සුමනා බාලිකාවගේ කථාව

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සුමනා බාලිකාවගේ කථාව

    (1) තාම්‍ර‍පර්ණි දිවයින වනාහි තුන්සියයක් යොදුන් දිගැත්තේය, හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය. සඳමඬලේ හැඩහුරුකම් ඇතිවිය. (2) ඒ ද්වීපයෙහි වූ අනුරාධපුර නමැති නගරය ශක්‍ර‍ දේවේන්ද්‍ර‍ාගේ පුරය මෙන් බබළයි. (3) ඒ නගරයෙහි තිස්ස නම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසේ. (4) ඕ තොමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ (5) වනයට වැද සත්දිනක් ආහාරපාන නැතිව සාපිපාසාවෙන් මැඩී ගසක් මුල හුණි. (6) පියා පසුව ගොස් වනයෙහි ඇය සොයා නොදැක ශෝකයෙන් මඩනාලදුව හැරී ගියේය. (7) අන්කිසි මිනිසෙක් බත්මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක (8) කරුණාභරිත වූයේ ධීතෘසෙනෙහය උපදවාගෙන මෙසේ කීය: (9) “දුව, මේ ආහාරය ඔබට දෙමි. එය කැමති සේ අනුභව කොට ශරීර ශක්තිය ලබාගෙන කැමති තැනකට යව”යි. (10) ක්ලාන්ත වූ මාගේ ශරීරය දුර්වලය, මට ආහාර රුචි නොවේ; එබැවින් මෙය ගෙනයනු මැනවි; ඔබට මාර්ගෝපකරණ වන්නේය”යි දැරිය කීය. (11) “මා විසින් එය පරිත්‍යාග කරන ලදි, ඔබට කැමති දෙයක් කරනු මැනවි. මම වැඩිදුරක් නැති ගමකට යමි”යි මිනිසා කීය.

