සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    දයාසිරි ගේ කටු කන එවුන් දාන එවා කවුද බන් ගනන් ගන්නේ!!! උබ ලෝකේ කොහෙහරි ගිහින් Im from dayasiri jayasekara's country කිව්වොත් කවුරුවත් දන්නවද Im from susanthika Jayasinghe's country කිව්වොත් එකෙක් දෙන්නෙක් හරි උඹව දැන ගනී. අපේ මිනිස්සු චන්දික හතුරුසිංහට හූල්ලනවා සිරාවට බංගලින්ට කෝච් කරනව කියලා සුසන්තිකාවත් කවුරුහරි recruit කරපු දාට ඒකටත් හූල්ල හූල්ල ඉමු

    මම කන කට්ටක් නෑ බන්. සුසන්තිකාගෙ පදක්කමට ගොඩක් ස්තූතියි. ඒක රටට ලොකු ගෞරවයක්. ඒත් එහෙමයි කියලා ජීවිත කාලෙම එයාගෙ ඕනෑ එපාකම් වලට සල්ලි දෙන්න පුළුවන්ද බන් රටකට? 96 කප් එක දිනලා අර්ජුනලා, අරවින්දලා, මහනාමලා, සනත්ලා, ධර්මසේනලා ජීවිත කාලෙම උන්ට කන්න බොන්න ඉල්ලුවෙ නෑනේ. ටීම් එකෙන් අයින් වෙච්ච ගමන් සමහරු ක්‍රීඩාව පැත්තෙන්ම ඉදිරියට ගියා. සමහරු බිස්නස් වලට බැස්සා. ස්මහරු දේශපාලනේට බැස්සා.

    සුසන්තිකා හොයන්නෙ හාන්සි වෙලා සල්ලි හොයන්න මිසක් මහන්සිවෙලා සල්ලි හොයන්න නෙවෙයි. පෞද්ගලික ජීවිතය ගැන නම් අදාලම නෑ. ඒත් මේ රටේ හැම ගෑනිම සල්ලි හොයන්නෙ නෑනේ. ගෙදරට වෙල ලමයි බලාගෙන අඩුම තරමේ මිනිහා එක්ක හරියට ඉන්නව නම් මෙහෙම නහයෙන් අඬන්න ඕන නෑ.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    සුසන්තිකා පෙන්නන්නට හදන්නේ ලංකාව සුසන්තිකාට ණයයි වගේ වුණාට, සුසන්තිකා ලංකාවේ රජයට ණය ය. තහනම් උත්තේජක සිද්ධිය වෙලාවේ ලංකාවේ රජය ඇය වෙනුවෙන් පෙනී සිටි දැඩි ස්වරූපය හා රජයක් එසේ කරන විට එයට සවන් නො දී සිටින්නට ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලට නො හැකි වීම නිසා නො වේ නම් සුසන්තිකා ඔලිම්පික් දුවලා හමාර ය.

    menna niyama helayek!! laankika hela abhimaanaya dore galanawa!!! she was proven innocent just because she didnt consume any illegal substance nothing else!!! government stood for every athlete when they were in trouble including upul tharanga, jani chathurangani , boxing manju etc etc... but what happened ultimately??? EVERYONE ABOVE FACED A BAN MY FRIEND :yes::yes::yes:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඇයට ලැබුන මුදල් නිසි කළමණාකරන කරා නම් අද එයට මෙහෙම ගිගා කන්න ඕනේ නැහැ. හැමදේම රාජයෙක් කරන්න ඕනේ කියල නීතියක් නැ, රටට දෙයක් කළා එක ඇත්ත එහෙනම් රණවිරුවෝ රටක දෙයක් කළා, පදක්කම දිනපු දවස් වල කොච්චර දේවල් ලැබුනද? කොලබින් ගෙයක් ලැබුන කියලත් ආරංචි උනා. එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ගේ අනාගතේට දෙයක් කර ගන්නේ නැතුව දැන් එක එකාට බැනල වැඩක් නැ.

    Well said
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    මම කන කට්ටක් නෑ බන්. සුසන්තිකාගෙ පදක්කමට ගොඩක් ස්තූතියි. ඒක රටට ලොකු ගෞරවයක්. ඒත් එහෙමයි කියලා ජීවිත කාලෙම එයාගෙ ඕනෑ එපාකම් වලට සල්ලි දෙන්න පුළුවන්ද බන් රටකට? 96 කප් එක දිනලා අර්ජුනලා, අරවින්දලා, මහනාමලා, සනත්ලා, ධර්මසේනලා ජීවිත කාලෙම උන්ට කන්න බොන්න ඉල්ලුවෙ නෑනේ. ටීම් එකෙන් අයින් වෙච්ච ගමන් සමහරු ක්‍රීඩාව පැත්තෙන්ම ඉදිරියට ගියා. සමහරු බිස්නස් වලට බැස්සා. ස්මහරු දේශපාලනේට බැස්සා.

