සුමනදාස සමරසිංහ
සුමනදාස සමරසිංහ අපේ කාලයේ මහා වීරයෙකි, උත්තම පුරුෂයෙකි.
ඒ උදාර පුරුෂයා ගැන අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීමට සුමනදාස කියා ටයිප් කරන විට සජෙෂන් ලෙස මුලින්ම ආවේ සුමනදාස යන නම මුලට එන වල් පාහර තක්කඩියාගේ නමයි. ඉමේජස් චෙක් කරන විටද තක්කඩියාගේ තුච්ඡ මුහුන දිස්වේ. එය දුටු විටම කෙල ගසන්නට සිතුනි. ඒත් කෙළ පහර වදින්නේ ලැප් එකට නිසා නිකම් සිටියෙමි. සුමනදාස සමරසිංහ මහතාගේ රුවද සොයාගත හැකි විය.
වත්මන් තරුණ පරපුර සුමනදාස මහතාගේ නමවත් අසා නැතිවා විය හැක. විවිධ විශයන් ගැන ඇසූ පිරූ තැන් ඇතිව සිටි එතුමා සාත්තර පත්තරයක කතු පදවියද දැරීය. හොඳ සමාජ සම්බන්ධතා ජාලයකටද හිමිකම් කී එතුමාට මේ රටේ ජන මනස ගැනද තිබුනේ හොඳ අවබෝධයකි. කෝටි ප්‍රකෝටිපතියෙක් වීමට ඕනෑ තරම් අවස්ථා තිබියදී ඒ බැහැරකර තෝරාගත්තේ ජනතාව මිත්‍යාවෙන් මුදාගැනීමේ මාවතයි.
එතුමාගේ ව්‍යාපාරය ඉතා සාර්ථක විය. එතුමාගේ අනුගාමිකයන් සෑම ක්ශේත්‍රයකම විය.සමාජය පුදුමාකාර ප්‍රබෝධයක් ලැබීය. ඍන සිතිවිලි බැහැරකර සාර්ථක වීමටත් දුක් වීම වෙනුවට ප්‍රීතිවීමටත් ජනතාවට ඉගැන්වීය.
ගම් නියම් ගම් වලට පැමින දේශනා පැවැත්වූයේ නිස්සරනද්‍යාශයෙනි. දේශනා ඉතා රසවත් විය. ප්‍රශ්නයක් ඇසූ විට දෙන උත්තරය සබය සිනා සයුරේ ගල්වයි.වැටුන මිනිසුන් ඔසවා තබයි. සමහර උපමා සිතේ රැදෙන්නේ ගලේ කෙටූ අකුරු මෙනි.
මා එතුමා දැක නැත. නමුත් එතුමාගේ පොත් තුලින් එතුමා කියවා ඇත.මේ මට මතක තිබූ කියමන්ය.
විචාර බුද්ධියෙන් තොර අය අතපය බැද අචිරවතී නදියාට් දැමූවන් ලෙස හැදින්වීය.
බිම බලාගෙන පිළිම මෙන් මුහුණු ඇතිව යන්නන් උතුමන් නොව මානසික රෝගීන් ලෙස හැදින්වීය.
මරනානුස්මෘති ය වඩන්නේ වාසනාවට වයසක අය බව කී එතුමා තරුනයන් එය වඩන්නේනම් බණ ඇසීමට බෞද්ධයන් ආනයනය කිරීමට සිදුවන බව කීවේය.
එක්තරා දේශනයකදී ගවමස් නොකෑම ගැන පැනයක් ඇසූවිට ඒ ගැන එකල දේශනා පැවැත්ත්වූ තැනැත්තා දැක තිබේදැයි ඇසීය. ඔවු කියා කී විට ඒ වගෙ වෙන්න කැමතිනම් නොකා ඉන්න කියා කීවේය .සබය සිනා සයුරේ ගිලුනි.
ඍද්ධි ලබා අහසින් ගිය කිසිවෙක් ලංකාව හා ඉන්දියාව හැර වෙන රටවල් දැක නැති බව කීවේය.
පුදුමයකට මෙන් මේ කිසිවකට එතුමාට විරෝධයක් එල්ල නොවීය. එකළ සමාජය අදට වඩා ප්‍රබුද්ධ යැයි සිතමි.
දියුණුවට බාධා කරන්නේ උඩුසිතේ ඇති බොල් දුහුවිලිය. සියල්ලටම වඩා උතුම් ලෙස පෙන්වාදුන්නේ සිතේ සතුටයි.එතුමන්ගේ ඉගැන්වීම යටි සිතේ බල මහිමයයි. එය විශ්ව ඥානයයි. අප තුලින් මතු වන්නේ විශ්ව ඥානයයි. අසන දකින සියල්ල තුලින් සදාකාලික වූ මහා කාරුණික වූ විශ්ව ඥානය දකින ලෙස එතුමා ඉගැන්වීය.උඩු සිතේ බන්ධනයන්ගෙන් මිදෙන සැටි ඉගැන්වීය.දුක ඇත්තේ උඩු සිතේය.සතුට ඇත්තේ යටි සිතේය.
එතුමන්ගේ ව්‍යායාමය සාර්ථක විනිනම් අද අප රට දියුණු ප්‍රීතිමත් මිනිසුන්ගෙන් පිරි රටකි. එහෙත් අප එතරම් වාසනාවන්ත නැත.2002 දී එතුමා අභාවප්‍රාප්ත විය.
