සුන්දර ලිප්ටන් සීට් වෙත Pics 30 +

gepa

Well-known member
  • සුන්දර ලිප්ටන් සීට් වෙත Pics 30 +

    ලංකාවේ බලන්න තියන සුන්දර තැන් අතරින් තවත් එක් සුන්දර තැනක් තමයි ලිප්ටන් සීට් කියන්නේ.මේ ලිප්ටන් සීට් කියන නාමය මෙතනට පටබැ‍ඳෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසයි.ඔහු තමයි ලිප්ටන් ‍තෝමස්.1864 දි නැවක කැබින් බෝයි කෙනෙක් විදියට සේවය කරලා ඝනකධිකාරීවරයෙක්,පොත් තබන්නෙක් සහ ගෙයින් ගෙට ගිහින් භාන්ඩ විකුනන අලෙවිකරුවෙක් විදියට සේවය කරලා අවසානයේ සහකාර තේ පරීක්ශකයෙක් විදියට නිව්යෝක් වල වැඩ කරලා තියෙනවා.

    1980 වර්ශයේ මේ ලිප්ටන් මහත්තයා ලංකාවට එන්නේ ලංකාවට තේ වගාව හඳුන්වාදුන් ජේම්ස් ටේලර් මහත්මයගේ ව්‍යාපාර කටයුක්තකට.එහෙම ආපු ගමනේ ලිප්ටන් මහත්මයා ලිප්ටන් නමින් තේ වර්ගය ලංකාවට හන්දුන්වා දෙමින් දඹේතැන්න වත්ත සහ දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව ආරම්භ කලා.ඒ පූනාගල කඳේ අක්කර 925ක භූමියක.

    මේ ලිප්ටන් මහත්මයා ස්වභාව සැන්දර්යට බෙහෙවින් ඇලුම් කල කෙනෙක්.. ඒ නිසා මේ පූනාගල කන්දේ දඹේතේන්න වත්තේ ඔහුට අංශක තුන්සිය හැටකින් බලන්න පුලුවන් වෙන විදියට අසුනක් නිර්මානය කලා.ඒ අසුන තමයි අද Lipton seet නමින් හැඳින් වෙන්නේ..

    මෙතනට එනවා නම් පාරවල් දෙකක් තියනවා. එකක් හපුතලේ නගරයෙන් අනික බන්ඩාරවෙල හරහා.මගේ ගමන පටන් ගන්නේ බන්ඩාරවෙල නගරයෙනෙතනින් පටන් අරන් පූනාගල හරහා ලිප්ටන් සීට් ගිහින් එනකොට දඹේතැන්න හරහා හපුතලේ නගරයට සේන්දු වෙන්නයි මම මේ ගමන පටන් ගත්තේ.

    start.jpg


    මට සම්පූර්න ගම ඉවර වෙනකොට හිතුන විදියට ලස්සනම පාර පූනාගල පාර තමයි.ඒ පාරෙන් එනකොට ටිකක් විතර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අවට පරිසරයේ ලස්සන විඳින්න පුලුවන්.මුලින්ම මේ ගමන බන්ඩරවෙල ටවුමෙන් පටන් අරන් ටිකක් දුරක් එනකොට දඹේතැන්න වතු යායට අයිති පරන තේ ෆැක්ටරියක් හම්බවෙනවා.ඒ ෆැක්ටරිය ගාවින් වාහනයක් ඇතුලට දානවා නම් වෙනම ටිකට් පතක් ගන්න වෙනවා..ඒ කැතරින් ඩිවිශන් එකට ඇතුල් වෙන්න..එතැන් පටන් ලිප්ටන් සීට් එකට යනකන්ම ඊතල මගින් සලකුනු ලකුනු කරලායි තියෙන්නේ.ඒක හංද කිසිම අවුලක් නැතුව ගමන යන්න පුලුවනි.

