පින්වත් යක්ඛ පුතුණි.
උඹලාට පින්බර, සුවබර නිදහස් දිනයක් වේවා
උඹලාට පින්බර, සුවබර නිදහස් දිනයක් වේවා
මේ වැදගත් දිනයේ කැත කතා කියන්නේ නැතිව සාමකාමීව නිදහස සමරන්න.උබ කියන්නේ අපෙන් නිදහස් වෙලා ගිය සුද්දන්ගේ නිදහස ගැනද?
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.මාස්ටර් බයිලා අපෙ ගෙතු රස කරලා
ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා
කතරට සහරා ගලන ලෙස රස දහරා
එළිසම නොමරා ගයමු නිදහස සමරා…….
නිදහස ලැබුනා මල්ලි, නිදහස ලැබුනා
තළුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා
ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා……
කොඩිය සුද්දගේ මල්ලි, සිංහයා අපේ
ලනුව සුද්දගේ වුනත් කොඩිගහ අපගේ
නෑ බැට කෑවේ නේරු පාතෙල් වාගේ
නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ……
ලේ හැලුනේ නෑ සුද්දා තරහ වුනෙත් නෑ
යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී
තවත් සුමිහිරියි අද ඒ පානෙ මිතුරනී…….
හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල…….