සුනඛ හැසිරීම

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
Top Lanka News
meegona%201.jpg
" කාදිනල් මැල්කම් රංජිත් රෝමයේ සිට ගිය සතියේ ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළට ගිය අගමැති ඞී. එම්. රටටම ලැජ්ජා කළේය. ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයා කාදිනල් වරයෙක් පිළිගන්නේ මෙහෙමද සමහරු කිහ. බුද්ධශාසනය බාර ඇමතිවරයා හැසිරෙන හැටි කියා සමහර බෞද්ධයෝ දුක්වුහ. කට කාරයින් ඊට සුනඛ හැසිරීම යයි කිහ".
සමහරු මෝඩවුනාට ගොන්කම ප‍්‍රදර්ශනය කරන්නේ නැත. එහෙත් ශ‍්‍රී ලංකාවේ ගරු අගමැති ඞී. එම්. ජයරත්න?. ශබ්දනගා මෝඩකම පෙන්ව.න්නෙකි. යමෙකුට මවුභාෂාවෙන් බැහැර වෙන භාෂාවක් කතා කිරිමට බැරිකම එම පුද්ගලයාගේ දුර්වලකමක් නොවෙයි. එහෙත් ඞී එම්. තැනකට ගිහින් සිංහල කතාකළොත් භාගයක් ඉංග‍්‍රීසි වචන භාවිතා කරයි. ඒක කරන්නේ ඉංග‍්‍රීසි බැරිකම වහගැනීමට බව ඇසුරු කරන කවුරුත් දනි. ඞී. එම්. අගමැති තනතුරට පත්කිරීම පිළිබදව ජනතාව අතර නොයෙක් කතා පවතී. සමහරු කියන විදිහට උඩරට ජනතාව සතුටු කිරිම සදහා ජනාධිපතිතුමා කරපු වැඩකි. ජනාධිපතිතුමාගේ කීර්තිය තහවුරු කිරීම සදහා නුගතෙක් තෝරා ඔහුට අගමැතිකම දුන්නේ ය කියන කතාවේත් හරයක් පෙනේ. මොන හේතුවට අගමැතිකම ලැබුනත් ඒක ඞී .එම් ගේ පිනකි. සිංහල බෞද්ධයන්ගේ කරුමයකි. මොකද ඔහු බුද්ධශාසනය භාරඇමතිවරයා වශයෙන්ද කටයුතු කරන බැවිනි.
ජයරත්න සර්ව ආගම්කාරයෙකි. අම්බුලාවාගල කන්දට ගියා නම් එයාගේ වැඩ එතැනය. ඒත් බුද්ධිමත්තු සර්වආගම ගැන කතාකරන පිරිස කොටස් දෙකකට බෙදති. එක කොටසක් ඥානවන්තයෝය. අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමා වැනි අයය. එතුමාගේ කාදිනල් උත්සවයට ගිය හාමුදුරුවරුන්ට පනවා තිබු ආසන වලින්ම සර්වාගම කරන්නේ කුමක්ද වැටහේ. ඒත් මෙහෙම ගෑණු ලග ඉන්න හාමුදුරුවරුන්ට නුගත් බෞද්ධයෝ ගෑනු පෙරේතයන් කියා කියති. දුස්සීලයන් කියා ද කියති. ඥානවන්තයින්ගේ වැඩ එහෙමයි. අනිත් කොටස අඥානවන්තයෝය. ඞී එම් දෙවැනි කොටසට වැටේ. ඔහු තමන් කරන්නේ කුමක්ද කියා නොදැන බොහෝ දේවල් කරන්නෙකි.
මම කතාවෙන් පිට පැන්නෙමි. ඩි එම් ගැන ආයෙත් කියමි. ඉස්ලාම්වරු සතුන්මරා දෙවියන්ට බිලි පුජාකරති. මුන්නේශේවරමේත් සත්තු කපති. බයිබලයේ හැටියට ආදිම පුරුෂයා ඒබ‍්‍රහම් පුත්ගේ බෙල්ල කපා දෙවියන්ට පුජාවක් කරන්ට සුදුානම් වුයේය. සර්වාගම හරිනම් බෞද්ධයන් සතුන්ගේ බෙලිකැපීම ඉවසිය යුතුයි. ඞී එම් ලවා අම්බුලූවාගල පන්සල් දේවස්ථානයේ එහෙම දෙයක් වුනත් කරවාගන්ට බැරිකමක් නැත.
මං මේ ලිපිය ලියන්ට ගත්තේ මැල්කම් රංජිත් කාදිනල් වෙනුවෙන් මහා පූජාවක් අද තියෙන නිසයි. ජනාධිපතිතුමාත් මෙයට යයි. අගමැති ජයරත්නත් මීට යයි.
කාදිනල් මැල්කම් රංජිත් රෝමයේ සිට ගිය සතියේ ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළට ගිය අගමැති ඞී. එම්. රටටම ලැජ්ජ්ා කළේය. ශ‍්‍රී ලංකාවේ අගමැතිවරයා කාදිනල් වරයෙක් පිළිගන්නේ මෙහෙමද සමහරු කිහ. බුද්ධශාසනය බාර ඇමතිවරයා හැසිරෙන හැටි කියා සමහර බෞද්ධයෝ දුක්වුහ. කට කාරයින් ඊට සුනඛ හැසිරීම යයි කිහ.
කිසිම සිංහල පොතක සුනඛ හැසිරීම ගැන නැත. එත් සුනඛයින් තමාගේ ස්වාමියාව පිළිගන්නා හැටි අපි දැක ඇත්තෙමු. නැමෙති. දිග ඇරෙති. කට අරති. එවිට සෙවල පෙරෙති. වල්ගය වනති. මේ හැම ක‍්‍රමයකින්ම හිතවත්කම දත්වති.
අදත් අගමැතිතුමාව රූපවාහිනී මගින් අපට දකින්ඩ පුලූවන. ඒක ශ‍්‍රී ලංකාවට අගෞරවයක් වෙන්ඩ පුලූවන. බෞද්ධයන්ට නින්දාවක් වෙන්ඩ පුලවන. එත් කාදිනල් තුමාට හොදනම් ඒ මදැ.
2.jpg
 
  • Like
Reactions: Rana Rala

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොකක්ද බන් වෙලා තියෙන්නේ පෑහෑදිලිව කියපන්කෝ..........