සුර්යග්‍රහණය 2019
මෙම වසරේ දෙසැම්බර් මස 26 වනදින දර්ශනය වීමට නියමිත සුර්යග්‍රහණය පිලිබඳ ''දමිත් කේතක '' විසින් තැබූ සටහනයි.
උපුටාගැනීම ඔහුගේ ෆේස්බුක් බිත්තියෙන්.
https://www.facebook.com/LordDK82/posts/1032671153731772
2019 දෙසැම්බර් 26 සූර්යග්‍රහණය
=========================
මේ කියන්න යන්නේ තව නොබෝ දිනකින් අපට දැකගන්නට ලැබෙන සූර්ය ග්‍රහණයක් පිළිබඳවයි...
සූර්ය ග්‍රහණය ගැන විස්තර කරන්න පෙර, මම ඔබට සූර්ය ග්‍රහණ වර්ග පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න කැමතියි...
අපට මාස්පතා සූර්යග්‍රහණ දක්නට නොලැබෙන්න හේතුව තමයි, චන්ද්‍රයා පෘතුවි කක්ෂයට අංශක 5.14 කින් ආනතව පිහිටීම......පෘතුවිය සඳුගේ සෙවණැල්ලෙනුත්, සඳු පෘතුවියේ සෙවණැල්ලෙනුත්, වසරේ වැඩි කාළයක් බැහැරව තබන්න මේ ආනතිය ප්‍රමාණවත් ....
සූර්යග්‍රහණයක් ඇතිවන අවස්ථාවකදී චන්ද්‍රයා සූර්යයාව අවහිර කරනා ආකාරය අනුව සෙවණැලි කළාප තුනක් හටගන්නවා.....
Penumbra හෙවත් උපඡායාව - ඡායාවක මේ කොටස අඳුරුයි වගේම එහි 25% ක පමණ එළි සභාවක් තිබෙනවා
Antumbra හෙවත් අඩ ඡායාව
Umbra - හෙවත් පූර්ණ ඡායාව..- මේ තමයි ඡායාවක අඳුරුම කොටස..
මේ කළාප වර්ග තුන මඟින් පෘතුවි වාසීන්ට සාපේක්ෂව ආකාර හතරකින් සූර්යග්‍රහණ දකින්න සලස්වනවා....
සූර්ය ග්‍රහණ ප්‍රධාන වශයෙන් ආකාර 4 .....
- පූර්ණ සූර්යග්‍රහණ - Total Solar Eclipse
- පාර්ශ්වික සූර්යග්‍රහණ - Partial Solar Eclipse
- වලයාකාර / මණ්ඩලාකාර සූර්යග්‍රහණ - Annular Solar Eclipse
- ද්විආකාර සූර්යග්‍රහණ - Hybrid Solar Eclipse
මෙයින් මුල් ආකාර තුන දකින්නට ලැබීම සාපේක්ෂව ඉතා සුලභ සූර්යග්‍රහණයන් වන අතර, සිවුවැන්න අතිශය දුර්ලභයි....
පූර්ණ සූර්යග්‍රහණයක් ( Total Solar Eclipse) සිදුවන්නේ ඉහත කී අන්දමට, චන්ද්‍රයා හිරුව මුවා කරන විට ඇතිවන සෙවණැල්ලේ අඳුරුතම කළාපය හෙවත් Umbra කියන කොටස පෘතුවියේ යම් ප්‍රදේශයක් හරහා පතිත වීම නිසා.
අර්ධ සූර්යග්‍රහණයක් ( Partial Solar Eclipse ) දක්නට ලැබෙන්නේ ඉහත කී අඳුරුතම කළාපය පෘතුවිය මත පතිත නොවී, බොහෝවිට සෙවණැල්ලේ Penumbra කළාපය පතිත වන විටය.
වලයාකාර / මණ්ඩලාකාර සූර්යග්‍රහණයක් ( Annular ) දක්නට ලැබෙන්නේ, චන්ද්‍රයා පෘතුවිය වටා සිය කක්ෂයේ, පෘතුවියට දුරස්ථම ස්ථානය හෙවත් Apogee හි සිටියදීය. එහිදී සඳුගෙන් හිරු පූර්ණව ආවරණය නොවන අතර, ආවරණය වන්නේ හිරුගේ මැද කොටස පමණයි....සඳු විසින් හිරු ඉදිරියේ අහසේ සාදන වෘත්තයේ දෘෂ්‍ය පරිමාවට වඩා හිරුගේ දෘෂ්‍ය පරිමාව විශාල නිසා, හිරුගෙන් විහිදෙන බාහිර වළයේ ආලෝකය, මැද අඳුරු ආලෝක වළල්ලක් ලෙස අහසේ දිස්වේවි.....ඒ ගැන ඔබට අදහසක් ගන්න, ඇනියුලර් සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවක ගත් සේයාරුවක් මෙයට අමුණා තිබෙනවා......මේ බාහිර ආලෝක වළල්ලට අපි කියනවා "රිංග් ඔෆ් ෆයර්" හෙවත් "ගිනි වළල්ල" ( Ring of Fire ) කියලා.....