    සුසන්තිකා හොයන්නෙ හාන්සි වෙලා සල්ලි හොයන්න මිසක් මහන්සිවෙලා සල්ලි හොයන්න නෙවෙයි. පෞද්ගලික ජීවිතය ගැන නම් අදාලම නෑ. ඒත් මේ රටේ හැම ගෑනිම සල්ලි හොයන්නෙ නෑනේ. ගෙදරට වෙල ලමයි බලාගෙන අඩුම තරමේ මිනිහා එක්ක හරියට ඉන්නව නම් මෙහෙම නහයෙන් අඬන්න ඕන නෑ.

    man umbata newi kollo katu kanawa kiwwe!!! fb post hadana unta!!! :(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    e katawa nam waradiy machan mata hiten vidiyata.monawa unath eya ratata padakkamak genawane ban.anduwa itin dana ganna ona e minissungen wadak ganna.sudusukam gena katha karanawanam oya inna 225 n wadi hariyak eliye inna ona .susanthikata monwa hari daksha kamak tiyenawane ban .oya 255 ta tiyenne salli baleyi,minissu gonata andanna puluwan hakiyaway vithrayi.

    mata hitena hati tama me kiwwe

    උබ කියන කතාව හරි. 225න් 99% ගොන්නු තමයි. දැන් බලපන් උපේක්ෂා, මාලනී ෆොන්සේකා, ගීතා වගේ ගෑනු මොනා දැනගෙනද ඡන්දෙ දින්නෙ. නදීශලා අනර්කලීලටත් නොමිනේශන් හම්බුන එකේ සුසන්තික එහෙම දෙයක් හරි කරා නම් ශ්‍රීලංකා යූඑන්පී දෙකෙන් එකකින්වත් නොමිනේශන් නොදී ඉඳියි කියලද උබ හිතන්නෙ?

    සුසන්තිකා හොයන්නෙ හම්බුකරන කෙටි ක්‍රම බන්. ඔහොම කම්මැලි වෙලා බෑ.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුසන්තිකාගේ ඇකඩමියට මොකද වුණේ


