට?
    :(