චන්ද්‍රයා පෘතුවිය වටා සිය කක්ෂයේ පෘතුවියට දුරස්ථම ස්ථානය හෙවත් Apogee හි දුර - කිලෝමීටර් 405,696 ( සැතැපුම් 252,088 )
පෘතුවියට සමීපතම ස්ථානය හෙවත් Prigee හි දුර - කිලෝමීටර් 363,104 ( සැතපුම් 225,622 )
Hybrid Solar Eclipse හෙවත් ද්වි ආකාර සූර්යග්‍රහණයක් යනු, මුලදී ඇනියුලර් හෙවත් මණ්ඩලාකාර සූර්යග්‍රහණයක් ලෙස දිස්වී, එහි පථයේ තිබෙන ඇතැම් ප්‍රදේශ වලට පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස පසුව දිස්වන සූර්යග්රහණයන්ය.
මේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ 26 වැනිදාට, මේ "ඇනියුලර්" සූර්යග්‍රහණයක් සිදුවෙනවා.....
ශ්‍රී ලංකාවේ අපට මෙය සුවිශේෂී මොහොතක්.... මක් නිසාද ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රදේශයකට මේ ඇනියුලර් සූර්යග්‍රහණය සම්පූර්ණවත්, බොහෝ ප්‍රදේශ වලට ඒ ආශ්චර්යවත් අවස්ථාවෙන් "යම් කොටසක්" පමණක් ලෙසත් පෙනීමට නියමිතයි....
සූර්යග්‍රහණයක් දිස්වන "පථය" ( Parth of a Solar Eclipse ) යනු කුමක්ද?
===============================
පෘතුවිය සිය අක්ෂය වටා භ්‍රමණය වන්නේ ( භ්‍රමණ ප්‍රවේගය ) බස්නාහිර සිට නැගෙනහිර දිශාවර්තීව, තප්පරයට මීටර් 460 ක වේගයකිනි. චන්ද්‍රයා පෘතුවිය වටා කක්ෂයේ ගමන් කරන්නේද මෙලෙසම බස්නාහිර සිට නැගෙනහිර දෙසටය. සඳු පෘතුවිය වටා කක්ෂයේ යන ප්‍රවේගය වන්නේ තප්පරයට කිලෝමීටර් 1.01 කි.
මේ නිසා හිරු සහ පෘතුවිය අතරට සඳු එනවිට නිර්මාණය වන සඳුගේ සෙවණැල්ල, පෘතුවි පෘෂ්ඨය හරහා ඒ සෙවණැල්ල ඇදී යන වේගය = පෘතුවියේ භ්‍රමණ වේගය - සඳු කක්ෂයේ ගමන් කරන වේගය
මෙහිදී එම සඳ සෙවණැල්ල ඇදී යන පෘතුවි පෘෂ්ඨයේ කළාපයට තමා එහි පථය කියා කියන්නෙ.....
මෙහිදී එම සෙවණැල්ල පෘතුවිය මත ඇදී යන්නේ කවර ප්‍රදේශයක් හරහාද යන්න තීරණය කරන්නේ "බෙස්ලියන් එලමෙන්ට්ස්" ( Besselian Elements ) නම් අගයන් සමූහය යොදාගෙන කරනු ලබන ගණනය කිරීම් වලින්ය. පෘතුවිය මත සඳුගේ සෙවණැල්ලෙන් වන බලපෑමේ ස්වභාවය හෙවත් සූර්යග්‍රහණයේ ස්වභාවය, එම සෙවණැල්ල පතිත වන කළාපයේ අක්ෂාංශ දේශාංශ, එහි පථයේ දිග පළල ආදිය බෙසේලියන් අගයන් මඟින් ගණනය කරනු ලබන අතර, ඒවාට ඒ නම දී ඇත්තේ, එකී අගයන් පෙළගැස්වූ ෆ්රෙඩ්රික් බෙස්ල්ට ගරු කිරීමක් ලෙසය.
සාමාන්‍යයෙන් සූර්යග්‍රහණ වල පථයන් කිලෝමීටර් 164 සිට 247 පමණ දක්වා සාමාන්‍ය අගයක් සහිත පළලකින් යුතුය.
මේ දෙසැම්බර් 26 සිදුවන ඇනියුලර් සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ සිටින කෙනෙකුට වඩා සාර්ථකව නැරඹිය හැක්කේ කුමන ප්‍රදේශ වල සිටද?
