ලොවට හොරෙන් සැගව යන සුන්දර ඇලි හත යුවතිය මෙතුවක් කාලෙකට බඹරගල කන්ද වර්ණවත් කරමින් ගලාගිය නයා ගං කොමලිය ඇයගේ අයිතියෙන් කොටසක් බලහත් කාරයෙන් උදුරා ගනිද්දි දනින් වැටිය නොහැකිව ඇයගේ සේලය දිගහැරුනු මහා ගල්පර දෙකක් සුර්ය්ය රෂ්මි මාලාවෙන් වියලෙන්නට හැර වෙත්ම මගකින් ටබයිනයක් තුල තැලී පෙඩිවී මහාහඩකින් විලාප නගමීන් සමනල රක්ෂිතයෙන් නික්ම යයි.
මීට එරෙහිව අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් මෙම මස 20 - 21 දෙදින පුරාවට ලයනනල් වෙන්ට්හි පැවැත්වෙන සුපුන් පෙරේරාගේ වනජීවී ඡායාරුප ප්‍රදර්ශනයේදී සිදු වේ. මීට හැකිතාක් පිරිස්ද සහභාගී කරවමින් මෙම ප්‍රදර්ශනයේ ඇති පරිසර මාතාවගේ සොදුරු මානයන්ද රසවිද, තවත් එක් සොදුරු දනවුවක් අනාගත පරපුර වෙනුවෙන් බේරාගැනීමට ඔබගේ අත්සනත් යොදන්න | 20th & 21st October 2015 - Lionel Wendt Art Gallery - 10:00am - 6:00pm
වැඩි විස්තර (0779419258) >>> http://www.infosrilankanews.com/2015/10/20-21.html