සුපර්මෑන් තුමා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සුපර්මෑන් තුමා

    "හා හා පුතේ...දඟ කරන්න, කට වරද්දගන්න එපා පැටියෝ....අපි මේ ඇවිල්ලා ඉන්නෙ සුපර්මෑන් තුමාගෙ දේවස්ථානෙට නේ....එතුමා අපි දිහා බලාගෙන ඉන්නෙ...පුංචි බබාලා හැසිරෙන හැටි එයා බලනවා උඩ ඉඳලා....මයෙ පුතා දන්නව නේද සුපර්මෑන් තුමාගේ කථාව....ඇයි පුතේ අර දහම් පාසැලේදි පුතාලට කියවන්නේ "ඩී.සී කොමිකයෙ" කථා....සුපර්මෑන් තුමා කියන්නෙ අපිව පාපයේ අඳුරෙන් ගළව ගන්න මේ ලෝකෙට පහළ වුනු උත්තමයා....මීට අවුරුදු දාස් ගාණකට උඩදි එතුමාගේ ජීවිතේ ගැන තමයි "ඩී.සී කොමිකය" ලියලා තියෙන්නෙ....මයෙ පුතා හොඳ දරුවෙක් වගේ ඩී.සී කොමිකයෙ දවසකට එක පිටුවක් හරි කියවන්න ඕන හොඳද?....ආ..."
    "උඹ ඔය කොල්ල එක්ක තියෙන සම්බන්ධෙ වහාම නතර කරන්න ඕන....ඇයි කියන්නෙ?... ඇයි කියන්නෙ නෑම්බියෙ උඹ දන්නවනෙ අපි පරම්පරාවෙන් හොඳ පිරිසිදු "ඩී.සී" කාරයො...ඌ "මාවල්" කාරයෙක්....උන්ගෙ ආගමේ දෙසන්නෙ ඔය "ස්පයිඩර්මෑන්, එක්ස්මෙන්, ඇවෙන්ජර්ස්" වගේ මේ මොන ලෝකෙකවත් නැති පට්ටපල් මුසාවාද.....එහෙව් මිථ්‍යා දෘෂ්ඨිකයෙක් එක්ක ගිහින් උඹ අපේ පරම්පරාවම අපාගත කරන්නද හදන්නෙ?....උඹ ඉපදෙන්න ඉස්සර මමයි උඹලගෙ අම්මයි කී වතාවක් නම් මෝදර "ජස්ටිස් ලීග්" දේවස්ථානෙට ගිහින් බාර උනාද අපිට හොඳ නිරෝගී දරු සම්පතක් ලබා දෙන්න කියලා....උඹ ඉපදුණු දවසෙ උඹලගේ අත්තම්මා කිව්වෙ "වොන්ඩර් වුමන් මෑණියො" අපේ මූණ බැලුවා කියලා....එහෙව් එකේ උඹව මේ තරම් උස් මහත් කළාට පස්සෙ උඹව මිථ්‍යා දෘෂ්ඨිකයෙකුට ගෙනියන්ඩ දෙන්න....?....මේ අම්මා අප්පා මළා කියලා හිතාගෙන ඕක කරගනින් දුවේ....!"
    (කොපිරයිට්ස්: සයිබර් වරිගෙ උණ්ඩියා)

    Ape minissu anukaranaya karana widiyata mehema wenna ba kiyannath be sinhalu...:eek::eek: