සුපිරි නිලදාරියෙක්ගෙන් සුපිරි කතාවක් ...🫡

shenat

Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    එරික් මහත්තයා පිළිසිඳ ගත්තෙ අපේ රනිල් මහත්තයගෙ කාලෙ. මේකෙ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන එතුමට

    ranil-jpg.240044
     
    Last edited:
    • Like
    Reactions: dinu09 and ElaBaba

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    There may be other issues if a person is to be committed from one urine test as no such test is determinative of any fact due to many limitations in such scientific tests . Eg Famous Female SL Athletes urine sample test could not distinguish Anabolic Steroid she was accused of using and a medical substance she used for periods in NMR spectroscopy. The test could not distinguish two chemically different substances as they fall close in NMR .
    eg at the moment there is no measurement to order a person for mental asylum (Psychiatric ward eg Angoda). since there is speciality Psychiatry in medicine a report from Psychiatrist is considered in most instances. So same method can be adopted and the decision is left with court to order Rehab or not. It cannot be determined by simple test as Police officer suggest. There is no need to change the law but pragmatic approach is needed from stake holders, but not determinative on a Urine sample alone. It is not difficult to find addiction with evidence from a qualified doctor and positive urine sample may also one factor not the sole criterion.
     
    • Like
    Reactions: sarika406

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Prefrontal Cortex එක දැනුමක් නැති හුත්තිගෙ පුතාල. ඕවා කරලා කුඩු කාරයො නවත්තන්න බැහැ. කුඩු නවත්තගන්න පුළුවන්, පවත්වා ගන්න බැහැ. රටට බඩු එන එක රාවණා නැගිට්ටත් නවත්තන්න බැහැ. කුඩු නැත්නම් Synthetic. Synthetic ආවම කුඩු කාරයොන්ට නෙවේ රෙවෙන්නෙ. පුටු වල ඉන්න උන්ටයි පොලිසියේ උන්ටයි. අඩුම රටේ Methadone/ Buprenorphine ක්ලිනික් එකක් දාගන්න සල්ලි නැහැ. Naltrexone තියෙනවා පෙත්තක් 500 යි. තව 500ක් දාලා කෑල්ලක් ගහනවා ඊට වඩා හොඳයි.

     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113

    ලාල්කාන්ත චූං කළ, නීති කඩන පොලිස් නාඩගම...!

    -සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි

    Erick.jpg



    (ලංකා ඊ නිව්ස් -2025.අගෝ.01, ප.ව‍.11.30) පසුගිය දා නුවර පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී SSP එරික් නැමැති පොලිස් නිළධාරියා විසින් සිදු කළ කරුණු දැක්වීමකට සමාජ මාධ්‍ය තුළ මේ වන විට ලැබෙමින් පවතින්නේ විශාල ප්‍රචාරයකි.

    "කුඩ්ඩන්ට කරන්න ඕන දේ අගටම කියයි." "සුපිරි නිළධාරියෙක්" "ඇමැතිවරුත් එක්ක මූණ⁣ට මූණ හැප්පුන කවුද මේ එරික්" ඉහතින් දක්වා ඇත්තේ අදාල නිලධාරියා ගැන වර්ණනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා වල ශීර්ෂ පාඨ වලින් කිහිපයකි.

    මෙම නිලධාරියා විසින් අතීතයේදි සිදු කර ඇති රාජකාරී ක්‍රියා පිළිබඳව කතා කිරීම පසෙක තබා, මෙම සටහනේ නිශ්චිත අරමුණ බවට පත් කර ගන්නේ එදා මහනුවර පැවැති මෙම රැස්වීමේදී දැක්වූ අදහස් පිළිබඳව කතා කිරීමට පමණි.