එතුමාගේ ව්‍යාපාරය දියණියක වන ගයානි සමරසිංහ නෝනා මහත්මිය විසින් කරගෙන යයි. එතුමාගේ මරනින් පසු චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයට සිදුවූ නස්පැත්තිය ගැනත් ඉන් පසු මිත්‍යාව විජයග්‍රහනය කළ සැටිත් කතා කරන්නට කැමැත්තෙමි.
සුමනදාස මහතා කළේ උඩුගං බලා පිහිනීමකි. ඊට වඩාරැල්ලට ගහගෙන යාම පහසුය.
යටපත්වී තිබූ මිත්‍යාව අලුගසා දමා නැගිට්ටේ එක්තරා කපටි වෛද්‍යවරයෙකු විසින් මෝහනය කර ක්ෂනික නූඩ්ල්ස් මෙන් මිනිසුන් පෙර ආත්ම වලට ගෙන යාමෙනි. එය මහත් සේ ජනප්‍රිය වූ අතර ඉන් පසු බුදු දහම ,ක්වොන්ටම් භෞතිකය ආදී වශයෙන් වචන අච්චාරු දමා වැඩසටහන් ටී වී චැනල් වල විකාශනය විය. තාරකා විද්‍යාඥයෙක්ද මීට සම්බන්ධ විය. මෙම වැඩසටහන් තරුණ පරපුරේ මහත්සේ ඒ ජනප්‍රිය විය. යටපත්වී තිබූ මිත්‍යා මත ආකරයට හොද පෝර පහරක් වැදුනි.
වඩා තර්කානුකූලව සිතන්නට හුරු වූ තරුණැයෝ සෝම හිමිගේ බණ ඇසීමට පොර කෑවේ මේ රැල්ල කූටප්‍රාප්තියටපත් වීමෙනි. ඉන් පසු කිරිබත්ගොඩ සෝවාන් ව්‍යාපාරයයි., ෆෙන් ශුයි කාරයන් ,වැව් ගංගා පිරිත් කරන හොර ගනයන්, වශී ගුරුකම් කරන ගනයන් හා රොඩියන්ෆෙන් ශුයි කාරයන් ,වාලම්පුරි කාරයන් , දිවැස් ඇති ඉසිවරු , සල්ලි වස්සන ලක්ෂ්මීලා , යෝගීන් ,රහතන් වහන්සේලා එක පොදියට පහල වියබටහිර විද්‍යාව බොරුයැයි පඩිවරයෙකු කී බැවින් එය ද පනින රිලවුන්ට ඉනිමං තැබීමක් විය.හොරුන්ට තක්කඩියන්ට කල්ල මරේ විය.මල්ල කරේ විය.
සුමනදාස ලා නිකම්ම හේතුවාදියෝ නොවූහ. ඔවුහු ජාතියට මග පෙන්වන්නෝ වූහ. නව සොයාගැනීම් වලට දිරි දෙන්නෝ වූහ. ජනතාවට එකක් කියා හිතවතුන් හා එකලා වූ පසු හාත්පසින් වෙනස් දේවල් කියන ගිහි පැවිදි උතුමන්ලා ට වඩා මෙතුමා වෙනස් විය. සාර්ථකත්වය පමනක් නොව විද්‍යාත්මක ජීවන දෘෂ්ටියක්ද මෙතුමාගේ සිසුන්ට ලැබුනි.
මෙතුමාගෙ මරනයත් සමග චිත්ත ධර්මය තුනට කැඩුනි. ඇත්තෙන්ම මෙතුමාට අගසව්වන් තිදෙනෙක් විය.
එක් අයෙකු දකුනේ සංචාරක හෝටල් හිමියෙකි.චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයේ බලය හිමි වුනේ ඔහුටය. සුනාමියෙන් ඔහුගේ හෝටල් ,බිරිද සහ කෝටි ගනනක වාහනය අහිමි විය. ඉන් පසු ඔහු සක්‍රියව චිත්ත ධර්ම විද්‍යා ජාත්‍යාන්තරයට දායක නොවීය.
චිත්ත ධර්මයෙන් මනස පතුර ගලවාගත් කුරුණෑගල පොර සුමනදාස මහතාගේ ව්‍යාපාරයට කළේ ඉමහත් හානියකි.ඔහු විශ්ව ඥානය ගැන යටි සිත ගැන ඉගැන්වීමක් කළේ නැත. මිත්‍යා මත වලට පහර දුන්නේද නැත. ඒ වෙනුවට සගරා අලෙවිකරමින් ,ලක්ෂපතියන් බිහිකරමින් ෆෙන් ශුයි පන්නයේ නාඩගමක් නැටීය.
අනෙක් ප්‍රධාන සිසුවා විශ්ව මාතාද මොකක්ද කියා වෙනමම එකක් හදාගෙන කැඩී ගියේය. ඔහු ගැන අසන්නටවත් නැත.
අද සුමනදාස මහතා අප අතර නැත. එහෙත් එතුමන්ගේ පොත් හා සැබෑ ගෝලයන් නිසා එතුමන් අප අතර ජීවමානය. සල්ලි ආකරයක් අත හැර මිනිසුන් කෙරෙහි පතල කරුනාවෙන් ඔවුන් වලෙන් ගොඩ ගන්නට වෙර වීරිය දැරූ එතුමා මිනිසුන් මිත්‍යාන්ධකාරේ ගිල්වන ගිහි පැවිදි පල් හොරු මෙන් ජනප්‍රිය නැතත් සදාකාලිකය. මන්ද සත්‍ය වෙනුවෙන් පෙනී සිටි බැවිනි.
ගත්තේ මෙතනින්- http://yakaageadaviya.blogspot.com/2015/12/blog-post_12.html