සුවපත් කළ හැකි අංශභාගය

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    සුවපත් කළ හැකි අංශභාගය

    මෙම රෝගය වැලඳෙන සමහර දෙනකු අසාධ්‍ය තත්ත්වයේම හිඳ පසුව මියයති. තවත් ඇතැම් දෙනා අසාධ්‍ය බවෙන් සුවපත් බව ලැබ සුළු සුළු ආබාධයන් මැද දිවි ගෙවති. සමහර විටෙක අංශභාග තත්ත්වය තුළින් හොඳින්ම සුවපත් බව ලැබ වෛද්‍ය උපදෙස් මත සාමාන්‍ය වශයෙන් හොඳින්ම සිය සුපුරුදු කටයුතුවල යෙදෙන්නෝද සිටිති.

    පළමුව අංශභාග රෝගයට යම් අයකු ගොදුරු වන්නේ කෙසේදැයි යන්න විමසිලිමත් වෙමු.

    අධි රුධිර පීඩනය
    දියවැඩියාව
    ලේ කැටි ගැසීම, නහර ගැටගැසීම
    මොළයේ ආබාධ
    හෘදයාබාධ
    මානසික ආතතිය
    අධිකව මත්පැන් ගැනීම
    දුම්බීම
    විෂම ආහාර රටාවන්



    අංශභාග රෝගීන් අතර වැඩි දෙනකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නෝ වෙති. එයිනුත් වැඩි දෙනකුට අධි රුධිර පීඩනය වැලැඳී ඇත්තේ අංශභාගය රෝගයට ගොදුරු වීමට පෙර කලක සිටය.
    මිනිස් සිරුරෙහි පැවැත්මට සාමාන්‍ය වශයෙන් රුධිර පීඩනය පැවතීම අවශ්‍ය වේ. එහෙත් එය පමණට වඩා වැඩිවීම මෙන්ම අඩුවීමද ශරීර සෞඛ්‍යයට අහිතකරය.



    සමහර දෙනකු තමාට රුධිර පීඩනය ඇති බව දැනගන්නේ කුමක් හෝ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ගිය විටෙකය. එතැනදී ද එය සුවපත් කරගැනීම සඳහා ප්‍රතිකාර ගන්නේ ඇතැමෙක් පමණය.
    තවත් සමහර දෙනා තමාට අධි රුධිර පීඩනය ඇති බව දැන දැනත් එය ගණනකට නොගෙන දවස ගෙවති. කෙමෙන් කෙමෙන් අංශභාග රෝගයට පත්වන්නේද එවැන්නන්ගෙන් සමහර දෙනෙකි.


    දියවැඩියාවද නිසි සැලකිල්ලකට ලක්නොවුවහොත් අවසන් වන්නේ අංශභාග රෝගයෙනි.
    මුත්‍රාවල සහ ලේවල සීනි වැඩිවීමෙන් ඇතිවන දියවැඩියාව අද තරුණ වැඩිහිටි කා අතරත් බහුලව දක්නට තිබෙන රෝගයකි.
    විශේෂයෙන් මේ රෝගයට ගොදුරු වූවන් පරිස්සම් විය යුත්තේ අධි රුධිර පීඩනයෙනි. මන්ද යත් දියවැඩියාවත්, අධි රුධිර පීඩනයත් එකට අත්වැල් බැඳ ගැනීමේ අවදානම වන්නේ එය අංශභාගයට ඇවැසි මනා සුදුසුකම නිසාය.
    මෙම රෝගයන් දෙකම අපට පරම්පරාගතව පැමිණෙන රෝගයන්ය. එලෙසම අංශභාගයට යන්නට නොදී මෙම රෝගාබාධයන් දෙකම සුවකර ගැනීම හෝ පාලනය කර ගැනීම එතරම් අපහසු නොවේ.