    (12) ඉක්බිති ජීවිතයෙහි අපේක්ෂා නැතිව ගස් සෙවනෙහි හොත් ඕතොමෝ මෙසේ සිතී, (13) මේ වනයෙහි යාමත් අපහසුය, දැන් පිනක් කරන්ට කාලය පැමිණියේය. මම පිනක් කොට මරණයට පැමිණෙන්නෙමි”යි. (14) ඕ පොළොවේ අත ගසා යන්තම් නැගිට අත් පා පිසදමා අත්පුඩි ගසා මෙසේ කීය: (15) ඉදින් මහත් සෘඬි ඇති බුද්ධ පුත්‍රයෝ මට අනුකම්පා කෙරෙත් නම් ඒ මහාවීරයෝ මෙහි පැමිණ මා අපායෙන් මුදත්වායි. (16) දිවකණින් ඒ කීම ඇසූ පුවඟු දිවයිනේ එක් රහත්නමක් අහසින් ඇවිත් ඇය ඉදිරියෙහි සිටියේය. (17) පහන් සිතැති සුමනා තොමෝ අතිමහත් ප්‍රීතියට පත්ව වැඳ ඒ බත ඒ තෙරනමට පිදී. (18) නැවත ඉවතට ගොස් කොළ අතු ඇඳගෙන තමා ඇඳ සිටි වස්ත්‍ර‍ය අතට ගෙන තෙරුන් වෙත අවුත් (19) “ස්වාමීනි, මේ මාගේ අන්තිම දානය සම්පූර්ණ එකක් වේවා: නෑයන් නැති දුගී වූ මාගේ මේ වස්ත්‍ර‍ය පිළිගත මැනවැ”යි කීය. (20) රහත් තෙරනම එය ද පිළිගෙන හංසරාජයකු මෙන් අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයට පැමිණියේය. (21) සා පිපාසාවෙන් පෙළුණු ඈ මොහොතක් වාඩිවී සිට දුක ඉවසිය නොහැකිව මුර්ඡා වී බිම වැටුණි. (22) හෙළදිව යම් පමණක් දේවතාවෝ වෙත්නම් ඒ සියලු දෙන ඒ දානයට පසසමින් සාධුකාර දුන්හ: (23) “අහෝ ඉතා වටිනා දානයකි, දක්ෂිණාර්හයන් කෙරෙහි ආහාරයද සළුව ද දී ජීවිතය පරිත්‍යාග කරන ලදැ”යි, (24) ඉක්බිති ඒ ශබ්දය ඇසූ සක්දෙව් රජ ඇයට සාත්තුසප්පායම් පිණිස විශ්වකර්මයා යැවී, (25) දෙව්රජු විසින් එවන ලද හෙතෙමේ ලෝම කූපයන්හි දිව්යෝජස් බහා ඇය සුවපත් කෙළේය. (26) විශ්ව කර්ම තෙමේ සුවපත් වූ ඇය දෙවඟනක් මෙන් සරසා ඒ කාරණය ප්‍ර‍කාශ කරමින් අහසින් නුවරට ගියේය. (27) ඒ ශබ්දය අසා ද්විපාධිපති වූ රජ ඇය තමාගේ භාර්යා තනතුරෙහි තැබීම සඳහා ගෙන ඒමට රථයක් යැවීය. (28) ඈ එහි ජීවත්ව සිටිතාක් රජු සමඟ සම්පත් අනුභව කොට නොයෙක් පින් රැස්කරගෙන පිදිය යුත්තන් පුදා ආයුෂය ගෙවීගිය කල්හි භික්ෂූන්ට මෙසේ කීය: (30) චාතුර්මහාරාජික-තාව-තිංසාදි දෙව්ලෝවලින් ආ රථ මෙහි තිබෙත්. ස්වාමිවරුනි, කොතැන්හි ඉපදීම යහපත්ද? ලෝක හිතෛෂීන්ට කවර තැනක් වාසස්ථානවීද? කොතැනක උගත් දෙවියෝ නිතර ධර්මශ්‍ර‍වණය හා ඝෝෂණය කරත්ද? (32) “තුසිතපුරය පුරුෂෝත්තමයන්ගේ වාසස්ථානයකි. එහි හැමකල්හි ධර්ම ශ්‍ර‍වණය පවතී. ඒ තුසිත දෙව්ලොවෙහි ඇලීම කරව.” (33) ඒ දේවීතොමෝ එක්කළ දෙ අත් නැමති පියුම හිසමත තබාගෙන බුද්ධපුත්‍ර‍යන්ගේ කීම අසා තුසිත පුරයෙහි ඉපදීමට කැමති විය. (34) අප්‍රමේය ගුණයන්ට වාසස්ථාන වූ මනා කෙතෙහි දක්ෂ ජනයෝ පින් නැමැති බීජ වපුරති. ඔවුහු බොහෝ කලක් දෙව් මිනිස් සැප අනුභව කොට පසුව නිවන් සැපද ලබත්. (36) බුද්ධානුශාසනය පිළිපදින්නා වූ අප්‍රමේය ගුණ ඇති යම් කෙනෙක් වෙත් නම් ඔවුහු බොහෝ භය ඇති සංසාර සාගරයෙන් එතෙරව අමෘතය නමැති මී පැණි අනුභව කරත්.


    Download ebook:
    http://www.mediafire.com/file/esntbjbec1a71mz/Sihala_Vatthu.pdf
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දුගී මිනිසාගේ කථාව
    හෙළදිව ගම්වැසි එක් දුගී මිනිසෙක් මාරාන්තික වේදනාවලින් පෙළුණේ භික්ෂූන් පස්නමක් ගෙන්වා දනක් දුණි. එයින් සතුටට පත් හෙතෙම බිරිඳට කථාකොට “මාගේ වස්ත්‍ර‍ දෙකක් ඇත. මම එය අන්තිමදානය වශයෙන් පුදනු කැමැත්තෙමි; එය ගෙනෙව”යි කීය. “හිමියෙනි, ඔබ මළවිට මෘතශරීරය වැසීමට වෙන වස්ත්‍ර‍යක් නැතැයි” බිරිය කීය. එවිට ඒ මිනිසා “අඥාන ස්ත්‍රිය, මම ජීවිතාන්තය දක්වා මේ සිරුර සරසන්ට මහන්සි ගත් නමුත් එය කළ නොහැකි විය. මළකල්හි දිරාගිය ලීකඩක් වැනිවූ බලුකැනහිලුන්ට ආහාර වූ මේ සිරුරෙහි සැරසිය යුතු කමක් තිබේද? පින් කිරීම ඊට වඩා යෙහෙකැ”යි කියා එය ගෙන්වා ගෙන සංඝයාට පූජා කෙළේය. වස්ත්‍ර‍ තිබුණු පෙට්ටියෙහි තවත් වස්ත්‍ර‍ ජෝඩුවක් තිබෙනු දැක දෙවෙනි තෙරුන්ට දුණි. ඉන්පසු පහළ වූ වස්ත්‍ර‍ තෙවෙනි සිවුවෙනි පස්වෙනි තෙරවරුන්ට ද දුණි. විස්මයට පත් උපාසකයා බිරිය අමතා “සොඳුර ආශ්චර්යයක් බලව; බොහෝ කලක් වස්ත්‍ර‍ රැගෙන දුන්නත් වස්ත්‍ර‍යන්ගේ ක්‍ෂයවීමක් නොදකිමි. එබැවින් බුදුරදුන් විසින් “දදතො පුඤ්ඤං පවඩ්ඪති” යනාදිය දෙසන ලදි. දෙන්නාට පින වැඩේ.