    සුසන්තිකා ජය සිංහ යනු මෙරට ක්‍රීඩා වංශ කතාවේ සුවි ශේෂි චරිතයකි. ඒ ගැන විවාදයක් නොපවතී. එහෙත් ක්‍රීඩා භාවිතාවෙන් මෙපිට ඇය කළ කී දේ සත පහක් නොවටී.
    සුසන්තිකාගේ ක්‍රීඩා දිවියත් සමඟ ආ කරදර මහ ගොඩකි. ඒ හැම කරදරයකදීම ඇයට දිරිය වූ පිරිසද මහා ගොඩක් විය. එහෙත් අතීතයේ තමන්ට අතහිත දුන් කිසිවකු සුසන්තිකාට අද මතක නැත. අද ඇය සිටිනුයේ සියල්ල තමන් තනිව කරගත් ගානටය. කොටින්ම සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම යනු බොහෝ අයගේ තල්ලුවක ප්‍රතිඵලයකි. නැවත ඒ ගැන කීමෙන් ඵලක් නැතත් සිහි කැඳවිය යුත්තේ අය අද දවසේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩා උපදේශිකාවක වන බැවිනි.
    හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ ක්‍රීඩා උපදේශකවරිය වුයේද ඇයය. එහෙත් ඇය දුන් උපදෙස් ක්‍රීඩාව වෙනුවෙන් ඇය මැදිහත්ව කළ කිසිවක් අපට සැලනොවුණ මුත් ඇය නම් ඒ හරහා බොහෝ දේ වගාකර ගත් බව නොරහසකි. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උප දේශිකාව ලෙස ඇය අරඹන මහා විප්ලවය නම් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ නිමාලි ලියනආරච්චිට එරෙහිව කැරලි ගැසීමය. ධම්මිකා මැණිකේ අබිබවා ගිය වාර්තාව පිළිගත නොහැකි බව කියමින් සුසන්තිකා මහ අඩව්වක් ඇල්ලීය. මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උප දේශකගේ තරමය. එවැනි ළාමක කතා ක්‍රීඩා අමාත්‍යවරයා එතරම් ගණන් නොගන්නැයි අපගේ අදහසය.
    මේ කියන්නට යනුයේ එය නොවේ. ක්‍රීඩා අමාත්‍යවරයා සොයා බැලීය යුතු වෙනත් දෙයක් ගැනය. එනම් සුසන්තිකා ජයසිංහ පදනම වුයේ කුමක්ද යන්නය. සුසන්තිකා සිය පදනම ආරම්භ කරනුයේ ගිය වසරේදීය. එය හා හා පුරා කියා ආරම්භ කළ බව කීවේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එය තමන් ගැන ලියු ජිවිත කතාව හෙවත් “මගේ කතාව” නම් පොත ජනපතිට පිළිගන්වමින්ය. එහිදි තම පදනමත් එහි අරමුණත් පැහැදිලි කළ සුසන්තිකා පදනමේ ආරම්භය ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් ලක්‍ෂ දහයේ චෙක්පතද ලබා ගත්තාය.
    සුසන්තිකා මහා පරිමාණයෙන් ඉදිකිරීමට නියමිත මෙරට ක්‍රීඩා සංකීර්ණයට අක්කර පනහක ඉඩමක් කුරුණෑ ගලින් ලබාදීමටද ජනපති වාචිකව පොරොන්දු විය. එය ඇයට දී ඇතිද නැතිද අපි නොදන්නෙමු.
    එහෙත් සුසන්තිකාගේ පදනම නම් ආරම්භ කළා මතකය. එයට දෙස් විදෙස් ආධාර ඇය පැතුවාද මතකය. ඇයගේ ඇමරිකානු පුහුණුකරු ටෝනී කැම්බල්ද ගෙන්වා ඔහු ලවා ඇමරිකාවේ මුදල් එකතු කරන බවද එදින කතා විය. මේවා එලෙසම වෙනවා නියතය. එහෙත් මේ මුදල්වලට වන්නේ කුමක්ද?
    ක්‍රීඩා සංකීර්ණයක් පෙන්වා එකතු වන මුදල් සක්විතිකරණය නොවෙ තැයි කාට කිව හැකිද? වසරක් ගෙවෙන තැන එම පදනම කොතෙක් මුදල් එකතු කොට ඇත්ද? එහි ගිණුම් ඇත්තේ කාගේ නමටද? එය සුසන්තිකාගේ තනි ගිණුමක් ලෙස පවතින බව ක්‍ෂේත්‍රයේ කතාබහය. එය එසේ විය හැකිද?
    දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සුසන්තිකා වැනි ක්‍රීඩිකාවකට හෝ එන්.ජී.ඕ එකකට කළ හැකි නොවේ. එය රාජ්‍ය මැදිහත්වීම අවැසිය. රාජ්‍ය මැදිහත්වීම යනු සුසන්තිකාට අක්කර පනහන් ඉඩමක් ලබාදීම නොවේ. ඊට වැඩි ලොකු මැදිහත්වීමක් ඊට අවැසිය. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. සිදුවනුයේ සුසන්තිකාට ඕනෑ ලෙස ක්‍රියා කරන්නට ඉඩ හැරීමය.
    සුසන්තිකාගේ පදනම පිළිබඳ අපට තිබුණේ මුල සිටම සැකයකි. ඒ එහි විනිවිදභාවයක් නැති බැවිනි. එයට තිබූ එකම සහතිකය ඇගේ කයිවාරු පමණය. ඒ පිළිබඳ එදා ඇය කීවේ මෙබඳු කතාවකි.
    “මගේ කට වගේම තමයි වැඩත්. රටට යමක් පෙන්වන්න තමයි මම මේකට මුල පිරුවේ. මගේ රටේ අනාගතය වෙනුවෙන් මගේ තිබෙන ජනප්‍රියත් වයත් සමග ලෝකය වටේ ගිහිල්ලා මේ ඇකඩමිය සම්පූර්ණව හදන්න බලාපොරොත්තු වෙනවා.” යන්නය. සුසන්තිකාගේ කට වගේම වැඩත් බොහෝ දෙනකුට අලුත් දෙයක් නොවේ. එබැවින් වසරක් ගෙවෙන තැන සුසන්තිකාගේ ඇකඩමියට ලද ආධාර කොපමණද යන්න ඇය ප්‍රසිද්ධ කළ යුතුය. එය ඇයගේ පෞද්ගලික ගිණුමක දමාගෙන ඇත්නම් ඒ ඇයිද යන්නත් හෙළිකළ යුතුය. ඇයගේ කතාවට එකඟ වී ක්‍රීඩා අමාත්‍යවරයා ලක්‍ෂ දහයක් ඇයට දුන්නේය. ඒ මුදල් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතින් දුන් ඒවා නොව මේ රටේ මුදල්ය. එබැවින් ඒ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න සොයාබැලිය යුතුය. ඇය වත්මන් ඇමතිගේ උපදේශිකාව නිසා උපදෙස් ගන්නට ප්‍රථම ඇය ඇකඩමිය නමින් සෙවු මුදල් කොපමණද? ඒවාට සිදුවූයේ කුමක්ද යන්න රටට හෙළි කළ යුතුය. එසේ නොවුණහොත් උපදේශක ලාගේ කුණු කන්දල්ද කර ගසන්නට වනුයේ ක්‍රීඩා ඇමතිටම වන බැවිනි.


