සුභ ආරංචියක් Good News

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හැබැයි මම නම් දැක්කෙ නෑ සුව වෙන්න කියල බෝධිපූජාවක් වත් කරනවා ඔය ආදරෙයි කියන පොදු ජනතාව. හැබැයි හෙන ගහපන්, මැරියන් කියල ශාප කරලා පොල් ගහල ශාප කරන මිනිස්සු නම් දකින්න ලැබුන. මං හිතන්නෙ ආදරේ වැඩි කමට වෙන්ටෑ :rofl:

    machan gedara idan mada web adawi baluwata ewaa penne naha. eliyata bahala colombo wala awidila balanna.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එළ එළ උඹටත් තව රතු කොටු ටිකක් පන්න ගන්න වාසනාව ලැබේවායි එක සිතින් පතමි :yes::cool:

    උන්ඩ වලට දුමින්ද සිල්වාව වට්ටන්න බැහැ වගේ රතු කොටු වලට සුනිමල්ගේ කට වහන්න බැහැ
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කවුද බන් දුමින්දට කුරිරු වෙඩි ප්‍රහාරය එල්ල කරල තියෙන්න?:P

    ඒක මචන් මම දන්නේ නැහැ පොලිසියේ රාජකාරිය අපරාධකාරයව අල්ලන එක
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඒක මචන් මම දන්නේ නැහැ පොලිසියේ රාජකාරිය අපරාධකාරයව අල්ලන එක

    මියගිය භාරත ලක්ෂ්මන් මන්ත්‍රීවරයා ගැනත් වචනයක් දැම්මොත් නරකද...ඇයි දුමින්ද විතරද ආණ්ඩුවේ.....භාරත කියන්නේ දුමින්දට වඩා ජ්‍යෙෂ්ට කෙනෙක්......
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මියගිය භාරත ලක්ෂ්මන් මන්ත්‍රීවරයා ගැනත් වචනයක් දැම්මොත් නරකද...ඇයි දුමින්ද විතරද ආණ්ඩුවේ.....භාරත කියන්නේ දුමින්දට වඩා ජ්‍යෙෂ්ට කෙනෙක්......

    මේ thread එක සුභ ආරංචියක් කියන්නනේ. මම බාරත ලක්ෂ්මන් මහතා ගැනත් කණගාටුව හා නිවන්සුව පතල ඊයේ thread එකක් දැම්මා. ඒ ගැනත් අපි ගොඩක් කණගාටු වෙනවා.
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මහින්ද විජේසේකරට අත්වූ ඉරණම දුමින්දටත් !

    2011 ඔක්තෝබර් 09 වෙනි ඉරිදා, 09:55 සාමාන්‍ය

    Duminda.jpg

    වෙඩි ප‍්‍රහාරයට ලක් වූ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ඊයේ සිදු කළ සැත්කම සාර්ථක වුවද හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අත්වූ ඉරණම මොහුටද අත් විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවා සිටින බව ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍යවෛද්‍ය හිමාෂි සංගසේන මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට ඊයේ විශේෂ සැත්කමක් කර ඇත. සැත්කම සාර්ථක වුවද ඔහුගේ මතක ශක්තිය යළි ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
    කෙසේ වුවද මේ වන විට කෘත‍්‍රිම ස්වසනය ලබා දෙන දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය පිළිබඳව පැහැදිලිව යමක් ප‍්‍රකාශ කර හැක්කේ පැය 48කින් පසුව බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති

     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    දුමින්ද සුවපත් වෙන්නේ මහින්ද විජේසකර මහත්තයා සුවපත් වෙලා ඉන්නවා වගේ තමයි
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    "දුමින්ද කම්මුලට ගැහුවාම මහත්තයා බිම වැටුණා"

    දුමින්දගේ කෙනෙක්‌ භාරත මහත්තයාගේ
    ඔළුවට වෙඩි තිබ්බා - දිවි ගලවා ගත් රියෑදුරු කියයි
    මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා" යෑයි ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.

    මුල්ලේරියාව වල්පොල හන්දියේදී පෙරේදා (08 වැනිදා) සවස 3.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්‌විය. වෙඩි ප්‍රහාරයෙන් ඒ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද මරුමුවට පත් වූ අතර තවත් අයෙක්‌ බරපතළ තුවාල ලැබීය.

    මෙම වෙඩි තැබීමෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බරපතළ තුවාල ලැබූ අතර ඔහුගේ අනුගාමිකයෝ කීපදෙනකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.

    මෙම සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතා ගමන් ගත් රථයේ රියෑදුරු අනූනවයෙන් දිවි ගලවා ගත් අතර ඔහු ඒ පිළිබඳව මෙසේ ද විස්‌තර කළේය.

    "අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.

    වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.

    දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා.

    දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා.

    එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.

    ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.

    භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා" යෑයි භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරු වැඩිදුරටත් කියා සිටියේය.

    පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට දුමින්ද සිල්වාගේ ආරක්‍ෂකයන් භාරත ලක්‍ෂ්මන් මහතාට වෙඩි තබන අවස්‌ථාවේ ඒ මහතාගේ ආරක්‍ෂකයන් ද පෙරළා වෙඩි තබා තිබේ.

    දුමින්ද සිල්වා වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.

    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරුගෙන් ද ප්‍රකාශයක්‌ සටහන් කරගෙන තිබිණි. සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතා සමඟ සිටි පිරිසගෙන් දිවි ගලවාගෙන ඇත්තේ රියෑදුරු පමණි.

    දුමින්ද සිල්වාගේ පිරිස පන්න පන්නා වෙඩි තබද්දී රියෑදුරු එම ස්‌ථානයෙන් පැනගොස්‌ දිවි ගලවාගෙන තිබිණි.