    ඉක්බිති අන්‍ය භික්ෂූන්ද ගෙන්වා වස්ත්‍ර‍ විකුණාගත් මුදලින් දන් සපයා වස්ත්‍ර‍ ද පිදීය, යම්යම් භික්ෂුනමක් සිවුරු සඳහා වස්ත්‍ර‍ කැමති වී නම් ඔවුන්ගේ පාත්‍ර‍ පුරවා වස්ත්‍ර‍ දුණි. මෙසේ දොළොස් දහසක් භික්ෂූන්ට වස්ත්‍ර‍ දෙන ලදි. ඉක්බිති රුහුණේ නිවැසි මහාපදුමතෙර ඔහුට දහම් දෙසීම සඳහා පැමිණියේය. උන්වහන්සේ චතුධාතුවවත්‍ථානය* [1] දෙසන විට උපාසකයා අනාගාමි ඵලයට පත්විය. ඔහුගේ බිරිය සෝවාන් ඵලය ලැබීය. උපාසකයා මැරී අකනිටාභවනෙහි උපන්නේය. උපාසිකාව පසුකලක මියගොස් ශක්‍ර‍යාගේ අගමෙහෙසි විය. රජතෙම උපාසකයාගේ කීම (අනාගාමී වූ බව) අසා මහත් සත්කාරයෙන් ආදාහනය කරවීය.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බත්මුල දුන්නහුගේ කථාව

    හෙළදිව එක් මිනිසෙක් බත්මුලක් බැඳගෙන ගමනක් ගියේය. අතරමගදී සාගින්නෙන් පෙළී දුර්වල වූ භික්ෂුනමක් දැක “මට ආහාර නැතිව ගියත් මේ භික්ෂුනමට දන් දෙමි”යි සිතා ඔහු වෙත එළඹ වැඳ “ස්වාමීනි, ගසක් මුලට වැඩිය මැනවැ”යි කීය. ඒ ඉල්ලීම ලෙස ගසක් මුලට පැමිණි ඒ භික්ෂු නමගේ පාත්‍ර‍ය ගෙන ධමකරකයෙන් පැන් ගෙනවුත් සෝදා ආහාරය පාත්‍රයේ දමා දී සකසා වැන්දේය. තෙර නම වැලඳීය.

    හෙතෙම හවස ගමට යනු කැමති වුවත් යාගත නොහැකිව අතරමග නිදා ගත්තේය. එහි ඔහු අඳුනන කිසිවෙක් නොවීය; නෑයෝ ද නොවූහ. එබැවින් බලවත් වේදනාවෙන් පෙළී මරණයට පත්ව මානවක ගමේ ඇමති පවුලක පිළිසිඳ ගත්තේය. එතැන් පටන් ඇමති කුලයට අභිවෘද්ධියක්ම සිදුවිය. එහි උපන් හෙතෙම මහත් සත්කාරයෙන් වැඩුණි. ඒ ගෙය කරා එක් තෙරනමක් පැමිණේ. ළදරුවා තෙරුන් කෙරෙහි දැඩි ප්‍රේමයක් ඇතුව ටික ටික බණ අසයි. පසුව පැවිදිවෙන්ට සිතක් උපදවා ගෙන මවුපියන්ගෙන් අවසර ලබා දොළොස් හැවිරිදි කල්හි පැවිදි විය. පැවිදි වී සත් දිනකින් රහත් විය. ඔහුගේ උපාධ්‍යාය තෙරනමත් රහත් නමකි. කල් ඇවෑමෙන් හෙතෙම මහතෙරනමක් විය.

