සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කි

    පේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප ඇසුරෙන් අපිට දකින්න පුළුවන්... ඉතින් මෙච්චර හෑල්ලක් කියෙව්වේ ලියන්නත් මොනවා හරි තියෙන්න ඕනේ නිසා... මොකද මේ පෝස්ට් එක අකුරු පෝස්ට් එකක් නෙවේ, රූප කථාවක්... එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...



    පළමු Mc-Donald අවන්හල

    ලෝක ප්‍රසිද්ධ කෙටි කෑම හලක් වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සමූහයේ පළමු අවන්හලේ ඡායාරූපයක් තමයි මේ. ඡායාරූපයේ ඉහළ දැක්වෙන අත්සන අවන්හලේ ආරම්භකයා වන රිචඩ් ජේම්ස් මැක්ඩොනල්ඩ්ස් ගේයි. 1940 වර්ෂයේ කැල්ෆෝනියාවේ සැන්බර්නාඩිනෝ ප්‍රදේශයේදී මේ පළමු අවන්හල විවෘත වුනා.



    චේ-ගුවේරා හා ෆිදෙල් කස්ත්‍රෝ


    මේ සිනාබරව ඉන්නේ ලෝකයේ පීඩිත පන්තිය අතර වීරයන් වුනු චරිත දෙකක්. විප්ලවීය නායක චේ-ගුවේරා ජීවන විප්ලවය අත්හැර සදාකාලික විමුක්තිය සොයා ගිය මුත් කස්ත්‍රෝ සහෝදරයා නම් තවමත් සමාජවාදී කඳවුරේ ජීවමාන වීරයෙක්... ඔවුන් දෙදෙනාම පෙනී සිටින මෙවැනි ඡායාරූප ඉතාමත් විරලයි...



    පිබිදෙන බ්‍රසීලියාව


    බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නගරය ගොඩනංවන අවධියේ ගනු ලැබූ ඡායාරූපයක් මේ.



    සාන්තුවරයෙක් සමග අළුගෝසුවෙක්

    ලෝකය හෙල්ලුම් කන තරමේ දරුණු පාලකයෙක්, ඝාතකයෙක්, ඒකාධිපතියෙක් වුනු හිට්ලර්ට දොලොස් වැනි පියස් පාප් වහන්සේ හමුවුනු අවස්ථාවක්...



    බීට්ස්ල් පැටව්

    උන්මාදයක් වන තරමටම ලෝක ප්‍රසිද්ධ වුනු බීට්ල්ස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධියට පත්වීමට පෙර අවධියේ ඡායාරූපයක් මේ.



    ගිලුනු යෝධයා


    ලොවක් හඬවා මුහුදු පතුල සිපගත් ඓතිහාසික ශෝකාන්තය... ටයිටැනික් නෞකාව 1912 අප්‍රේල් 15 දින අයිස් කන්දක හැපී ගිලුණු පසු මුහුද පතුලේ තැන්පත් වී තිබුණු අයුරු මෑත කාලයේදී මේ ආකාරයට ඡායාරූපයට නැගී තිබෙනවා.



    හමුදා ගායකයා

    ලෝ ප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලි හමුදා සේවයේ යෙදී සිටින අවස්ථාවේ ගත් ඡායාරූපයක්



    ඡායාරූප කලාවේ මීමුත්තා

    මේ නම් ඇත්තෙන්ම ඓතිහාසික ඡායාරූපයක්...! ඔව්, මේ තමයි ලොව පළමු ඡායාරූපය. ප්‍රංශයේ දී ඡායාරූපයට නැගුනු මෙය ලෝකයේ ඡායාරූප කලාවේ මීමුත්තා ලෙස සැලකුම් ලබනවා.



