සුවබර නින්දකට සුවපහසු යහනක්
දවසේ විඩාබර දිවියට විවේකයක් ලැබෙන්නේ නින්දට ගිය විටදීය. එම නින්ද සුවබර කර ගැනීමට නම් නිදාගන්න ඇඳ නිවැරැදිව තිබිය යුතුය. ඇඳ ඇතිරිලි ලස්‌සන වූවාට ඇඳ වටිනා ලීයෙන් තනා තිබුණාට ඉන් ඵලක් නැත.
වර්තමානයේ බොහෝ දෙනා කොන්දේ අමාරු, බෙල්ලේ අමාරුවලින් වැඩිපුරම පීඩා විඳින්නේ නිවැරදිව සැකසුණු ඇඳක නිදා නොගැනීම නිසාය.
නිදා ගැනීමට සුදුසු ඇඳක්
සුවබර නීරෝගි නින්දකට සුදුසුවන්නේ සමතලා තරමක් තද මෙට්‌ටයක් සහිත ඇඳකි. එම ඇඳ වඩා උස් නොවිය යුතුය. ඉන් පහසුවෙන් බිමට බැසීමටත් ගොඩවීමටත් හැකිවිය යුතුය.
තනි පුද්ගලයෙක් නිදාගන්නා ඇඳක් සාමාන්‍යයෙන් අඩි 6 ක් දිග විය යුතුය. පළල අඩි 3 1/2 ක් පමණ තිබිය යුතුය.
නිදා ගැනීමේදී එක් කොට්‌ටයක් පමණක් හිසට තබා ගැනීම සුදුසුය. එම කොට්‌ටය දෙපස පුළුන් වැඩි මැද පුළුන් අඩු සමතලාකාර විය යුතුය.
ඉතා උස කොට්‌ට මත හිස තබා නිදා ගැනීමෙන් පසු කාලයේදී බෙල්ලේ වේදනාව අත දිගේ දිවයන වේදනාව ඇතිවිය හැකිය.
බොහෝ දෙනා නිදා ගැනීමේදී විවිධ ඉරියව් වලට අනුව සිරුර සකස්‌කර ගනිති. සමහර පුද්ගලයන් වකුටුවී නිදා ගනිති. තවත් අය දෑත් යටකර ගෙන මුහුණ කොට්‌ටය මත සඟවා ගෙන නිදා ගනිති. නමුත් නිදා ගැනීමේ නිවැරදි ක්‍රමය වනුයේ දෑත් දෙපා සැහැල්ලුවෙන් තබාගෙන නිදා ගැනීමය. දෑත් දෙපා දිග හැර ගෙන පේශී ඇදීමට ලක්‌වන සේ නිදාගැනීමෙන් සුවබර දිගු නින්දක සිටිය නොහැකිය.
නිවැරදි අයුරින් නිදා නොගැනීමේ ප්‍රතිඵල
ඉතා මෘදු මෙට්‌ට මත නිදා ගැනීමෙන් කොන්දේ මාංශ පේශී ඇදීමට ලක්‌වේ. එවිට කොන්දේ වේදනාව මතුවේ. අප බොහෝ දෙනා පවසන බෙල්ලේ ඇමැට්‌ටය ඇතිවන්නේද වැරදි ඉරියව්වක දිගු වේලාවක් නිදාගත් විටදීය.
මෙය ගෙල පෙදෙසේ පේශී ඇදීම නිසා සිදු වේ. එවිට ගෙල පෙදෙසේ පේශී තදවී ගෙලෙහි චලනය සීමාවේ.
මෙවැනි අවස්‌ථාවකදී කළ යුත්තේ මාංශ පේශීවලට විවේකය ලබාදීමය. එනම් පේශි සැහැල්ලුවන ඉරියව්වක සිටීමය.
ව්‍යායාම කරමින් තදවී ඇති පේශි සැහැල්ලු කරගැනීමට උත්සාහ නොකළ යුතුය.
මෙවැනි අපහසුවක් ඇතිවූ විට පළමු දිනයේදී පේශි ඇදුනු ප්‍රදේශය අයිස්‌වලින් තැවීම සුදුසුය. එවිට පේශිය තුළ රුධිර නාල බිඳී ඇත්නම් රුධිරවාහිනිය සංකෝචනයවී පේශිය තුළට රුධිරය ගැලීම නවතා ගතහැකිය.
දින තුනකටත් පසු මෙම තත්ත්වයට පත් නොවේ නම් භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
භෞත චිකිත්සක උපදෙස් ඇසුරිනි

۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