    මලයවාසී මහාසංඝරක්ඛිත තෙරුන්ගේ ශිෂ්‍ය වූ තුන්සියනමක් රහතන් වහන්සේ වූහ. ග්‍රාමවාසි සංඝරක්ඛිත තෙරුන්ට ද, අරියවිහාරවාසී ධම්මගුත්ත තෙරුන්ට ද සිතුල්පව්වැසි දීඝභාණක අභයතෙරුන්ට ද රහත් ශිෂ්‍යයෝ තුන්සියය බැගින් වූහ. ඒ ඒ විහාරවල රැස්වූ ෂඩභිඥා ඇති ඒ තෙරවරුන්ට “හෙට කොතැනකට සිවු පිණිස යන්නෙමුදැ”යි විතර්කයක් උපණි. සියලුදෙන දානතෙරුන්ගේ පින විමසන්නෙමුයි කථාකොට ගෙන පසුදා මහතෙර සතරනම පිරිවර භික්ෂූන් සමඟ මනා සේ හැඳ පොරවාගෙන අහසින් එතැනට ආහ. ඒ අවස්ථාවෙහි දානතෙර චෛත්‍යයට නැගෙනහිර දෙස චිත්තමාලක නමැති මලුවෙහි හුන්නේ තෙරවරුන් දැක දවල් වූ කල්හි පැමිණියාහයි කියමින් කැඳ සපයන පන්සල ඉදිරියෙහි වූ මාලගසමුල සිටියේය. සර්වාලංකාරයෙන් සැරසී සිටි දේවතාවා තෙරනම මේ ගසයටට පැමිණියේ මා විමසීමට වියයුතු යයි සිතී. තෙරනම ඔහුගේ සිතිවිල්ල දැන පිරිවර සහිත තෙර සතරනම කැටිව ගං ඉවුරට පැමිණියේය. ඒ විහාරය පිහිටියේ ගංඉවුරකය. නාරජ තෙරවරු වැඩියාහයි දැන සත්රුවන් මණ්ඩපයක් මවා නානාවිධ විසිතුරු මල්දම් එල්වා නොයෙක් කැවිලි සහිත දානයක් පිරිනැමීය. හවස්වරුවේ හැමදෙනාවහන්සේ එක්ව මෙය කුමන කුශලකර්මයකගේ ඵලය දැයි ඇසූහ. දානතෙර බත්මුල දීමේ විපාකය යි කීය.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බණ ඇසූ මත්ස්‍යයාගේ කථාව
    නැවකින් ගිය එක් භික්ෂුවක් මූදේදී ධම්මසංගණියේ චත්තුප්පාද කොටස කට පාඩමෙන් කීය. එක් මත්ස්‍යයෙක් ඒ ශබ්දය අසා පස්සෙන් පස්සෙන් ආවේය. මිනිසුන් විසින් විදින ලදුව මරණයට පත් ඌ ධනාඪ්‍ය වූ මහා සාරකුලයක උපන්නේය. භික්ෂූන් දැකීමට ප්‍රිය වූ හෙතෙමේ සත් හැවිරිදි කල්හි පැවිදිව ත්‍රිපිටකය ඉගෙන සද්ධා සුමන තෙරයයි ප්‍ර‍කට විය. හෙතෙම චෛත්‍යවන්දනාවේ ගොස් නාගදීපයට පැමිණ චූලගිරි-මහාගිරි දෙක අතරෙහි වූ දුටුගැමුණු රජුගේ උයනෙහි සිත් අලවා වෙසේ. එහි විසූ ඒ තෙරනම් එහිදීම බුද්ධානුස්මෘතිය වඩා රහත් විය.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දානානිසංස දක්වන කථාව
    හෙළදිව දුර්භික්ෂ කාලයකදී සිටුපවුලක සියලුදෙන කඳුරටට ගියහ. එක් මැහැල්ලක් මාගේ මරණය ළංව තිබේයයි කියමින් එහි යන්ට නොකැමති විය. ඇගේ ගෙයි හාල්මනාවක් තිබුණි. ක්‍ර‍මයෙන් එය අඩුවී හාල් කාලක් ඉතිරි විය. ඈ එයින් කැඳක් උයා බොන්ට සැරසී සිටින විට කාළකන්දර වැසි තිස්ස තෙරුන්ගේ ශිෂ්‍යයන් තිදෙන අතරෙන් පඨවීචාලක ධම්මරක්ඛිත තෙරනම පිඬු පිණිස උතුරු කුරුවට ගියේය. යෝනක ධම්මරක්ඛිත තෙර නම පාටලීපුත්‍ර‍යට ගියේය. මහා ධම්මරක්ඛිත තෙරනම මෙකී උපාසිකාව ඉදිරියට අවුත් වැඩ සිටියේය. ඕ තෙරුන් දැක පැහැදී ඒ අන්තිම ආහාරය තෙරුන්ට දෙමින් මෙසේ කීය. “මට දුගතියක් නොවේවා, දිළිඳුබවක් නොවේවා, උපනුපන් තැන්හි ස්ත්‍රීභාවය නොලැබේවා: මුළාවත් ගුණමකු බවත් මා කෙරෙහි නොවේවා; මට සංසාරයෙහි දීර්ඝ කාලයක් ඇවිදීම සිදු නොවේවා”යි.