    start1.jpg


    මගේ ගමන පටන් ගන්නකොට උදේ පාන්දර 6.30ට වගේ වෙන්න ඇති. ඒ හඳා ඉර නැගගෙන එන්න ඔන්න මෙන්න වෙලාවක ඈතින් කන්දුකරේ පෙනුනේ මෙහෙම..පින්තූරේ වමට එලි කරපු කේල්ලක් තියෙන්නේ නරියා කන්ද..

    yanamaga1.jpg


    යන පාර දිගටම මේ විදියට පාර ලකුනු කරලයි තියෙන්නේ
    yanamaga2.jpg


    මේ යන අතරමග සුන්දරත්වය

    yanamaga3.jpg


    yanamaga5.jpg


    yanamaga6.jpg


    yanamaga8.jpg


    yanamaga9.jpg


    උදේ පාන්දර ඉඳලාම දලු කඩන අය ඒගොල්ලන්ගේ පාඩුවේ වැඩ

    yanamaga7.jpg


    පහලින් පොඩියට ඈතට විහිදෙන ලයින් ගම්මාන බලාගන්න පුලුවන්.මේ පින්තූරේ නම් පොඩියට කෝවිලකුත් පේනවා

    yanamaga10.jpg


    වත්තට අයිති වාහන වල ගෙනියන කිරි

    yanamaga11.jpg


    මමත් මගේ ගමන හෙමින් හෙමින් ඉදිරියට ඇදුනා

    yanamaga12.jpg


    යන මාර්ගයේ කඳුවැටිය පැත්තේ බැඳ ඇති ගල්බැමිවල තැනින් තැන සුදු පිරියම් කළ චතුරස්‍රාකාර කොටුවල පරිසරය හා මිනිසා අතර ඇති අවියොජනීය සම්බන්ධතාවය හා පරිසරයෙහි හා ජලයෙහි ඇති වටිනාකම දැක්‌වෙන රුවන් වැකි ඉංග්‍රීසි බසින් ලියා තිබෙනවා. ලිප්ටන් මහතා නිකම්ම ව්‍යාපාරිකයකු පමණක්‌ නොව කලාකාමි පරිසරවේදියෙකු බව ඉන් කියා පානවා.

    yanamaga13.jpg


    yanamaga14.jpg


    දෙපස පරිසරය එන්න එන්නම වචනයෙන් විස්තර කරන්න බැරි තරමට සුන්දර දසුන් මවා පානවා

    yanamaga15.jpg


    yanamaga16.jpg


    yanamaga17.jpg


    yanamaga18.jpg


    yanamaga19.jpg


    yanamaga21.jpg


    ඔහොම ටිකක් දුර යනකොට ලිප්ටන් සීට් වෙත යන පාරට අපි ලඟා වෙන්වා.මෙතනින් ටිකට් එකක් එහෙම අරගෙන තමයි යන්න ඕනි.වාහනයටත් යන පිරිසටත් වෙනම ටිකට් ගන්න ඕනි

    yanamaga23.jpg



    තමන්ගේ ජීවිතයම වත්තේ දලු කඩන එක ගැන පොඩි දුකකුත් මූනේ තියනවා වගේ

    yanamaga24.jpg


    yanamaga25.jpg



    මුලු ගමනේ කිලෝමීටර් 13.5 වගේ ගියහම අපි අවසානයට ලඟා වෙනවා

    yanamaga26.jpg


    මෙතන ඉඳන් අංශක 360ක ප්‍රමානයෙන් වටපිටාව අපිට බලන්න පුලුවනි.ලිප්ටන් මහත්තයත් මෙතන ඉඳලා එහෙම බලලා තියනවා..මේ දවස් වල මෙතනට උදෙන්ම එනවා නම් මීදුම නැතුව පැහැදිලිව වට පිටාව බලාගන්න පුලුවන්.කොහොම උනත් අපි මෙතනට එනකොට උදේ 8ට වගේ උනා.ඒ වෙනකොට වලාකුලු වලට වැහිලයි තිබුනේ

