සුනිල් හෙට්‌ටිආරච්චි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සුනිල් හෙට්‌ටිආරච්චි

    ඔහු ප්‍රේක්‍ෂකයාගේ පුංචි තිරයේ ආදරණීය රසවතෙකු විය. සිනහ උපදවන චරිතවලට පණ පෙවුවද ඔහුගේ රූපකාය තුළ අතිශය සරල හා ගැඹුරු බවක්‌ දකින්නට තිබිණි.

    m7.jpg


    සැබෑ දිවියේදී හේ ඇසුරු කළ කවරකු වුවද ඔහුගේ සරල බව අත්විඳ ඇති බවට සැක නැත. පැරණි ටෙලිනාට්‍යයක නැවත විකාශයක්‌ දුටු පමණින් ඔහු ගැන බොහෝ දෙනෙක්‌ විපරම් කරන්නේය. එහෙත් ඉතා දිගු කාලයක්‌ පුරා ඔහු සිටියේ කලා ලොවින් ඈත්වය.

    හෙතෙම සුනිල් හෙට්‌ටිආරච්චිය. සුනිල් හෙට්‌ටිආරච්චි පසුගිය දිනවල රෝගාතුර වීම නිසා රෝහල්ගත කර තිබුණේය. එහෙත් මෙසේ රෝගී වීමට පෙරාතුව සුනිල් ඉතා දිගු කලක්‌ එනම් වසර හතරකට ආසන්න කාලයක්‌ පාකින්සන් රෝගී තත්ත්වයෙන් පෙළුණු බව ඔහුගේ දූ දරුවන් කියන්නෝය.

    "වෛද්‍යවරු කිව්වේ තාත්තාට පාකින්සන් රෝගය කියලයි. හැබැයි ඒ රෝගයේ උච්චතම අවස්‌ථාවට එන්න කලින් අපි ප්‍රතිකාර කළා." ඔවුන් කියන්නේය.

    සුනිල්ගේ දූ දරුවන් පමණක්‌ නොව මුණුබුරු මිණිබිරියන් ද ඔහුට අතිශය දයාබරය. රෝගාතුර ඔහුගේ බොහෝ උවටැන් කටයුතු සිදුවන්නේ මේ අය අතිනි.

    බෙහෙවින්ම මතකය අඩු මට්‌ටමක සිටින සුනිල්ට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක්‌ නැත. ඒ පාකින්සන් රෝගයේ ස්‌වභාවයයි. එහෙත් සුනිල්ගේ රංගනයට සිත් බැඳි බොහෝ දෙනෙක්‌ ඔහුට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරන බව අප දනිමු.

    සුනිල් කලකට ඉහතදී ඇනස්‌ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්‌ව "විනෝද සමය" වැඩසටහනේ පවා ශිල්පියකු ලෙස කටයුතු කළේය. වර්තමානයේදීත් ඔහු කෙරේ එසේ භේදයකින් තොරව ප්‍රේක්‍ෂක රසික සමූහයක්‌ බැඳී සිටින්නේ ඔහුගේ ඒ රංගන ප්‍රතිභාව කෙරෙහි දැක්‌වූ ඇල්ම හේතුවෙනි.

    මුලින් කීවාක්‌ මෙන් සරල දිවියක්‌ ගත කළ සුනිල් හෙට්‌ටිආරච්චි රෝගාතුර වීමට පෙරාතුව සිය විවේකය කැප කර තිබුණේ පොත්පත් කියවීමටය. ඔහුගේ සමීපතමයන් කියන්නේ බොහෝ විෂය කාරණා ගැන ඔහුට පුළුල් දැනුමක්‌ තිබූ බවය.

    කාලයකට ඉහතදී සුනිල් අතිශය හැඟීම්බර සහ කම්පාවට පත්කළ සිදුවීම වූයේ ඔහුගේ ප්‍රිය බිරිඳගේ අභාවයයි. එය ඔහු තුළ දැඩි වේදනාවක්‌ ඇති කරන්නට සමත් වූවා යෑයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එහෙත් සිය බිරිඳගේ වියොවින් පසු සුනිල් සිය දූ දරුවන් හතරදෙනා වෙනුවෙන් කැප වූ ආකාරය ගැන බොහෝ දෙනෙක්‌ පැසසුම් මුඛයෙන් කතා කරති.

    සුනිල් රෝගාතුරව මේ වසරේ අගෝස්‌තු 04 වැනිදාට වසර හතරක්‌ පිරෙන නමුදු, ඒ බව ඔහුගේ රසික පිරිස්‌ හෝ ක්‍ෂේත්‍රයේම බොහෝ පිරිසක්‌ දැන සිටියේද නැත. මාධ්‍යයට පවා ඒ ගැන තොරතුරු ලැබුණේ නැත. ඒ සුනිල්ගේ හැටිය. අනවශ්‍ය ප්‍රසිද්ධිය හෝ කිසිවෙකුටත් අපහසුතාවක්‌ අසීරුතාවක්‌ ඇතිවන පරිදි කටයුතු කිරීම ඔහු නොරිස්‌සීය.

    එහෙත් එවැනි සොඳුරු කලාකරුවකු කිසි විටෙකත් හුදකලා වන්නේ නැත. දරු මුණුපුරු මිණිබිරියන්ගේ පමණක්‌ නොව ප්‍රේක්‍ෂක රසිකයන්ගේ සහෘද කලාකරුවන්ගේ නොමඳ ආදරය ඔහුට හිමිවන්නේය. එහෙයින්ම අපිදු ඔහුට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනය කරමු.

    උදේශ
     
    • Like
    Reactions: Evo X and Mr.Tom

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ රටේ ගොඩක් විකට නලුවන්ට අන්තිම කාලේ දුක් විදින්න වෙනවා, ෆ්‍රෙඩි සිල්වා ඒ අතරින් කෙනෙක්.. අහන්න ලැබුනා මර්සි එදිරිසින්හ ත් ලෙඩින් ඉන්නවා කියලා
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ රටේ ගොඩක් විකට නලුවන්ට අන්තිම කාලේ දුක් විදින්න වෙනවා, ෆ්‍රෙඩි සිල්වා ඒ අතරින් කෙනෙක්.. අහන්න ලැබුනා මර්සි එදිරිසින්හ ත් ලෙඩින් ඉන්නවා කියලා

    ඔව් මචන්. පුදුම ජීවිත. මිනිස්සු හිනාගස්සවන මනුස්සයා දුකෙන් :(:(