    තෙරනම ඒ කැඳෙන් බාගයක් ගත්විට උපාසිකාව සියල්ලම දුණි. ඒ කැඳෙහි එක් බත් උලක් වත් නොවීය. එය රැගෙන තෙරනම කාළකන්දරය වෙත වැඩියේය. අනික් දෙනමද එහි අවුත් මේවා අනුභව කළ මැනවැයි කියමින් පිණ්ඩපාතය දුන්හ. තෙරනම ඒ දෙනමටත් කැඳ බෙදා දී ඉතිරි කැඳ බත් සමග මිශ්‍ර‍ කොට වැලඳී. ඉතිරි දෙනමත් එසේ කළහ. ඉක්බිති තෙරනම මේ උපාසිකාවට කොපමණ කලක් මේ කැඳ දානයේ විපාක ලැබෙන්නේදැයි බලන්නේ කල්ප තිසක් විපාක දෙන්නේයයි දිටී. දෙවෙනි තෙරනම කල්ප සැටක් විපාක දෙන බව දිටී. තෙවෙනි නම අනූ කල්පයක් විපාක දෙන්නේ යයි දිටී. ඒ තුන්නම ඔවුනොවුන් කථාකොට මුහුදේ වැසි තෙරනම වෙත ගියහ. ඒ තෙරනම එකල්හි මුහුදේ ජලය හා මෙහා තල්ලුවෙන්ට සලස්වා ප්‍රාකාරයක් මෙන් සිටුවා ඒ මැද හුන්නේය. ඒ තෙරහු ඇවිත් මේ තෙරුන්ට කාරණය කියා තමන් දුටු සැටිද ප්‍ර‍කාශ කළහ. මූදුවැසි තෙරනම “තෙපි තිදෙනම සමාන කාරණයක් නිසා දඬුවම් ලැබිය යුත්තාහුය. බුදු රදුන් විසින් සෝවාන් ඵලය ලැබීමට උත්සාහ කරන්නාට දෙන දානය අප්‍රමෙයානිසංස ඇත්තේ යයි වදාරන ලදි. දඬුවම් විඳිව්” යයි කීය.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එබැවින් බුදුරදුන් විසින් “දදතො පුඤ්ඤං පවඩ්ඪති” යනුවෙන් දෙසන ලදි.
    දෙන්නාට පින වැඩේ.

    +rep
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Waiting for sj91 version of this

    වික්ටොරියානු,බුද්ධගෝෂ, කලුසුද්දො, මීවනපලානෙ,වහරක,බටහිර ,පර සුද්දො,අධිරාජ්‍යවාදය
    ඔය වචන ටික විතරමයි,:lol::lol::lol: