සුබ අලුත් අවුරුද්දක්..!!??

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    සුබ අලුත් අවුරුද්දක්..!!??

    සුබ අලුත් අවුරුද්දක්..!!??


    බොහෝ දෙනෙක් කියනුයේ අද දශක ගණනාවකට පසු “එකම රටක් තුල එකට අවුරුද්දක් සමරන සුවිශේෂී අවස්ථාවක්” බවයි. එහෙත් එසේ කයිවාරු ගසන උදවියට අමතක වූ දෙයක් ඇත. එනම් එම තත්ත්වය ලක්වැසි දනන්ට උදා කළ අභීත සෙන්පතියා වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගතව ඇති බවයි. ඒ සිරගත කිරීමට විරුද්ධව උපවාස කරන සංඝයා වහන්සේලා පවා කුදලාගෙන යන තත්ත්වයක් අද උද්ගතව ඇත. මේ තත්ත්වය ඛේදයක් නොවෙතැයි කාට නම් කිව හැකිද?? අපි අපි ගැනම ලැජ්ජා වනවා හැර කුමක් කරම්ද?


    පහුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයින් යුද්ධය සිල්ලරට වෙන්දේසි කළහ. එකෙකු ජනාධිපතිතුමා යුද ජයග්‍රහණයේ පණිවුඩය ආ දුරකථන ඇමැතුම පළමුව දුන්නේ තමුන්ට නිසා තමුන්ව දිනවන්න යැයි කිසිඳු හිරිකිතයකින් තොරව හඬ ලෑවේය. එහෙත් ඒ දුරකථනයේ ආ පණිවුඩය දෙන්නට තෙවරක් මරණීය තුවාල ලබමින් වීර හමුදාවෝ මෙහෙයවූ සෙන්පතිඳුන් සිරගෙදරය, ඔහු ද්‍රෝහියෙකි. ඒක හොඳය, යුද්ධය දිනූ බව හමුදාව කී විට රිසීවරයෙන් අසා සිටි කෙනා වීරයෙකි දේශප්‍රේමියෙකි. බුද්ධිමත් කාට නම් මේවා අනුමත කළ හැකිද? තවත් උදවිය කොටි හඬ නිහඬ කළේ තමන් යැයි වහසි බස් තෙපලති, නමුත් මේ සැමටම යුදබිමේ ජනරාල් ෆොන්සේකා කළ අමරණීය කාර්යභාරය අමතකව ඇත. ඒ තබා තමන්ගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කරමින් එහි වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා ගැනවත් එම පක්ෂයේ උදවිය කත නොකිරීම කණගාටුවට කරුණකි. ඒ තබා රටේ ජනතාව පමණක් නොව සන්ධාන පාක්ෂිකයන් ඇතැමෙක් ඔහු තරඟ කළ බව පවා නොදැනීමෙන් පිළිබිඹු වන්නේ අද දවස වන විට රටට යුද ජයග්‍රහණය ගෙන දුන් වීර සෙන්පතියන්ට අත් වී ඇති දුක්ඛදායක ඉරණමයි. අද අවාසනාවන්ත සත්‍යය වී ඇත්තේ ඔබ ආණ්ඩුව කියන ඕනෑම දේකට හුරේ දමන එහෙයියෙක් නම් ඔබ දේශප්‍රේමියකු වීමත් ඔබ ආණ්ඩුවේ වැරැදිවලට විරුද්ධව හඬ නගන්නකු නම් ඔබ දේශද්‍රෝහී පාපතරයකු වීමත්ය. එහිද දුක්ඛදායකම පුවත නම් යුද ජයග්‍රහණයට කැපවීම් කළ සන්ධානයේම රියර් අද්මිරාල් සරත් වීරසේකර වැනි විරුවන්ට වඩා කටින් බතල හිටවූ කට මැත දොඩවන වාචාලයින් දේශප්‍රේමීන් ලෙස ඉස්මතු වීම හා ඉස්මතු කිරීමය.


    මේ අතර සමහරෙක් ජනරාල් ෆොන්සේකාගේ අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරති, විවිධාකාරයෙන් එතුමාට අපහාස උපහාස කරති. ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ කරුණා, පිල්ලෙයාන් වැන්නවුන් සුඛෝපභෝගී දිවි ගෙවද්දී සරත් ෆොන්සේකා හිරබත් කෑම අනුමත කළ හැකිද යන්නයි. සරත් ෆොන්සේකාට දූෂණ චෝදනා එල්ල වී ඇති බව සත්‍යය නමුත් ඔයට වඩා දූෂණ චෝදනා ඇත්තවුන් ආණ්ඩුවේ ලොකු නිලතලවල නැතිද?? ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? මේ සිරගත කිරීම දේශපාලනික සිරගත කිරීමක් නොවන්නේද??


    අද අපි එකම රටක එකම අවුරුද්ද යැයි කියමින් බොහොම උජාරුවට කිරිබත්, කැවුම්, කොකිස් කා අවුරුදු කෑවද බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇතිවීමට හේතුකාරක වූ මූලබීජයන්ට පිළිතුරු සපයා නොමැති. යුද්ධ කරන විට ආණ්ඩුව කීවේ ආයුධ බිම තබන තුරු සාකච්ඡා නොකරන බවයි. දැන් ත්‍රස්තවාදීන් විනාශය, නිරායුධ ද්‍රවිඩ ජනතාව හා සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළුවලට පිළියම් යොදා තිරසාර සාමයක් උදකර ගත යුතුය. නැතිනම් නිවුණු ගිනිදැල් යළි දැල්වෙන්නට ඉඩකඩක් ඇත. එහෙත් ආණ්ඩුවට දමිළ ජනතාවගේ එහෙව් ප්‍රශ්න විසඳනු වස් කිසිත් උවමනාවක් ඇති බවක් නොපෙනේ, මක්නිසාදයත් යුද්ධය ජයගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ඒ ගැන පුංචි හෝ සඳහනක් නොකෙරෙන්නේ එනිසාය. අනෙක් අතට 2010 වර්ෂය උදා වන විට අපේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා සුබ පැතූ දේශීයත්වය හා හෙළ සංස්කෘතිය දිවි දෙවැනි කොට සුරකින අපේ ජනාධිපතිතුමා අපේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අපට කෙටි පණිවුඩයක් නොඑව්වේ මන්දැයි මට ප්‍රෙහේළිකාවකි.


    මේ කියුම් කෙරුම් මැද්දේ අපි අපේ ලක්දෙරණටත් එහි වැසියෝ වන ඔබ අපි සැමටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු!!


    - හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක් -



    Source :- http://sadaharita.wordpress.com/2010/04/14/hny/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    17862127927823613516554.jpg

    17862127930403678016554.jpg

    17862127930635683816554.jpg
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    සැබෑ අවුරුද්ද?:baffled::no:

    23997110135639020479100.jpg


    25438112476155441683100.jpg


    we join you in not celebrating avurudu this year. when a true war hero is behind bars and his brave wife is figthing for justice with so much pain in her heart, it is not right for just us to celebrate avurudu.
     
    • Like
    Reactions: .:Debian:.