සුන්දර_උඩවත්ත_කැලේ

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සුන්දර_උඩවත්ත_කැලේ

    සුන්දර උඩවත්ත කැලේ


    ශී‍්‍ර දළදා මාළිගාව අවට භූමියත් මහනුවර වැවත් ආරක්‍ෂා කරන මනරම් වනාන්තරයක් ලෙස උඩවත්ත කැලේ ප‍්‍රදේශය ප‍්‍රසිද්ධය. ශී‍්‍ර දළදා මාළිගාවට උතුරු දෙසින් අක්කර 257 ක භූමි ප‍්‍රදේශයක මෙම කුඩා වනාන්තරය පැතිරී ඇත. මහනුවර රජකළ පළමුවැනි විමලධර්මසූරිය රජුගේ පටන් සෑම රජකෙනෙක්ම උඩවත්ත කැලේ භූමිය ආරක්‍ෂා කිරීමට නීතිරීති අණ පනත් කි‍්‍රයාත්මක කළබව ඉතිහාසය කියයි. පැරැණි රජවරුන් මෙම භූමිය මාළිගා භූමියේම කොටසක් ලෙස සලකා ආරක්‍ෂා කරන ලදී. නූතන පරිසරවේදීන් පවසන්නේ උඩවත්ත කැලේ භූමිය නොතිබෙන්නට නුවරවැව දැනටමත් සිඳී ගොස් ඇති බවයි. මහනුවර වැවට ජලය සපයන ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයක් ලෙස උඩවත්ත කැලේ ප‍්‍රදේශය සැලකේ.කි‍්‍ර.ව. 114 – 136 අතර කාලයේ රජකළ ගජබා රජු මෙම ස්ථානයේ විශාල ගමක් ඉදිකළ අතර කුරුණෑගල යුගයේ පණ්ඩිත පරාක‍්‍රමබාහු රජු කි‍්‍ර.ව. (1302 – 1326 ) මෙහි ජනාවාසයක් ගොඩනගන ලදී. ගම්පළ රජකළ සේනාසම්මත වික‍්‍රමබාහු රජු මෙම වනය තුළ මාළිගයක් ගොඩනගා සුන්දර හාත්පස දර්ශනය අලංකාර කිරීමට විවිධ වෘක්‍ෂලතා රෝපණය කළේය. අතීතයේදී මෙම කුඩා වනාන්තරයේ පක්‍ෂීන්, උරගයන්, කැළෑ සතුන් රැසක් දක්නට ලැබී ඇත. එහෙත් අද එම කැලෑ ජීවින් දක්නට ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි. උඩරටටම විශේෂිත වූ පුෂ්පයන්ද වටිනා වෘක්‍ෂ ලතාද තවමත් ඉතිරිව තිබේ.
    ගම්පළ රජකළ සේනාසම්මත රජු රජ පවුලේ ඇත්තන්ට අවට සෞන්දර්යය නරඹනු සඳහා මෙම භූමිය යොදාගත් බව ප‍්‍රකටය. මෙහි පොකුණක් ඉදිකොට ජලජ පැලෑටි වවා එම පොකුණෙන් දියනෑමට රජ පවුලේ අය කි‍්‍රයාකළ බව ඉතිහාසය කියයි. මහවැලි ගඟට හා නුවර වැවට ජලය මුදාහරින ප‍්‍රදේශයක් ලෙස පාරිසරික වැදගත්කමින් යුත් උඩවත්ත කැලේ වන තීරය පිත්ත පටියක් ලෙස දළදා මාළිගාවට උතුරු දෙසින් පිහිටා ඇත.උඩවත්ත කැලයේ වැදගත් ස්ථාන කීපයක්ම දක්නට ලැබේ. එහි ඇති ලේඩි හෝටන් මාවත 1843 දී හෝටන් ආණ්ඩුකාරයා සිය බිරිඳ නමින් නම් කරන ලදී. සෙන්කඩ නම් තවුසකු විසු ලෙනක්ද මෙහි ඇත. එය සෙන්කඩ ලෙන නමින් ප‍්‍රකටය. උඩවත්ත කැලය වන තීරය කුඩා කඳුගැට කීපයකින් සමන්විත වේ. මෙහි ඇති උසම කඳු මුදුන කොඩිමලේ නමින් ව්‍යවහාරවේ. එහි උපරිම උස මීටර් 600කි. කොඩිමලේ ආසන්නයේ වසර 300කටත් වඩා පැරැණි විශාල පුස්වැළක් ඇත.රජ පවුලේ සාමාජිකයන්ට ස්නානය කිරීම සඳහා වෙන්වුණු ජල පොකුණද අදත් දක්නට ලැබේ. නුවරවැව ජලය සපයන ජලපෝෂක ප‍්‍රදේශයක් ලෙස සැලැකෙන උඩවත්ත කැලේ වනතීරයට හානි පැමිණිය හොත් මහනුවර නගරයටත් නුවරවැවටත් ජලය සැපයීම අඩාල වනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති. එමනිසා මෙම ජලපෝෂක ප‍්‍රදේශය රැක ගැනීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.


    map-of-udawalawe-national-park.jpg




    Udawalawe-National-Park-Sri-Lanka-4.jpg


    uda-walawe-6.jpg


    Kumana_peacock.jpg



    lepourd-udawalawe.jpg


    CRW_6100%202005%2004%2007.jpg


    Sri-lanka-Uda-Walawe-National-Park-elephant-mother-baby.jpg


    peacock-Udawalawe02.jpg


    1357718747_1!!-!!Udawalawe%20National%20Park%203.jpg

    මාගේ අනෙකුත් Threads..

    සුන්දර_රූමස්සල
     
    • Like
    Reactions: tharindu455

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නුවරවැව ජලය සපයන ජලපෝෂක ප‍්‍රදේශයක් ලෙස සැලැකෙන උඩවත්ත කැලේ වනතීරයට හානි පැමිණිය හොත් මහනුවර නගරයටත් නුවරවැවටත් ජලය සැපයීම අඩාල වනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති.

    ඈ බන් නුවර නගරයට වතුර දෙන්නේ නුවර වැවෙන් නෙමෙයි.මහවැලි ගගෙන්...
    උඩ්වත්ත කැලේ අලි කොහෙද බන්...මේ ෆොටො අදාල නැති ඒවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උඩවත්ත නම....විස්තරත් උඩවත්ත...ඒත් පොටො උඩවලව :no::no::no::no:

    හැමදාම ඕක පැත්තෙන් යනවා...අලි කොටිත් ඉන්නවා කියලා දෑන්නේ දන්නේ :lol::lol:
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    පිස්සු හු යන්නෙක් ...අලි කොහෙද ගොබ්බයො උඩවත්ත කැලේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අලි කොටි ඉන්නවා? ද ?
    වල ඌරෝ නම් ඉන්නවා සමහර වෙලාවට ඔය ලේවැල්ල බංගලාවත්ත පැත්තට එනවා ඌරෝ

    අලි කොටි කොයින්ද ඉතින්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පිස්සු හු යන්නෙක් ...අලි කොහෙද ගොබ්බයො උඩවත්ත කැලේ

    Onanam heelae aliyek inna puluvan, hebei anik saththu kohethma nehe. Api issara iskole innakota hendevata oka haraha duvanava. Ethakota aliyekvath dekala nehe :lol: :lol::lol: