සුනිල්_රත්නායක_නිදහස්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සුනිල්_රත්නායක_නිදහස්

    fb-img-1574157236844.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රණවිරුවන් නිදහස් කරන එකේ පොඩි ප්‍රශ්ණයක් තියෙන බව පේනවා.... 19 සංශෝධනෙත් එක්ක ජනපතිට කෙලින්ම ඕඩර් කරන්න බෑ චුදිතයෙක් නිදහස් කරන්න. ඒකට නීතිපතිගේ අනුමැතිය අවශ්‍යයි.... ඒත් වත්මන් නිතිපති කියල තියෙනව චෝදනා තියෙන කිසිම කෙනෙකුට සමාව දෙන්න එයාගේ අනුමැතියක් ලැබෙන්නේ නැති කතාවක්... ජනාධිපතිත් මේ කිසි දෙයක් පවර්ස් යොදවල කරන්න කැමැත්තක්පේන්නේ නෑ... නිතියටඅනුව හැම දෙයක්ම වෙන්න ඕන කියල එයා හිතනවා. හැබැයි නීතිපතිගෙන් මේ ගැන ජනපති ඉල්ලීමක් කරල තියෙනවා. ඒත් නෝ රෙස්පොන්ස්... මම හිතන්නේ සුනිල් රත්නායකගේ ගැටලුව මේකයි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    රණවිරුවන් නිදහස් කරන එකේ පොඩි ප්‍රශ්ණයක් තියෙන බව පේනවා.... 19 සංශෝධනෙත් එක්ක ජනපතිට කෙලින්ම ඕඩර් කරන්න බෑ චුදිතයෙක් නිදහස් කරන්න. ඒකට නීතිපතිගේ අනුමැතිය අවශ්‍යයි.... ඒත් වත්මන් නිතිපති කියල තියෙනව චෝදනා තියෙන කිසිම කෙනෙකුට සමාව දෙන්න එයාගේ අනුමැතියක් ලැබෙන්නේ නැති කතාවක්... ජනාධිපතිත් මේ කිසි දෙයක් පවර්ස් යොදවල කරන්න කැමැත්තක්පේන්නේ නෑ... නිතියටඅනුව හැම දෙයක්ම වෙන්න ඕන කියල එයා හිතනවා. හැබැයි නීතිපතිගෙන් මේ ගැන ජනපති ඉල්ලීමක් කරල තියෙනවා. ඒත් නෝ රෙස්පොන්ස්... මම හිතන්නේ සුනිල් රත්නායකගේ ගැටලුව මේකයි.


    :yes::yes:

    නීතිපතිට නියෝග දිමේ ව්‍යවස්ථාපිත බලයක් ජනාධිපති විමර්ශන කොමිසමට නෑ - නීතිපති

    නීතිපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති විමර්ශන කොමිසන් සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතිමය බලයක් හෝ අයිතියක් නොමැති බවද නීතිපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ලිඛිතව කළ දැනුම් දීමේදී අවධාරණය කොට ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.


    http://www.ada.lk/breaking_news/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B7%91---%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92/11-357219


    ජනාධිපති සමාව යනු කුමක් ද?

    සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි.

    34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.

    එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය.

    අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ.

    කෙසේනමුත්, අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ.

    එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

    අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි.

    ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි.

    "මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී එම් රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය.


    https://www.bbc.com/sinhala/sri-lanka-48861631