    නිසි වෛද්‍ය ප්‍රතිකාර කලට වේලාවට ගැනීමත් පරෙස්සම සහ මනා ආහාර පාලනයත් වේ නම් අංශභාගය වැනි ආවාසනාවන්ත රෝග තත්ත්වයකට ගොදුරුවීම කෙසේවත් සිදු නොවේ.
    අංශභාගයට තවත් ප්‍රබල හේතු සාධකයක් වන්නේ ලේ කැටි ගැසීම සහ නහර කුඩා වීමේ රෝගයයි. සාමාන්‍ය කතාබහ අතරේ මෙය හැඳින්වෙන්නේ කොලෙස්ටරෝල් යන නාමයෙනි.


    තෙල් බහුල ආහාර මෙන්ම අධික ලෙස මස් අනුභවයට ඇබ්බැහි වූවනට මෙම රෝගය සෑදෙයි.
    ලේ කැටි ගැසීමේ සහ නහර කුඩා වීමේ රෝගය තමනට තිබේදැයි යන්නවත් නොදන සිටීම හිටි අඩියේ පවා අංශ භාග රෝගයට පාර කැපෙන අවස්ථාද නැත්තේ නොවේ.
    එලෙසම අද බොහෝ දෙනකු සිතන්නේ අංශභාග රෝගයට අතහිත දෙන ඉහත කී රෝග කිසිවක් සුව වන්නේ නැතැයි කියාය. එය වැරැදි මතයකි. එකී රෝග සියල්ලම පාලනය කිරීමේ මෙන්ම සුව කිරීමේ මෙහෙවර ඇත්තේ පහත සඳහන් චර්යා රටාවන් මතය.



    1. මනා ආහාර පාලනය
    2. ශරීරයට අවශ්‍ය ව්‍යායාමවල නිසි ලෙස නිරතවීම (යන්ත්‍රවලින් තොරව විශේෂයෙන් ඇඟ වෙහෙසවන රැකියා නොකරන අයට)
    3. නිතර දෙපයින් ඇවිදීමට හුරුවීම
    4. මත්පැන්වලින් අෑත්වීම
    5. පිහිනීම ද වඩාත් යෝග්‍ය ව්‍යායාමයකි
    6. වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම

    උපුටා ගැනීම - මවුබිම පුවත්පත


     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    3. නිතර දෙපයින් ඇවිදීමට හුරුවීම
    4. මත්පැන්වලින් අෑත්වීම

    4 වෙනි එක කරනවා නම් 3 කරන්න ලෙසියි

    මේකත් කියන්න ඕනේ දියවැඩියාව, අධිරුධිර පීඩනය හෝ කොලෙස්ටරොල් තියෙනවා නම් ඒවා සාමාන්‍යයෙන් නිට්ටාවටම සුව වෙන්නේ නෑ. සමහරවිට හොද පාලනයක් තියෙනවා නම් බෙහෙත් නැතුව පාලනය කරන්න පුලුවන් වෙයි ඒත් මාසිකවවත් වෛද්‍යවරයෙක් හමුවී පරික්ෂාකර ගැනීම අත්‍යවශ්‍යයි
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    3. නිතර දෙපයින් ඇවිදීමට හුරුවීම
    4. මත්පැන්වලින් අෑත්වීම

    4 වෙනි එක කරනවා නම් 3 කරන්න ලෙසියි

    මේකත් කියන්න ඕනේ දියවැඩියාව, අධිරුධිර පීඩනය හෝ කොලෙස්ටරොල් තියෙනවා නම් ඒවා සාමාන්‍යයෙන් නිට්ටාවටම සුව වෙන්නේ නෑ. සමහරවිට හොද පාලනයක් තියෙනවා නම් බෙහෙත් නැතුව පාලනය කරන්න පුලුවන් වෙයි ඒත් මාසිකවවත් වෛද්‍යවරයෙක් හමුවී පරික්ෂාකර ගැනීම අත්‍යවශ්‍යයි
    :yes::yes:




    :D:D