සුමනා නෙල්ලම්පිටිය සමුගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    sumana-nellampitiya-no-more


    මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු විය.
    ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදිකාවක වූ ඇය 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස වෘත්තීය ජීවිතය අරඹා තිබේ. ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් විය.

    ඉතා පැහැදිලි හා නිවැරදි ආකාරයට උච්චාරණය කිරීම නිසා ඇය ප්‍රවෘත්ති කියවීම සඳහා තෝරාගෙන තිබුණි.
    ඇය පසුව ප්‍රවෘත්ති කීමේ ස්ථිර නිවේදිකාවක බවට පත්වූ අතර එකල ලංකාවේ සුවිශේෂ සිදුවීම් ඇගේ කටහඩින් ජනගත විය.
    “මම මගේ මාධ්‍ය ගමන ආරම්භ කළේ 1967 SLBC එකෙන්. 1982 දී මම රූපවාහිනියට සම්බන්ධ වෙලා එහි පළමු සිංහල ඉදිරිපත් කරන්නා වුණේ මම. පිරිමි ආධිපත්‍යය දරන ක්ෂේත්‍රයක් වුණාට, එදා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය තිබුණා නම් මට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. SLBC එකේ වුනත් අපි ලිංග භේදයකින් තොරව වැඩ බෙදා ගත්තා. පිරිමි ආධිපත්‍යයක් තිබුණේ නැහැ.

    ඒත් එක්කම අපි අපේ වැඩේට 100%ක් යොදවනවා. බාධක, අභියෝග සහ තරගකාරීත්වය තිබුණත් ඒවා ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි.” ඇය පුවත්පතක් සමග පැවසුවාය.

    “මම ප්‍රවෘත්ති ඇරුණාම රූපවාහිනියේ විවිධ වැඩසටහන් කර තිබෙනවා. මගේ රාජකාරිය ඉටු කිරීමේදී අභියෝග රැසකට මුහුණ දුන්නා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ සමයේ ඇතැම් විරෝධතාකරුවන් මට සහ මගේ කණ්ඩායමට හූ කියමින් පහර දුන් අයුරු මට මතකයි. රැකියාවේදී යමෙක් පිරිමි හෝ ගැහැණුද යන්න ගැටළුවක් නොවේ. නමුත් මම නිතරම කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වන කාන්තාවන් නිර්භීතව වැඩ කිරීමට කැපවීමට සූදානම් විය යුතු බවයි. ප්‍රභා රණතුංග, රත්නා ලංකා අබේවික්‍රම, දයා ද අල්විස්, චන්ද්‍රා වයමන් වැනි ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපි ආභාෂය ලැබුවා.

    මගේ පරම්පරාවෙන් පස්සේ චිත්‍රා කුමාරි කළුබෝවිල, නෙළුම් කළුබෝවිල වගේ කැපවීම් කරලා තිබුණා. නමුත් අද නිවේදකයින් හා එම දේවල් වෙනස් . වර්තමාන තරුණයින් අභියෝග භාර ගැනීමටත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් පසුබට වන බව මට හිතෙනවා.
    ඔවුන් බොහොමයක් තම රැකියාවට හෝ සේවා ස්ථානවලට පක්ෂපාතී අය නොවන බව පේනවා. ඒ නිසා අපි වැඩිපුරම දකින්නේ දැන් මාධ්‍ය නිවේදකයින් කිසිම ගැඹුරක් හෝ අරමුණක් නැතිව තේරුමක් නැතිව හිනාවෙමින් කතා කරන විදිහක්.නමුත් ඒ අතර තමන්ගේ වෘත්තීන් තුළ දස්කම් දක්වන සුවිශේෂී පුද්ගලයන් අතළොස්සකුත් ඉන්නවා.”
    4.jpg