    මහනුවරදී වූයේ කුමක්ද ?​

    සැකවින් සඳහන් කළ හොත්, එදින ඔහු කළ අදහස් දැක්වීම පදනම් වූයේ මත්කුඩු භාවිතාවට ඇබ්බැහි වූ අයව, එහෙමත් නැති නම් ඔහුගේ භාෂාවෙන්ම කිවහොත් "කුඩ්ඩන්ව" අල්ලා පුනරුත්ථාපන කඳවුරු වලට යැවූ තමන්ගේ මෙහෙයුම ගැනය.

    මත් කුඩු වලට, නැති නම් විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයව පුනරුත්ථාපනය කිරීමට ගෙන ගිය විට එම පුද්ගලයන් හැසිරෙන ආකාරය, ඔවුන් කන කෑමවල ප්‍රමාණය සහ ඔවුන් කඳවුරු තුළ සිදු කරන කැරලි ගැන විස්තර කළ මෙම පොලිස් නිලධාරියා, ඒ අනුව ⁣පුනරුත්ථාපන කාර්‍යයේදී ඇති දුෂ්කරතා ගැන පළමුව හෙලිදරව්වක් කළේය.

    මෙම නිළධාරියාගේ දෙවැනි හෙළිදරව්ව වූයේ "කුඩ්ඩන් අල්ලා පුනරුත්ථාපනයට යැවීමේ මෙහෙයුමේදී" රජයේ නිළධාරීන් විසින් නීතියේ ඇති පොඩි පොඩි වචන අල්ලා ගෙන මේ මෙහයුමට බාධා කරමින් සිටින අයුරු පෙන්වාදීමය.

    ලාල්කාන්තත් චූං වුනා..​

    ⁣රැස්වීමේ මූලාසනයේ සිටි ලාල්කාන්ත ඇමැතිවරයාත්, පොලිස් නිළධාරියාගේ හෙළිදරව් කිරීම් ඉදිරියේ බලා සිටියේ ප්‍රීතියෙන් වශිකෘත වූ ආකාරයෙනි. නිලධාරියා තවදුරටත් කතාව කළේය.

    "රජයේ නිළධාරීන් පුරුදු වෙලා ඉන්නේ නීතියේ තියෙන යම්කිසි අඩුපාඩුවක් අල්ලගෙන ඒක නොකර ඉන්න කතා කරන එක."


    " ගම්පොළ ගිහින් වෛද්‍යවරු, මනෝචිකිත්සක වෛද්‍යවරයා, මහේස්ත්‍රාත්තුමිය කියන අය එක්ක කතා කරලා, ටීම් එකක් විදිහට එකතු කර ගෙන මේක මම පුද්ගලිකව දුන්නු ගේම් එකක් සර්."

    " අනිත් තැන්වල ගිහින් මේක කරන්න බැරි, පුනරුත්ථාපන පනතෙ තියෙනවා ඇබ්බැහි වුණු ප්‍රමාණය කියලා එකක්. අධිකරණය ඉල්ලනවා ප්‍රමාණය කෝ කියලා. වෛද්‍යවරු කියනවා පුමාණයක් දෙන්න විදිහක් නෑ ,දෙන්න පුලුවන් positive ද? Negative ද ? කියලා විතරයි කියලා. Positive නම්, ආයෙ ප්‍රමාණයක් අහ අහා ඉන්න ඕනෙ නෑ කවුරුවත්, පුනරුත්ථාපනයට යවන්න ඕනෙ. ඉතින් අරගොල්ලො ප්‍රතික්ෂේප කරනවා."

    නීතිය පැහැදිලි ලෙසම කැඩීමකි..​

    පොලිස් නිළධාරියාගේ පැහැදිලි කිරීමට අනුව ඔහු ගම්පොළ දී දුන්න "ගේම් එක " දී ඇත්තේ පුනරුත්ථාපන පනතේ දක්වා ඇති නීතිය පැහැදිලි ලෙසම කඩ කිරීමෙන්ය. එම පැහැදිලි කිරීමට අනුවම ගම්පොළ මහේස්ත්‍රාත්වරියත් අදාල පුද්ගලයන්ව පුනරුත්ථාපන කඳවුරු වලට යැවීමේ ආඥාව නිකුත් කොට ඇත්තේ අදාල පනතට පටහැනිවය.