==============
මේ වතාවේ සූර්යග්‍රහණයේ පථය වැටී තිබෙන්නේ, හෙවත් එය සාර්ථකව දැකගන්න ලැබෙන්නේ පහත සඳහන් රටවල් වලට.....පථය වැටී තිබෙන්නේ ඒ රටවල කළාපයන් කිහිපයකට උඩින්...
සවුදි අරාබිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකතුව, ඕමානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංග්ගප්පූරුව, උතුරු මරියානා දූපත්, හවායි හි ගුවාම්
ශ්‍රී ලංකාවේ මෙම සූර්යග්‍රහණය, ඇනියුලර් සූර්යග්‍රහණයක් ලෙසම දැකිය හැකි නගර වන්නේ
==================
යාපනය -
සූර්යග්‍රහණය 93.52% සාර්ථකත්වයකින් යුතුව දර්ශණය වනු ඇත .....( මෙම අගය එකී මොහොත සඳහා යාපනයට හිරුගෙන් පෙනෙන පරාසයේ අගයයි )
යාපනයට සමස්ථ සූර්යග්‍රහණය සිදුවන කාළය වන්නේ - පැය 3 විනාඩි 12 තප්පර 11 ( 83% නිරවද්‍යතාවයකින් යුතු කාළ ගණනයකි )
යාපනයට අර්ධ සූර්යග්‍රහණය පෙනීම ආරම්භ වන්නේ - 2019 දෙසැම්බර් 26 උදෑසන 8 විනාඩි 9 තප්පර 3 ට
යාපනයට පූර්ණ සූර්යග්‍රහණය පෙනීම ආරම්භ වන්නේ - උදෑසන 9 විනාඩි 33 තප්පර 57 ට
උපරිමය පැමිණෙන්නේ - උදෑසන 9 විනාඩි 35 තප්පර 03 ට
යාපනයට පූර්ණ සූර්යග්‍රහණය පෙනීම අවසන් වන්නේ - උදෑසන 9 විනාඩි 37 තප්පර 5 ට
යාපනයට සූර්යග්‍රහණය පෙනීම සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ - උදෑසන 11 විනාඩි 21 තප්පර 14 ට
ත්‍රිකුණාමලය -
ත්‍රිකුණාමලයට සූර්යග්‍රහණය 93.60% සාර්ථකත්වයකින් යුතුව දර්ශණය වනු ඇත
ත්‍රිකුණාමලයට සමස්ථ සූර්යග්‍රහණයේ බලපෑම පැය 3 විනාඩි 15 තප්පර 27 ක් පවතිනු ඇත
ත්‍රිකුණාමලයට පාර්ශ්වික සූර්යග්‍රහණය ආරම්භ වන්නේ - දෙසැම්බර් 26 වැනිදා උදෑසන 8 විනාඩි 10 තප්පර 33
පූර්ණ සූර්යග්‍රහණය පෙනීම ආරම්භ වන්නේ - උදෑසන 9 විනාඩි 37 තප්පර 8
උපරිමයට පැමිණෙන්නේ - උදෑසන 9 විනාඩි 38 තප්පර 31
පූර්ණ සූර්යග්‍රහණය අවසන් වන්නේ - උදෑසන 9 විනාඩි 39 තප්පර 55
සූර්යග්‍රහණය දිස්වීම සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ - උදෑසන 11 විනාඩි 26 ට
සූර්යග්‍රහණය ඇනියුලර් සූර්යග්‍රහණයක් ලෙසම දැකිය හැකි අනෙකුත් නගර විය හැක්කේ
===========================
- කන්කසන්තුරේ, චුනාකාම්, කොඩිකාමම්, පුනරීන්, කිලිනොච්චි, මාන්කුලම්, පුලියන්කුලම්, ඕමන්තේයි, වවුනියා, මුලතිව්, හොරොව්පතාන
****************ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ වලට මෙම සූර්යග්‍රහණය දිස්විය හැක්කේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසය *******************
කොළඹ නගරය
===========
පැය 3 විනාඩි 12 තප්පර 9 ක් පවතිනු ඇත
පාර්ශ්වික සූර්යග්‍රහණයේ ආරම්භය - උදෑසන 8 විනාඩි 10 තප්පර 04 ට
උපරිමය - උදෑසන 9 විනාඩි 36 තප්පර 34
පාර්ශ්වික සූර්යග්‍රහණයේ අවසානය - උදෑසන 11 විනාඩි 22 තප්පර 14
එළකිරි වැසියන්ගේ අවධානය පිණිස උපුටාගෙන එළකිරියේ පල කරන ලදී.
කතෘ අයිතිය දමිත් කේතක ය.

thanks...
පැය තුනක් විතර බලන්න පුළුවන් ලු මරු නෙ 