සුබ_ගමන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ළයාදර හිතවත ඔබට සුබ ගමන්

අද දින බ්ලොග් ලියන අපිට මහත්වූ සංවේගී දිනයකි.


කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන් අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව.


මීට වඩා කුමක් ලියන්න ද? ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන ඔබ වැන්නකු ගැන කුමක් ලියන්න දැයි Indika Kodithuwakku මූණු පොතේ තැබූ සටහන දැක කම්පාවට පත් සිතින් මේ ලියන්නේ තේරුමක් ඇති දැයක් දැයි මට සිතාගත නොහැකියි.

wicha.png


ඔබ රෝහලේ සිටිය දී හෝ කතා කළ අන් කවර අවස්ථාවක හෝ අප වෙතින් මෙතරම් ඉක්මණින් වෙන්ව යතැයි මා මෙන්ම අන් හිතවතකු වුව නොසිතන්නට ඇත. ඒ කට හඬේ පැවතියේ තාරුණ්‍යයේ ජවයකි.
අප කිසිදාක මුණ ගැසී නොමැති වුවද ඔබ හා පැවතියේ පහසුවෙන් අමතක කළ හැකි ලැබැඳියාවක් නොවේ. විචාරක, උපදේශක, මග පෙන්වන්නකු මෙන්ම නිර්ලෝභීව උපකාර කරන්නකු ලෙස බ්ලොග් ලියන අප වැන්නන් දිරි ගැන් වූ ඔබතුමාට ගෞරවාචාරය පුදමි.


විචාරක බ්ලොග්කරුවාණනි ඔබට සුබ ගමන්.
 
Last edited: