සුමින්දගෙන් ඉල්ලීමක්
රංගන ශිල්පී සුමින්ද සිරිසේන පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් කල් ගත කළ කලාකරුවෙක්.
ඔහු පිළිබඳව සිළුමිණ පුවත්පත මෙවර විශේෂාංගයක් සකස් කර තිබෙනවා.
එහිදී සුමින්ද සිරිසේනයන් සඳහන් කර ඇත්තේ තමන්ට දුරකථන ඇමතුමක් හෝ දෙන ලෙස රසිකයන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
“2012 මැයි මාසයේ මට උණ හැදිලා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වුණා. එතැනදී මට සිහිය නැතිවෙලා. දවස් දෙකක්ම සිහිය නැතුව ඉඳලා තියෙනවා. පසුව සිහිය ආවත් මාස දෙකක් පමණ රෝහල් ගතවෙලා ඉන්න සිද්ධ වුණා. ඊට පස්සෙ ඇවිදින්න බැරිවුණා. දැන් භෞත චිකිත්සක ප්‍රතිකාර කරනවා. එදා කඩිසරව ඇවිදපු මම අද එහෙ-මෙහෙ යන්නෙ හරිම හෙමින් හරිම පරෙස්සමින්.”
හරිම දුකක් දැනෙනවා. අපි හැමදාම ජීවත්වෙන්නෙ නෑනෙ. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ හැටියට අපි මේ තත්ත්වයට පත්වෙනවා. ඒ ගැන හිතලා හිත හදාගන්නවා.
පසුගිය දවසක අනුෂා ගෝකුල ප්‍රනාන්දු සංස්කෘතික අධ්යක්ෂ තුමිය ඇවිත් බලල ගියා. කලාකරුවො විවේක තිබෙන වෙලාවට ඇවිත් බලලා යනවා. ළඟදී අනුර කියන අලුත් අධ්යක්ෂවරයකුගේ ටෙලි නාට්‍යයකට රඟපාන්න ආරාධනා කළා. මම රෝද පුටුවේ ඉඳගෙන රඟපෑවා. කළගෙඩිහේනේ ෂූටිං තිබුණේ. සනත් විමලසිරිත් ඒකේ රඟපෑවා. ළඟදීම ඒක විකාශය වේවි.
වේදිකාවේ, රූපවාහිනියේ, සිනමාවේ මගේ රංගනයන් දැකපු මගේ රසිකයන්ගෙන් මම ආදරයෙන් ඉල්ලන්නේ මාව බලන්න එන්න. අඩුම තරමේ ටෙලිෆෝන් කෝල් එකක් හරි දෙන්න පුළුවන්නම් හොඳයි.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
(සුමින්ද සිරිසේනගේ දුරකතන අංකය – 033 2226061)

ඉක්මන් සුවය පතනවා...