<< සුපිරි කවි ට්කක් >>

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දා ගෙන නටන බහු රූ වැනි ගොං ...කෙල්ලන්
    පැන්තා, ජැකා, සස්ලිට් කරනව .....සෙල්ලන්
    පැණි පෙරන මුත් අහු වෙන්නේ නෑ කෙල්ලන්
    අයියල දෙන්න බැස්සොත් උඹලා.....සල්ලන්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අයියා ඉන්න විට මම.........නැත
    මම ඉන්නා විට අයිය.........නැත
    කිඹුල ජැකා සොනික.........නැත
    මමත් යනවා ඔන්න මං.......නැත


    යන්නට එපා සස්ලිට්ටෝ මම දාලා
    ඔන්න පැන්ත මලය ඇවිත් කවි දාලා
    කොල්ලොත් නටවයිලු කුකුලෙක් සැර දාලා
    සැකයක් උපන පැන්තා ගේ වැඩ දැකලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පැණි මුල් දෙකක් නොව කන්ටේනර්.....දෙකකී
    ලොක්කයියවත් නරක්කරපු.............කිඹුලේකී
    අපිට නොදී අරව බීපු.................දෙදෙනේකී
    පැන්ත හිටියනම් අද මෙහි මළ............ගෙයකී
    මට හැක මගේ ප්‍රේමය ගෙන ......බෙදන්නට
    එක්කෙනකුට නොවේ හත් දෙනෙකුට .දෙන්ට
    අධ්‍යාත්මයේ වපසරි ............පෙනෙන්නට
    කවි කියන කෙල්ල කැනදන් යමි ......පැලට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තිස් දෙක හැලුනු ලොවිච්චියක් වූවත් මේ පෙට්ෂ ...කෙල්ල
    තිරිහන් ලෙස ලව් කරනා ආච්චියෙකි නොයවන.....මෙල්ල
    මෙවන් විසේ ඇති කෙල්ලන් මට්ටු කරන දඹ.......රැගිල්ල
    දුටුව විටදි මෙවන් ලියෝ මගේ පිටු පස කැර......කැවිල්ල
    ඇ‍ය දන්නවා දත් වෙදාගෙ හොදින් තතු
    ගලවා දමනා බව ඔබ ලෙඩුගේ හකු
    ඇය දෙස නොබලන් කිඹුලෝ මෙයින් මතු
    වල පය ගොඩ පය නොවේද මගේ මිතු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇ‍ය දන්නවා දත් වෙදාගෙ හොදින් තතු
    ගලවා දමනා බව ඔබ ලෙඩුගේ හකු
    ඇය දෙස නොබලන් කිඹුලෝ මෙයින් මතු
    වල පය ගොඩ පය නොවේද මගේ මිතු
    මී හරකා නාකි වන මුත් මගේ මිතුර ...ගරු
    උගේ අග නම් නාකිව නැතය ..........මරු
    කෑවොත් එහෙම අං පාරක් එයින් ......සුරු
    කවි ලියනා කෙල්ල මගේ වෙයි නොවී කරූ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දා ගෙන නටන බහු රූ වැනි ගොං ...කෙල්ලන්
    පැන්තා, ජැකා, සස්ලිට් කරනව .....සෙල්ලන්
    පැණි පෙරන මුත් අහු වෙන්නේ නෑ කෙල්ලන්
    අයියල දෙන්න බැස්සොත් උඹලා.....සල්ලන්