    yanamaga28.jpg



    ලිප්ටන් නාමයෙන් තියන තේ සමාගමෙන් මෙතන පස්සේ කාලෙක ලිප්ටන් මහත්තයගේ අනු රුවක් ඉදි කරලා තියනවා.ඒ කාලෙ එයා මේ විදියට ඉන්දගෙන වටේ සිරි නරඹන්න ඇති. කාට උනත් මෙතන ඉඳගෙන පිංතුරයක් ගන්න තහනමක් නෑ

    yanamaga29.jpg


    ගොඩක් ව්දේශිකයන් මෙතන ඇවිත් මෙහි සුන්දරත්වය විඳිනවා. ඒ වගෙම මෙතනට ආවොත් මේ තියන පුන්චි අවන්හලේ උනු උනු රොටියක් එක්ක ප්ලේන්ටියක් බොන්න මතක කරන්නත් එපා..

    yanamaga31.jpg



    yanamaga32.jpg


    මේ වත්ත පුරාවටම යනකොට ලිප්ටන් මහතා ලියූ වදන් තේ වත්ත පුරාවටම ලියා තිබෙනවා

    yanamaga33.jpg


    ඒ වගේ තිබුනු තවත් එක් වැකියක් මගේ හිත ගත්තා

    'මිනිසෙකු යහපත් අයෙකු වීමට සිතන්නේ නම් ඔහු විසින් ඉටු කළ යුතු ප්‍රථම කාර්යය වන්නේ සත්ත්ව හිංසාවෙන් වැළකීමයි. අප ජීවත්වන භූමිය එකම සමාජයක්‌ ලෙස සිතමින් එය ආදරය හා ගෞරවය පැතිර වීමට යොදා ගත යුතුයි.''

    මෙතනට ලංකාවේ පලාත් නවයෙන් 5ක්ම දර්ශනය වෙනවා..ඒ තම දකුන නැගෙනහිර සබරගමුව ඌව සහ මධ්යම කියනපලාත්.රාත්‍රී කාලයේ අහස පැහැදිලි නම් දෙවුන්දර තුඩුවේ ප්‍රදීපාගාරයේ අලෝකය වගෙම ත්‍රිකුනාමලයේ ප්‍රදීපාගාරයේ ආලෝකයත් බලාගන්න පුලුවන්

    ඔන්න ඔහොම මගේ ලිප්ටන් සීට් සංචාරය අවසන් වෙනවා.ඉතුරු කිලෝමීටර් 8ක දුර මම දඹේතැන්න හරහා හපුතලේට ඇවිත් මගේ සංචාරය නිමා කරනවා.ජීවිතයේ ඔබත් වරක් හරි ඇවිත් යන්න පරිසරයේ සුන්දරත්වය විඳින්න එන්න හොඳ තැනක් විදියට මේ සුන්දර ලිප්ටන් සීට් හඳුන්වන්න පුලුවන්.

    බ්ලොග් එකටත් එක්කම දිගට ලිව්වා.කස්ටිය බැලුව නම් අමතක නොකර කමෙන්ටුවක් වත් කොටාගෙන යන්ට.තවත් සංචාරක සටහනකින් හමු වෙමු
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි... :) රෙප්+14

    මමත් යන්න ආසම තැනක්... තාම යන්න බැරි වුනා... :( පොඩි කාර් එකකින් යන්න පුලුවන්ද මචං.? පාර එහෙම කොහොමද... ?
     

    gepa

    Well-known member
  • නියමයි... :) රෙප්+14

    මමත් යන්න ආසම තැනක්... තාම යන්න බැරි වුනා... :( පොඩි කාර් එකකින් යන්න පුලුවන්ද මචං.? පාර එහෙම කොහොමද... ?

    පාර හොඳටම තියෙනවා.පොඩි කාර් එකකට යන්න ලේසියෙන්ම පුලුවනි..පූනගල පැත්තෙන් එනකොට පොඩි පොඩි අවුල් නැතුවාම නෙවෙයි.. ඒත් කාර් එකකට එන්න පුලුවන්