    මෙය ඉතා බරපතළ වැරදි සහගත ක්‍රියාවකි. නීතිය නැවීමක් හෝ නීතිය කැඩීමක් මෙතැනදී සිදු වී ඇති බව බැලූ බැල්මට පෙනේ. නීතිය වල්වැඳුනු සමාජයක් පැවැති රටක්, නීතිගරුක සමාජයක් සහිත රටක් බවට පත් කරන්නට සඵත කර බලයට පැමිණි ජාතික ජනබලවේගයේ ආණුඩුවකට, රජයකට මෙසේ අමු අමුවේ නීති කඩමින් තමන්ට අවශ්‍ය ලෙස ක්‍රියා කරන්නට, නිළධාරීන්ට හෝ මහෙස්ත්‍රාත්වරුන්ට හෝ ඉඩ දී නිහඬ වී සිටිය නො හැක.

    නීතියට ගරු කරන සමාජයක් ලැජ්ජා විය යුතුය..​

    කුඩු මුදලාලිලා සහ බෙදාහරින්නෝ ලුහුබැඳීම පසෙක තබා, මත්කුඩු උරන මිනිසුන් නීති අණපනත් නොතකා බලහත්කාරයෙන් පුනරුත්ථාපන කඳවුරු වලට ගාල් කිරීමෙන් මත්කුඩු උවදුර මැඬීමට හැකි බවට තර්ක කරන නිළධාරීන් සිටිය හැකි නමුත්, ඒවා අසා චූන් වී " ෂා... මරු වැඩේ.. කරන්න ඕනෙ මොනවද කියලා ලියලා දෙන්න මම කරලා දෙන්නම් " කියා කියන ඇමැතිවරු සිටීම ගැන නීතියට ගරු කරන සමාජයක් ලැජ්ජා විය යුතුය.

    පනතේ පැහැදිලිව ඇත්තේ කුමක් ද?​

    2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් ( ප්‍රතිකාර හා පුනරුත්ථාපනය ) පිළිබඳ පනතේ 10 ( 4 ) වගන්තියට අනුව අධිකරණය විසින් අදාල තැනැත්තාව පුනරුත්ථාපන කඳවුරකට භාරදීමට තීරණය කළ හැක්කේ අදාල තැනැත්තාගේ ඇබ්බැහිවීමේ ප්‍රමාණය සැලකිල්ලට ගෙන බව පැහැදිලිව දක්වා තිබේ.

    එසේම, මෙම පනතේ 13 (2) යටතේ සඳහන් කොට ඇත්තේ, වෙනත් අය සන්නිවේදනය කරන ලද කරුණු මත පමණක් පදනම් වී ඇති බවට උද්දේශිත සහතිකයක් මත මහෙස්ත්‍රාත්වරයකු විසින් කිසිම ආඥාවක් නො කළ යුතු බවය.


    ලාල්කාන්ත ඇමැතිවරයා ඉදිරියේ කරුණු දැක්වූ පොලිස් නිළධාරියා ප්‍රකාශ කළ පරිදි ගම්පොළ හැරෙන්නට අනෙකුත් අධිකරණ මොහුගේ මේ " ගේම් එකට " සහයෝගය පළකර නැත්තේ ඇයිද යන්න මේ අනුව ඉතා පැහැදිලි ය.

    ගම්පොළ මහේස්ත්‍රාත්වරිය වැරදියි..​

    මේ අනුව පෙනෙන කාරණය වන්නේ ගම්පොළ මහේස්ත්‍රාත්වරියත් ඇතුළුව ටීම් එකක් හදාගෙන මෙම පොලිස් නිළධාරියා නීතිය තමන්ට අවැසි පරිදි නවා ඇති බවය.

