සුව නින්ද ලෙඩ රෝගවලට වැට බඳියි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    සුව නින්ද ලෙඩ රෝගවලට වැට බඳියි

    Man-sleeping-and-snoring-overhead-view.jpg

    රාත්‍රී කාලයේ සුව නින්ද මිනිසාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ඉතා වැදගත් බවත් ලෙඩ රෝග ඇතිකරන විස බීජවලින් ආරක්ෂාවීමට හේතුවක් බවත් ජර්මනියේ ටියුබින්ජන් සරසවිය කළ නව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත.
    එහි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ විවිධ රෝග වලට එරෙහිව අප සිරුරේ ආරක්ෂාව නින්දේදී වඩාත් තහවුරු වන බවයි. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ අනාගතයේදී නැවත වතාවක් සිරුර ආක්‍රමණය කළහොත් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමට රාත්‍රියේ නිදාගෙන සිටිද්දී ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට නැවත මතක් කිරීමක් සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.
    අපගේ මතක ශක්තිය හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය කෙටි කාලීන තොරතුරු ගබඩාකර ගැනීම සිදුකරන අතර නින්දේදී එය දිගුකාලීනව සිදුකරගැනීමේ හැකියාවක් ඇතැයි එම අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.
    මනෝවිද්‍යාත්මකව සුව නින්දක් ලැබීම හේතුවෙන් අදාළ තොරතුරු සන්නිවේදනය ශක්තිමත් හා දිගු කිරීමට හැකියාව ලබාදෙන බව කියති. නිදා ගැනීමේ කාලය දිගු වීම එම මතකය රඳවා තබා ගැනීමේ කාලයද දිගු කරන බව එයින් පෙන්වා දේ.
    gaththe
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ඕකයි එහෙනම් තත්ත්වෙ..
    නිදාගන්න ඕන බං අද ඉඳන්වත්..
    හැබැයි දැන් ඉස්සර වගේ නිදිමරන්නෑ මං..