සුපිරි_වීරයෙක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සුපිරි_වීරයෙක්

    ඊයේ රෑ අන්තර්ජාලයේ සැරි සරණකොට හරි අපූරැ වීඩියෝවක් හම්බුනා... මේක මම මුල් පාර බලපු ගමන් සෑහෙන්න ලොකු පශ්න තොගයක් මට හිතුනා... මම ඊයේ රෑ 2-3 වෙනකං මේගැන තොරතුරැ හෙව්වා .. අන්තිමට මට කරැණු ටිකක් හොයා ගන්න පුලුවන් උනා.. මේත චීනේ වෙච්ච කේස් එකක්.. මුලින්ම මේ වීඩියෝ එක බලන්​නකෝ...




    කොහොමද වැඩේ ... මම දන්නවා එක පාරක් මේක බලපු කෙනක් තව දහපාරක් වත් අඩුම වශයෙන් බලනව කියල මම දන්නවා... මමත් මුල් පාර මේක බලපු ගමන් මාර විදියට පුදුම හිතුනා.. පුදුමයි කියන්නේ මචංලා ඉතිං හිතාගන්න බෑ බං.. මේක මහ පාරක CCTV කැමරා පද්ධතියක් සටහන් වෙච්ච අපූරැ සිද්ධියක්..

    මෙතන මොකක්ද උනේ.. .

    ලොරියකට හැප්පෙන්න යන බයිසිකල් කාරයෙක් ව අදිසියේ වේගයෙන් එන පුද්ගලයෙක් විසින් බේරා ගෙන යනවා..



    මේගැන මම අන්තර්ජාලයේ පැය ගානක් ගොඩාක් කරැණු හෙව්වා.. කරුණු ටිකක් හොයාගන්න පුලුවන් උනත් ගොඩක් විස්තර හොයා ගන්න නෑ.. දැං සමහරැ කියනව ඈති තාක්ෂණේ දියුණුව එක්ක ඕක ඔය හදපු එකක් කියල.. මමත් මුලින් හිතු​වෙ එහෙම තමා.. ඒත් කරැණු හොයා බැලුවම මේක ඈත්තම සිද්දීයක් ...

    මම හොයාගත්ත කරැණු ගත්තම මේ ඉන්නේ කාන්තාවක්.. පුදුමයි නේ.. බලන්න මේ වීඩියෝ එක..



    මේ වීඩියෝ එකෙත් පෙන්නන්නේ අර කාන්තාවමයි.. පේනවනේ බලය ... වැඩිය පෙන්නන්නත් කැමති නෑ ...

    ;මේ සම්බන්ධ මට හොයා ගන්න පුලුවන් වුණු කරැණු කීපයක් තිබුණා...
    01. මේක හදපු එකක් ද

    වෙන්න බෑ.. මොකද මම හෙව්වා මේ වීඩියෝව ගැන .. නමුත් මේ වීඩියෝ එක එහෙම කරපු එකක් නෙමේ..ඒ ගැන කිසි සදහනක් නෑ.. ඒ උනාට පොඩි කට කතාවක් තියෙනවා විශ්ව විද්‍යාලට සිසුන් පිරිසක් මේ වීඩියෝ එක හැදුව කියල.. නමුත් එයාලට ඔප්පු කරන්න බෑ.. තව එකක් හොදට බලන්න වාහනේ ගාවදි පාරේ කලු පාට ගිණි වලල්ක් හැදුණු ලකුණු පේනවා. වාහනේ බේක් පාරට ඒවත් බේක් පාරත් එක්ක මැකීගෙන වගේ යනවා. ඒ වගේ සියුම් දේවල් මම හිතන්නේ වීඩියෝ එකක හදන්න අමාරැයි...


    02. පිටසක්වල ජීවියෙක්ද

    නෑ.. මේ පුද්ගලයා අතුරැදහන් වෙන්නෑ. පිටසක්වල ජීවීන් වගේ විරෑපී නෑ.. සාමාන්‍ය කාන්තාවක්

    03. හොල්මනක්ද

    එහෙමත් නෙවේ.. හෙවනැල්ල තියෙනවා මේ කාන්තාවට..ඒ වගේම ලොරියේ රියදුරැත් මේ කාන්තාව දිහා බලං ඉන්නවා තත්පර කීපයක්..

    මේ වීඩියෝ එකේ මම දැකපු තව දේවල් තියෙනවා.. ​ හොදින් නිරීඣෂණය කරොත්.. ඔබට පේනවා ඈති බයිසිකල් කරැ ලොරියේ හැප්පෙන වේලාවේ ඉතා වේගයෙන් පැමිණෙන් අදිසි පුත්ගලයා තමාගේ අතින් යම් බලයක් විහිදුවනවා.. ඉන් පසු එක්වරම දෙදෙනාම අතුරැදන් වී පැත්තකින් මතු වෙනවා.. ඒ වේලාවේ ගිනි වලල්ලක් ඒ ස්ථානයේ මතුවෙනවා.. ඒ වගේම නැවත මතුවෙන තැනත් ඒ වගේම ගිණි වලල්ලක් මතු වෙනවා..

    තව එකක් අවසානයේ දී බයිසික​කලේ පුද්ගලයා යම් කිසි කරකැවිල්ලක් වගේ දෙයක් නිසා පාරෙම වාඩි වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් සිදු වෙලා කැරකැවිල්ලක වගේ දෙයක් සිදු වෙලා තියෙනවා.. ඒ වාගේම අර අදිසි පුද්ගලයාගේ අතේ අමුතු ආලෝකයක් විහිදෙනවා.. ඒ වෙලාවෙම එයා අත් දෙක සාක්කුවට දාගෙන කවර් කර​ගන්නවා


    ඉතිං ඔය මං කිව්වේ මං හොයා ගත්ත දේවල්.. මහන්සි වෙලා.. ( කොපි කලේනම් නැත . උදේ ඉදන් ලියනු ලැබේ )
    .. මේ ගැන හොයන්න හෙන ආසාවක් ඈති උනා.. තව මේ වීඩියෝ එක ගැන කලින් දේවල් දන්න අය ඉන්නවනං අපිට දැනගන්න එක්ක මෙතන දාන්න .. මම නං මේ ගැන හෙන Interest මචංලා.. තව මේ වගේ අද්භූත අරැම පුදුම වීඩියෝ තිබ්බොත් අපි බලමුකෝ...


    safe_image.php


    mqdefault.jpg



    ඔබලාගේ අදහස් වලට විවෘතයි...
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මෙන්න තියෙනවා ඔය වීඩියෝ එක හදපු සමාගමේ ගේම් එක! අරන් ගහපන් මචන් මිනිස්සු බේර ගන්න තියෙන්නෙ

    Zhu_Xian_2.jpg


    heavensoundtemple-female.jpg


    http://zhuxian.wanmei.com/

     
    Last edited:

    uditha224

    Well-known member
  • මම හිතන්නේ ජම්පර් ෆිල්ම් එක බලලා නැති හැඩයි....... එකෙත් ඔය වගේ සීන් තියෙන්නේ....:D




    119t4aq.jpg


    ඒ ෆිල්ම් එක විදිහේ ඉෆෙක්ට්ස් දාලා කොමිටල් විදිහට හදපු එකක් තමයි මේක...:P:P:rofl::rofl:



    මේක කරන්න පාවිචිචි කරලා තියෙන්නේ final cut studio:yes:

     
    Last edited: