සුන්දර ලක්ෂපාන දිය ඇල්ල !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුන්දර ලක්ෂපාන දිය ඇල්ල !!!

    ලෝක ප්‍රකට සුන්දර ලක්ෂපාන දිය ඇල්ල ...................

    10371670_719075514824283_660027789269401801_n.jpg

    වත්මන් පාලක දේශප්‍රේ-මීයන්ගේ ක්‍රියා කලාපය නිසා කැළණි ගෙඟ් අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ පිහිටි ලෝක ප්‍රකට සුන්දර ලක්ෂපාන දිය ඇල්ල පණ අදිමින් තම අවසානය කරා ලඟා වී තිබේ. දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය නිසා ලෝක ප්‍රකට සුන්දර ලක්ෂපාන දිය ඇල්ලේ අවසානය සිදුව ඇත.

    ලක්ෂපාන දිය ඇල්ලට මීටර් 200 ඉහළින් ඉදිකරණ මෙම විදුලි බලාගාරයේ නිසා කෙරෙන පිපිරීම් නිසා දිය ඇල්ල දෙපස ඉවුරු හා මස්කෙළි ඔයේ ඉවුරු කඩා වැටීමට පටන් ගෙන ඇති අතර දිය ඇල්ලේ ගල් ගැලැවී වැටීම ආරම්භ වී ඇත. (සේයාරූ බලන්න) තවදුරටත් මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුවුවහොත් වැහි කාලයකදී වත් ලක්ෂපාන දියඇල්ලේ හැඩය වෙනුවට වෙනත් දියපාරක හැඩයක් ඇති වනු ඇත.

    දැනටමත් පිපිරීම් සිදුව ඇති ලක්ෂපාන දිය ඇල්ලේ සිදුකරන විදුලි බලාගාරයේ ඉදිකිරීම් නිසා ප්‍රදේශය පුරා දැඩි පාරිසරික හානියක් සිදුව තිබේ. මේ වන විට ලක්ෂපාන දිය ඇල්ලේ 80% කට වැඩි ප්‍රමාණයක් ගල් පැලී එල්ලී ඇත. පිපිරවීම් නිසා අස්ථාවර කොලූවියල් පස්වල ගල් කුට්ටි ඇද හැලීම ආරම්භ වී තිබේ.

    දැනට මස්කෙළි ඔය තුළ මීටර් 500 වැඩි දිගින් ඉදිකෙරෙන කොන්ක්‍රීට් ඇල නිසා මස්කෙළි ඔයේ මිරිදිය මත්ස්‍යයන්ගේ බෝ වෙන ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ සප්තකන්්‍යා කඳු පන්තියේ ජෛව විවිධත්වයට බරපතල හානියක් වී ඇත.

    මස්කෙළි ඔය හරහා දැනට ඉදිකෙරෙමින් පවතින අමුණින් ජලය අළුතින් ඉදිකෙරෙන කොන්ක්‍රීට් ඇල මාර්ගයට හැරවීමට අවශ්‍ය සියලූම දේ මේ වනවිට ඉදිකර අවසන් අතර මේ නිසා ගඟ වියලීම හා වෙනස්වීමක් සිදුවේ. එමගින් ජලය ආශී්‍රතව ජීවත් වන ඇතැම් ජීවී විශේෂ වඳවි යාමට හැකිය. ජලය ගල් කටාරම් හා පොකුණු මත රැස්වීමෙන් හා ජලය ගලාගෙන යන වේගය අඩුවිම තුලින් ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහල ගොස් ජීවීන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවීමෙන් මෙම වඳවීම සිදුවනු ඇත. මේ කලාපයේ ජලය ආශි්‍රතව ජීවත් වන දිය බල්ලා, ලංකාවට පමණක් ආවේනික මත්ස්‍ය විශේෂ වන ගල් පා`ඩියා , දණ්ඩියා, මඩ කණයා, පුවක් බඩිල්ලා, ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ අවදානමක් ඇත. ඉදිකිරීම සඳහා යොදාගන්නා සිමෙන්ති හා පිපිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යය වැසි ජලය සමග මිශ්‍ර වී මස්කෙළි ජලයට මුසු වීම තුල මෙම ජීවීන් වඳවීම දෙගුණ තෙගුණ වී තිබේ.

    එක් අතෙකින් සංචාරකයන් ගෙන්වා ගැනීම රටේ ප්‍රධාන අනාගත ඉලක්කව වී තිබියදී මෙවැනි දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් ඉදිකෙරෙන බලාගාරය නිසා ලක්ෂපාන දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට දිය ඇල්ල වෙනුවට අනාගතයේදී දැකගත හැකි වන්නේ දිය ඇල්ල වනසා ඉදිකළ විදුලි බලාගාරයකි. සංචාරකයන්ගේ රටවල මීට වඩා බලාගාර ඇති බැවින් බලාගාර බැලීමට ඔවුන් එන්නේ නැත

    පරිසර සංවිධාන විසින් වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ මේ ගැන පරිසර අමාත්‍යංශය, භ විද්‍යා හා පතල් කාර්යාංශය, ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම් වරුන් ඇතුළු නිලධාරීන් හා ආයතන 32 කට වැඩි ප්‍රමාණයක් දැනුවත් කළද ඒ සියල්ල බීරි අලින්ට කළ වීනා ගායනයක් වී ඇත.

    -පරිිිිසර සහ සොබාදහම් මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර කාරියවසම් විසිනි-​
     
    • Like
    Reactions: Wild-EYE