    විස්මලන්තයට ඇරඹුම

    ඔබත්, මමත්... ලොව පුරා වෙසෙන සෑම පොඩිත්තෙක්ම මෙන්ම වැඩිහිටියන් ද ජීවිතයේ එක්වරක් හෝ දැක බලාගත අපූර්ව ස්ථානයක් තමයි ඩිස්නිලන්තය. ඒ එය තරම්ම අපූර්වත්වයෙන් පිරුණු තැනක් නිසා. මේ දැක්වෙන්නේ 1950 දශකය ආරම්භයේදී ඩිස්නි වර්ල්ඩ් නම් විස්මලන්තයේ ඉදිකිරීම් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයකුයි.



    බෙදීමක අවසානය

    ජර්මනිය බෙදා වෙන් කල බර්ලින් තාප්පය කඩා දැමුනු අවස්ථාව... ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වන මෙය එක් අතකින් ඓතිහාසික වනවා සේම තවත් අතකින් අතිශය සංවේදී අවස්ථාවක්ද වෙනවා.



    පරිනාමය ???

    ආරම්භයේ සිය මේ දක්වා ලොව ජනප්‍රියම (?) පානය වන කොකාකෝලා බෝතලය වෙනස්වෙමින් පැමිණි අයුරු දැක්වෙන ඡායාරූපයක්... මේ ගැන වැඩි කැමැත්තක් නැතත් කැමැත්තක් ඇත්තන්ගේ දැනගැනීමට සුදුසු නිසා පළකලා...



    හිට්ලර් බබා

    මේ ඡායාරූපය මිනීමරු හිට්ලර් ළදරු වියේදී ගන්නා ලද්දක්... බලන්න මේ පොඩ්ඩා නපුරු පාට ද ? හුරතල් පාට ද කියලා...!



    ගැලවුම්කාරයාගේ මැවුම්කරණය

    බ්‍රසීලයේ රියෝ දි ජැනෙයිරෝ නගරයේ පිහිටි ලෝ පසිඳු ප්‍රතිමාව ඔබ දන්නවා නේද ? දෑත දෙපසට විහිදා ගත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව....! “ගැලවුම්කරු“ ලෙස හැඳින්වෙන මේ දැවැන්ත පිළිමයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන අතරතුර ගනු ලැබූ ඡායාරූපයක්...



    අපේ ආදී මුත්තා

    මේක මොකද්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. ඔයාලා මේ ටික කියවන්නේ, බලන්නේ මෙයාගේ අඩිපාරේ ආපු මෙයාගේ මුනුපුරු පරම්පරාව හින්දා තමයි... වැඩි කථා ඕනේ නෑ... මේ තමයි ලෝකේ පළමු පරිගණකය...!

     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    OgAAAAZ2F2pXMa09l2W-IPYjPV3JDBwBafnfFkfwmBRGdUEbmzhhb8Swcx17EQhe_mThQoi1wa9-q7ArZvBYvnB9ITEAm1T1UGTC2uNvD8zLfMwaWsmaFF7KnAXs.jpg

    meka nam niyamai
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    EMINƎM;12109504 said:
    වටින ත්‍රෙඩ් එකක්! එල!!
    ස්තුතියි මචං..!

    ස්තුතියි මචං..!

    OgAAAAZ2F2pXMa09l2W-IPYjPV3JDBwBafnfFkfwmBRGdUEbmzhhb8Swcx17EQhe_mThQoi1wa9-q7ArZvBYvnB9ITEAm1T1UGTC2uNvD8zLfMwaWsmaFF7KnAXs.jpg

    meka nam niyamai
    හ්ම්..

    ela macho,gud post.+rep
    ස්තුතියි මචං..!

    නියමයි..:yes:
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්... :)
    ස්තුතියි මචං..!

    :shocked: වටින ෆොටෝස් සෙට් එකක්!
    ස්තුතියි මචං..!

    repost but gud
    කලින් දාපු කෙනා විස්තර දාලා තිබුනෙ ඉංශ්‍රිසියෙන් නේද..?
    ස්තුතියි මචං..!

    Very Good Post
    bookmarked !
    2+
    ස්තුතියි මචං..!

    watinawa ban....
    ස්තුතියි මචං..!

    niyamai...............
    ස්තුතියි මචං..!

    ස්තුතියි මචං..!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Similar threads