    මෙම ප්‍රහාරයට පැමිණි දුමින්ද සිල්වාගේ පිරිස සතුව ටී 56 ගිනි අවි 7 ක්‌ තිබී ඇති බව ද පරීක්‍ෂණවලදී අනාවරණය විය. මෙම පිරිස භාරත මහතාගේ ආරක්‍ෂකයාට ද වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ නීත්‍යනුකූල ටී 56 ගිනි අවිය ද පැහැරගෙන ගොස්‌ ඇති බවට තොරතුරු ලැබී ඇත.

    මෙම ප්‍රහාරයෙන් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිද්ධිය වූ ස්‌ථානයේම මියගියේය. ඒ මහතාගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ම එල්ල වී තිබිණි. ප්‍රහාරයෙන් භාරත ලක්‍ෂ්මන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියා සහ ඛනිජ තෙල් සංස්‌ථාවේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගියහ.

    භාරත ලක්‍ෂ්මන් මහතා සමඟ සිටි ඒ මහතාගේ සමීපතමයකු ද වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ අතර ඔහු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ හිසට ද වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වී තිබිණි.

    හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජන කළ අතර ඊයේ සවස්‌ වනතුරුම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

    ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතාගේ සුවදුක්‌ බැලීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා පෙරේදා සවස්‌ වරුවේම එහි ගිය අතර විශේෂ වෛද්‍ය කණ්‌ඩායම් ගෙන්වා ඔහුට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් ද ලබා දුන්නේය.

    භාරත ලක්‍ෂ්මන් මහතා ඝාතනය කළ පුවත සැලවූ වහාම කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව වියරු වැටී සිටි අතර ඔවුන් දුමින්ද සිල්වාගේ ආධාරකරුවන්ට පහර දෙමින් ඔවුන්ට අයත් දේශපාලන කාර්යාලවලට ගිනි තබමින් යකා නටන්නට පටන් ගත්හ.

    දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත කඩා වැදීමට උත්සාහ කළ භාරත මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ ද පලවා හැරීමට පොලිසිය කටයුතු කළහ.

    දුමින්ද සිල්වා කොලොන්නාව සංවිධායක ලෙස පත්කළ දා පටන් ඔහු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ නිතරම ගැටුම් ඇතිකර ගත් බව ආරංචි මාර්ග පවසයි.

    කොලොන්නාව ප්‍රදේශයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ මත්කුඩු ජාවාරමට එරෙහිව භාරත ලක්‍ෂ්මන් මහතා විශාල හඬක්‌ නැගුවේය. ප්‍රදේශයේ තරුණයන් මත්කුඩු උවදුරෙන් බේරා ගැනීමට ඒ මහතා විශාල උත්සාහයක ද නිරතව සිටියේය.

    මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා කියා සිටියේ මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බවයි.

    මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද එහිදී කියා තිබිණි.

    මැතිවරණය පැවැත්වීමට පෙර දින (07 වැනිදා) රාත්‍රි කොටිකාවත්ත ප්‍රදේශයේදී පාතාල අපරාධකරුවකු ඝාතනයට ලක්‌විය. එම පුද්ගලයා දුමින්ද සිල්වාට සහාය පළකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවකු බව පසුව හෙළිවිය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින රාත්‍රියේදීම පුද්ගලයන් සිව්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සතුව තිබූ බව කියන ගිනි අවියක්‌ ද පොලිස්‌ භාරයට ගන්නා ලදී.

    එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාම භාරත මහතාගේ ආධාරකරුවෝ වූහ. එම පුද්ගලයන් මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ දුමින්ද සිල්වාගේ උපදෙස්‌ මත බවත් භාරත මහතා කියා තිබිණි.

    මෙම සිද්ධිය නිසා දෙදෙනා අතර දැඩි විරසක බවක්‌ ඇතිවී තිබිණි.

    මැතිවරණය පැවැති දින උදේ වරුවේ සිට දුමින්ද සිල්වා සිය සන්නද්ධ ගෝල බාලයන් ද සමඟ අති සුඛෝපභෝගී ජීප් රථ දහයක නැගී වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරමින් තමන් භීතියට පත්කරමින් සිටි බව එම ප්‍රදේශවල ජනතාව පැවසූහ.

    අධික ලෙස බීමත්ව සිටි මෙම සන්නද්ධ පිරිස්‌ පාලනය කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිම පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් නොවූ බව ද මුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාව කියා සිටියහ.

    හේමන්ත රන්දුණු....divaina today.....:eek:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මියගිය භාරත ලක්ෂ්මන් මන්ත්‍රීවරයා ගැනත් වචනයක් දැම්මොත් නරකද...ඇයි දුමින්ද විතරද ආණ්ඩුවේ.....භාරත කියන්නේ දුමින්දට වඩා ජ්‍යෙෂ්ට කෙනෙක්......


    ඔව එක නම් ඇත්ත....:yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    machan gedara idan mada web adawi baluwata ewaa penne naha. eliyata bahala colombo wala awidila balanna.

    :lol::lol: Umba oya kiyana adaraneeya minissu inne nugegodane neda? Umba nugegoda minissu ekka katha karala balahan. mada web adawi wala kiyana ewa nemei man kiwe. :P
     

    EQUAL

    Member
    Sep 21, 2011
    30
    6
    0
    මේ thread එක සුභ ආරංචියක් කියන්නනේ. මම බාරත ලක්ෂ්මන් මහතා ගැනත් කණගාටුව හා නිවන්සුව පතල ඊයේ thread එකක් දැම්මා. ඒ ගැනත් අපි ගොඩක් කණගාටු වෙනවා.

    :yes:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේ උඹ වැඩිය කෑ ගහන්න එපා.මිනිස්සු ඕකව මැරෙන්න කියල බෝධි පූජා තියයිද දන්නෙ නෑ.