    පන දාගෙන කෑ කෝ ගැහුවත් අයියා
    පැණි විතරයි වැඩනෑ charter සැටියා
    මාතර ගගේ ඉන්න කිම්බුලිගේ පැටියා
    මේකද මන්ද කෝ බන් ගෝමර කැටියා ?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මී හරකා නාකි වන මුත් මගේ මිතුර ...ගරු
    උගේ අග නම් නාකිව නැතය ..........මරු
    කෑවොත් එහෙම අං පාරක් එයින් ......සුරු
    කවි ලියනා කෙල්ල මගේ වෙයි නොවී කරූ
    අන සම්පතයි මී හරකට ඌ සතුව
    පන රැකගන්න බැරිවේ උට එය නැතුව
    දැන ගත් එකත් වටිනවා උඹ මා දෙටුව
    තන කොල මිටක මොලයක් නැති අම්ඹරුව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දා ගෙන නටන බහු රූ වැනි ගොං ...කෙල්ලන්
    පැන්තා, ජැකා, සස්ලිට් කරනව .....සෙල්ලන්
    පැණි පෙරන මුත් අහු වෙන්නේ නෑ කෙල්ලන්
    අයියල දෙන්න බැස්සොත් උඹලා.....සල්ලන්
    අයියලා දෙන්නා රජ කෙරුවේ ඒ කාලේ
    හොම්ඹෙන් යයි දඟ දැම්මොත් මේ කාලේ
    ඔය කෙලි සෙල්ලම් දැම්මේ පොඩි කාලේ
    නෝනීට දැම්මා නේදෝ මOගල මාලේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට හැක මගේ ප්‍රේමය ගෙන ......බෙදන්නට
    එක්කෙනකුට නොවේ හත් දෙනෙකුට .දෙන්ට
    අධ්‍යාත්මයේ වපසරි ............පෙනෙන්නට
    කවි කියන කෙල්ල කැනදන් යමි ......පැලට
    එක් මිනිහට එක් හදවත ඇති කලට
    ආලේ බෙදන්නේ කෙලෙසද හත් පලට
    යමයා එහෙම ආවොත් මේ කවි පලට
    යන්නේ අද උඹ රියන් හතරේ වලට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දා ගෙන නටන බහු රූ වැනි ගොං ...කෙල්ලන්
    පැන්තා, ජැකා, සස්ලිට් කරනව .....සෙල්ලන්
    පැණි පෙරන මුත් අහු වෙන්නේ නෑ කෙල්ලන්
    අයියල දෙන්න බැස්සොත් උඹලා.....සල්ලන්

    උන්ටික නැටුවා ඇදගෙන බහු රූ ..කෝලං
    අනේ ඒත් අහු වී නැත ඒ .........කෙල්ලං
    අඩනා අතරෙ හොටු පෙර පෙර පෙම ඉල්ලං
    අපි දැන් බහිමු පෙන්නන්නට හොද සෙල්ලං
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අයියලා දෙන්නා රජ කෙරුවේ ඒ කාලේ
    හොම්ඹෙන් යයි දඟ දැම්මොත් මේ කාලේ
    ඔය කෙලි සෙල්ලම් දැම්මේ පොඩි කාලේ
    නෝනීට දැම්මා නේදෝ මOගල මාලේ

    අයියලා දෙන්නා රජ කෙරුවේ ඒ කාලේ
    සක්විති පදවි ලැබ වැජඹෙයි තවම මලේ
    අපිත් ඔහොම හිතුවා අපෙ පොඩි කාලේ
    නෝටි ෆෝටි මයි කොල්ලනි එළ කාලේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයියලා දෙන්නා රජ කෙරුවේ ඒ කාලේ
    සක්විති පදවි ලැබ වැජඹෙයි තවම මලේ
    අපිත් ඔහොම හිතුවා අපෙ පොඩි කාලේ
    නෝටි ෆෝටි මයි කොල්ලනි එළ කාලේ
    ගෙවලා ඇතත් ඔබ අයියේ සිවු දෂක
    වෙන කෙල්ලන් නැද්දෝ පෙටියා මිසක
    සහෝදරයෝ වගෙනේ එක මවු කුසක
    තබනු මැනවි අයියේ පෙටියා පසක
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එක් මිනිහට එක් හදවත ඇති කලට
    ආලේ බෙදන්නේ කෙලෙසද හත් පලට
    යමයා එහෙම ආවොත් මේ කවි පලට
    යන්නේ අද උඹ රියන් හතරේ වලට