    http://ravaya.lk/?p=26423

    රටට කීර්තියක් අත් කර දුන් අය පමණක් නො ව, ඔය ටෙලි නාට්‍යයක, චිත්‍ර‍ටයක රඟ පෑ අය පවා රජයෙන් ගෙවල්, වැඩ නො කර පඩි ගත හැකි තනතුරු, විශ්‍රාම වැටුප් ආදිය බලාපොරොත්තු වන අරුම පුදුම රටකි මේ සිරි ලංකාව.

    තමන්ට පුළුවන් කාලේ හරිහම්බ කරන සල්ලිවලින් කා, බී, ජොලි කර, අඩු ගානේ සෞඛ්‍යය ගැනවත් නො සිතා කටයුතු කරන ජාතික වස්තු නඩත්තු කරන එක හැර වෙන වැඩ මේ රටේ මහජනතාවට තිබෙනවා ය.

    ජාතික වස්තුවක මූලික ලක්ෂණය විය යුත්තේ වයසට යන විට රටට බරක් නො වන එක ය.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    kiyala wedak nae machan!! Susanthikata FB eke banala thiyena hati dakkama hithenawa kochchara kuhaka pakayala tikak da meh rate inne kiyala!!! :yes::yes:

    Ayi ban meh yakku rata kana hatiyata 80k salary + vehicle cabinet eke pass karanne bari??? oka maha gaanakda mun rata kana hatiyata??

    sirawata ban ratata wadak kerepu ekawa penawa nikan wadak nokata koti ganan hamba kerena un penne na ape tax welin..:(:(
     
    • Like
    Reactions: superman1

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දයාසිරි ගේ කටු කන එවුන් දාන එවා කවුද බන් ගනන් ගන්නේ!!! උබ ලෝකේ කොහෙහරි ගිහින් Im from dayasiri jayasekara's country කිව්වොත් කවුරුවත් දන්නවද Im from susanthika Jayasinghe's country කිව්වොත් එකෙක් දෙන්නෙක් හරි උඹව දැන ගනී. අපේ මිනිස්සු චන්දික හතුරුසිංහට හූල්ලනවා සිරාවට බංගලින්ට කෝච් කරනව කියලා සුසන්තිකාවත් කවුරුහරි recruit කරපු දාට ඒකටත් හූල්ල හූල්ල ඉමු

    උඹ කියන්නෙ මාර කතානෙ

    යකෝ ලෝකෙ මිනිස්සු ශ්‍රී ලංකා කිව්වම දන්නව සුසංතිකා කියන නමට වඩා

    දැන් මම උඹෙන් ඇහුවොත් අලෙක්සැන්ඩර් පොපෝ මොන රටේද කියල උඹට google කරන්න වෙනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    උඹ කියන්නෙ මාර කතානෙ

    යකෝ ලෝකෙ මිනිස්සු ශ්‍රී ලංකා කිව්වම දන්නව සුසංතිකා කියන නමට වඩා

    දැන් මම උඹෙන් ඇහුවොත් අලෙක්සැන්ඩර් පොපෝ මොන රටේද කියල උඹට google කරන්න වෙනව

    නෑ මචන්, ඌ කිව්වෙ සාපේක්ෂව. කොහේ හරි රටක දහක, දාහදාහක, ලක්ශයක නියදියක් ගත්තොත්. දයාසිරිගෙ නමට වඩා සුසන්තිකාගෙ නම දන්න අය ඉන්න පුළුවන්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබ කියන කතාව හරි. 225න් 99% ගොන්නු තමයි. දැන් බලපන් උපේක්ෂා, නන්දා මාලනී, ගීතා වගේ ගෑනු මොනා දැනගෙනද ඡන්දෙ දින්නෙ. නදීශලා අනර්කලීලටත් නොමිනේශන් හම්බුන එකේ සුසන්තික එහෙම දෙයක් හරි කරා නම් ශ්‍රීලංකා යූඑන්පී දෙකෙන් එකකින්වත් නොමිනේශන් නොදී ඉඳියි කියලද උබ හිතන්නෙ?

