තාම මහලොකු මහ ජාතිය කියල හිතාගෙන, තව මනුස්සයෙක්ට කැරි දෙමල, කැරි තම්බිය කියල කියන්න දිව නැවෙන දෙකයි පනහෙ මහ ජාතියෙ ආත්මාර්ථකාමී බුදු බණ නාඳුනන අපිට මෙන්න ලොකු පාඩමක්!
තව තවත් අපි ජාතිවාදෙ අවුස්සගෙන කොහෙටද යන්නෙ? ඉතාම සුළුතරයකට බල ත්න්හාවට ඕන වෙනව හොඳට එකමුතු කමින් ඉන්න මිනිස්සුන්ව කොටවන්න. මොළෙ අඩු මිනිස්සු ඇන කොටා ගන්නව. දුකයි බන් මේව කියන්න වෙද්දි.
නිකමට හරි අපි හිතනවද මේ කලින් ආත්මෙ අපේ අම්ම තාත්ත අයිය අක්ක දුවා පුතා දරුවො වෙන්න බැරිද කියල...... කඩු උස්සගෙන තුවක්කු උස්සගෙන මරාපිය එලවපිය කියල කියන්නෙම තවත් හුස්ම ගන්න මනුස්සයෙක්ටම නේද බන්ල.... කවුද දන්නෙ එදා යුද්ද ඇවිස්සුවෙ කවුද කියල... මොකාද ඒක හොයන්නෙ?
අරහෙ කඩු කියල චැනල් එකකින් ගහන නිවුස් එකකින් මෙහෙ ඉන්න මොළේ අඩු මිනිස්සු අනේ මනුස්සකමින් පිරුණු මිනිස්සු ඔක්කොම දිහා බලනව මුන් මිනීමරුවො කියල. නිකමටවත් අහනවද ඇත්තටම කවුද මේක කරන්න ඇත්තෙ කියල? මෙහෙම කරන්න හේතුව මොකක්ද කියල හිතුවද.... නෑ. කෙලින්ම ලේ රත් කරගෙන ගහ මරාගෙන...
ලංකාවම ගෝල්ෆේස් එකට එකතු වෙද්දි අරගල කරන්න කියල, ගහ මරාගන්න කියල. ඒවට විරුද්ධ වෙලා හන්දියක් මැද්දෙ මේ වෙලාවෙ ඇවිස්සෙන්න එපා ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ කියපු මිනිස්සුත් මේ ලංකාවෙ ඉන්න ඇති.
ඕව කරපු කරුණා පිල්ලෙයාන් පුක දෙන ගමන් රටට ජාතියට තියෙන ආලය ගැන පම්පෝරි ගහන එකට තමා බයි කම කියන්නෙ