    හතරට බෙදී ඇති හද සියැසින් ......දුටිමී
    හදක් තුලැති පෙම බෙදනට බැරි ඇයි අසමී
    යමයා අරන් ගිය උන් ගොඩ ගෙන ..සිටිමී
    හතර රියනේ යමයා මිස මම .....නොයමී
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අයියලා දෙන්නා රජ කෙරුවේ ඒ කාලේ
    සක්විති පදවි ලැබ වැජඹෙයි තවම මලේ
    අපිත් ඔහොම හිතුවා අපෙ පොඩි කාලේ
    නෝටි ෆෝටි මයි කොල්ලනි එළ කාලේ

    වයසට නෙවේ මුන් දෙන්නගේ වීර කතා
    fake ලොගින් හදලා පැණි පෙරයි ඉතා
    කොපමණ වදන් කීවත් මේ ඇඹළ සතා
    වැඩ බැරි උවත් ටාසන් නේ රනිල් පුතා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ නූල මේ මොහොතෙදි දුටුවාම
    මෙච්චර ආතල් නූලක් මට මග
    ඇරුනාම
    අයියෝ ෆන් එක අපරාදේ කියා
    හැගුනාම
    ඇඩෙනවා තනි ඇහැට මටත්
    නොකියාම

    :(:(:(:(
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙවලා ඇතත් ඔබ අයියේ සිවු දෂක
    වෙන කෙල්ලන් නැද්දෝ පෙටියා මිසක
    සහෝදරයෝ වගෙනේ එක මවු කුසක
    තබනු මැනවි අයියේ පෙටියා පසක

    පසෙක තබා සති ගණනක් සිටියා .....බලා
    හැලුව නමුත් වෙන කිසිවක් නොමැත වෙලා
    තවත් කෙල්ලෝ හිටියත් අපි දෙසම ...බලා
    මේකත් දියන් දැන් පසෙකට අයින් ...වෙලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ පැත්තට ආවට කම් නැතුවාද?
    කවි රජ ගැන ඔහෙලා දන්නේ නැතුවාද?
    මගෙ කවි අසා උන් තැන් අමතක වෙනවාද?
    මටත් පොඩි ටැගග් හෙම දෙන්නට බැරුවාද??:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන සම්පතයි මී හරකට ඌ සතුව
    පන රැකගන්න බැරිවේ උට එය නැතුව
    දැන ගත් එකත් වටිනවා උඹ මා දෙටුව
    තන කොල මිටක මොලයක් නැති අම්ඹරුව
    අම්බරුවා අපි දුටුවා නේද ...............මලේ
    පෙට්ෂ ගේ පාමුල ට වැටිලා ඇඩුව ......වෙලේ
    කොටියා වුනත් නික් එක උඹෙ මගේ ...මලේ
    නැති බව දුටිමි කළදවක් වත් හොදට .මොලේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පසෙක තබා සති ගණනක් සිටියා .....බලා
    හැලුව නමුත් වෙන කිසිවක් නොමැත වෙලා
    තවත් කෙල්ලෝ හිටියත් අපි දෙසම ...බලා
    මේකත් දියන් දැන් පසෙකට අයින් ...වෙලා


    ෂී ෂී කැතයි සොයුරෙකුගේ ප්‍රේත කතා
    පෙට්සියි අපියි එක සොයුරෝ කුමට කතා
    ප්‍රේමය කරන්නට දිවි හිමියෙන් දෑත පතා
    වෙන කෙල්ලෙක් හොයලා දෙන්නද පුතා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියලා දෙන්නා රජ කෙරුවේ ඒ කාලේ
    හොම්ඹෙන් යයි දඟ දැම්මොත් මේ කාලේ
    ඔය කෙලි සෙල්ලම් දැම්මේ පොඩි කාලේ
    නෝනීට දැම්මා නේදෝ මOගල මාලේ
    හැට පැන ඇති නමුත් නොයනා ගමන .......බිමින්
    වදුරා මම වගට නෝනා දනී ................හොදින්
    එනිසා නොම වේය අවුලක් මට ඇය .........ගෙන්
    එක වහලක් යටට තවකෙක් නොවැඩි .......බැවින්