    සුසන්තිකා හොයන්නෙ හම්බුකරන කෙටි ක්‍රම බන්. ඔහොම කම්මැලි වෙලා බෑ.

    ow ehema wath karala tibuna nam ada goda gihin.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    උඹ කියන්නෙ මාර කතානෙ

    යකෝ ලෝකෙ මිනිස්සු ශ්‍රී ලංකා කිව්වම දන්නව සුසංතිකා කියන නමට වඩා

    දැන් මම උඹෙන් ඇහුවොත් අලෙක්සැන්ඩර් පොපෝ මොන රටේද කියල උඹට google කරන්න වෙනව

    machan umba hithapan mama amu meeharakek kiyala mokada mamath umba gana hithanne ehema!! ea widiyata hithaagena kathaawa nawaththamu... eka gunadaayakai umbata facts therum karanawata wadaa!!! :lol::lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    susanthika thamange gam pradeshaye wechcha kreeda yatithala pahasukam diyunu wena ewata aawa prashna walatawath madihath une naha. eya traing karapu ground eka hadanakota aawa wenath balapaam walatawath idiripath une naha.

    padhakkamak gaththa thamayi, nekata athi wenna dewal eyata labuna. ewwa nasthi karagaththata mokada karanne. hariyata coaching igena gaththa nam eyata hoda coach kenek wenna thibba. ikmanin salli hoyana eka thamayi eyage unanduwa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රියල් සිංහලීස් ගෑනුන්ගේ ලක්ෂණ සියල්ල මෙයාට ඇත :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    ow ehema wath karala tibuna nam ada goda gihin.

    අන්න ඒකයි බන් මම සුසන්තිකාගේ මේ වැඩේ අනුමත කරන්නෙ නැත්තෙ.
    පැහැදිලිවම පිනට කන්න බලන් ඉන්න නිකම්මුන්ගෙ තියෙන පටු අදහස්නෙ මෙයා එලියට දාන්නෙ. රැකියාවක් කරනවා තියා උපායශීලි වෙන්නත් සුසන්තිකාට කම්මැලියි. ඔහොම බෑ බන්. මේ වගේ අය වෙනුවෙන් අද දවසෙ අපි කතා කරනවා කියන්නෙ, හෙට වෙනකොට අළුතෙන් නිකම්මු දාහක් බිහිවෙනවා.

    සුසන්තිකා රට වෙනුවෙන් දහඩිය මහන්සිය වගුරලා කීර්තියක් දුන්නා. අපේ රණවිරුවො, තමන්ගේ ජීවිතය රිස්ක් එකට තියලායි අපිට ජීවත් වෙන්න හදලා දුන්නෙ, ඒත් අද උදැල්ල අතට අරන් අරගෙන පස් කඳු හාරනවා, මිනී ගොඩ ගන්නවා. පිනට කන්න ඉල්ලන්නෙ නෑ මොකද නිකමු නෙවෙයි.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දයාසිරි ගේ කටු කන එවුන් දාන එවා කවුද බන් ගනන් ගන්නේ!!! උබ ලෝකේ කොහෙහරි ගිහින් Im from dayasiri jayasekara's country කිව්වොත් කවුරුවත් දන්නවද Im from susanthika Jayasinghe's country කිව්වොත් එකෙක් දෙන්නෙක් හරි උඹව දැන ගනී. අපේ මිනිස්සු චන්දික හතුරුසිංහට හූල්ලනවා සිරාවට බංගලින්ට කෝච් කරනව කියලා සුසන්තිකාවත් කවුරුහරි recruit කරපු දාට ඒකටත් හූල්ල හූල්ල ඉමු

    :lol::lol: I am from Sri Lanka kiyapanko itin iwarai ne
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan umba hithapan mama amu meeharakek kiyala mokada mamath umba gana hithanne ehema!! ea widiyata hithaagena kathaawa nawaththamu... eka gunadaayakai umbata facts therum karanawata wadaa!!! :lol::lol::lol:

    උඹේ මේ post එක දැක්කමනම් තෙරෙනව ඒක

    බයියෙක් මූලික ලක්ෂණ පෙන්නුම කරනව

    1st thing- මිනිහෙකුට කතා කරන්න දන්නෙ නැති කම