    මත්කුඩුවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කළ යුතුය. එය කළ යුත්තේ පවතින නීතියට අනුවය නීතියේ දුර්වල තැන් පවතී නම්, කළ යුත්තේ නීතිය නවා හෝ නීතිය කඩා බිඳ දමා හෝ නොවේය. මොහු කර ඇත්තේ රටේ පවතින නීතියක් කඩා දැමීමය.


    මෙම රැස්වීමේදී ⁣මෙම පොලිස් නිලධාරියා ප්‍රකාශ කළ ආකාරයට, ඔහු මෙම ක්‍රියා පිළිවෙත කරගෙන යන්නේ ගම්පොළ මහේස්ත්‍රාත්වරියත් සමඟ කතා කොට ඇයගේද සහාය ඇතිව බව පැහැදිලිය.

    මෙම ක්‍රියාපිලිවෙතට දැනටමත් ප්‍රතිවිරෝධතා එල්ල වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවට යන්නට සිදු වී ඇති බවත් මෙම නිළධාරියා මෙම රැස්වීමේදී ප්‍රකාශ කළේය. නීති පනතක් උල්ලංඝනය කරමින් කටයුතු කරන විට, එය එසේ විය යුතු දෙයකි.

    ලාල්කාන්ත ගැන කණගාටුයි.. අධිකරණ ඇමැතිට සිහිකැඳවීමක්..​

    මහාධිකරණය හමුවේ ගැටළු මතුවී ඇති බවට අදාල පොලිස් නිළධාරියා පැහැදිලිව ප්‍රකාශ කළ තත්ත්වයක් තුළ පවා, මෙම ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් යම් අවුලක් පවතින බව තේරුම් ගැනීමට තරම් හැකියාවක් ඇමැතිවරයාට නොවීම කණගාටුවට කරුණකි.

    පොලිස් නිළධාරීන් සහ මහෙස්ත්‍රාත්වරුන් ලවා නීති පනත් කඩා බිඳ දමා රටේ නීතිය වල්වද්දවන්නට ඉඩ නොතබා, පවතින නීතිය හරියට ක්‍රියාත්මක කරවන්නටත්, එම නීතියේ අඩුපාඩු තිබේ නම්, ඒවා නැවත සංශෝධනය කිරීමටත් කඩිනමින් අවධානය යොමු කරන ලෙස වත්මන් අධිකරණ ඇමැතිවරයාට සිහිපත් කරමු.

    මීට කඩිනම් පියවරක් නොගතහොත් වෙන්නේ මේ සමාජය නීතිය නවන, නීතිය කඩන මිනිසුන් උත්කර්ෂයට පත් කරවා නැවතත් ලංකාව පරණ තැනට ගෙන යාමට අනියමින් සහය ලබාදීමක්ය.

    (මෙහි සඳහන් කර ඇති අදාල පනතේ කොටස්වල ඡායාරූප මීට අමුණා ඇත.)

    -සුනිල් ගාමිණී ජයලත්ගේ​

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පොරගේ පොඩ්ඩක් ශෝ එක වැඩියි දැන් නම්..
    දැන් විතරක් නෙමේ...........
    ඉස්සර හිටියෙ මීගමුවෙ.
    අරුන්දික ප්‍රනාන්දු / නිමල් ලන්සා ඒක්ක against නිසා මාරු කළා....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දැන් විතරක් නෙමේ...........
    ඉස්සර හිටියෙ මීගමුවෙ.
    අරුන්දික පුනාන්දු / නිමල් ලන්සා ඒක්ක against නිසා මාරු කළා....
    ඔව් ඔව් ඔය සින් එක මතකයි මට. අර කසිප්පු විකුණන උන්ට සහනයක් ලබා දෙන්න කියපු සින් එකනේ.
     
    • Like
    Reactions: ElaBaba