සුසන්තිකා කරන අමූලික බොරුව මාට්ටු

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    සුසන්තිකාගේ පදක්කම වෙන්දේසි කිරීමේ චෝදනාවේ ඇත්ත නැත්ත..

    Susanthika-Medal-Ouction.jpg
    (ලංකා ඊ නිව්ස් -2017.ජුනි.06, ප.ව‍‍‍‍.2.30) මෘග චෞර රාජපක්ෂ තුන්වෙනි වරටත් බලයට ගෙන ඒම සඳහා සුපර් මාර්කට් ගිය සුසන්තිකා ජයසිංහ මේ ආණ්ඩුව තමන්ගෙන් පලිගෙන ඇති බැවින් දැන් තමාට ඇත්තේ ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දමා ගානක් සොයාගෙන ඕස්ට්‍රේලියාවට යෑමට යයි මාධ්‍යය හරහා කළ චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නිල වශයෙන් පිළිතුරු දී තිබේ.
    සුසන්තිකා මෙසේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණ. “ මම ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් විදියට වැඩ කළා. නමුත් 2015 ජනවාරි ආණ්ඩු පෙරැළියත් එක්ක ඒ රස්සාව මට නැති වුණා. කාර් එකක් දීලා තිබුණා රියදුරෙක් හිටියා. මාසිකව රුපියල් 80,000ක වැටුපක් ලැබුණා. ඒවා මට ලැබුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියටත්, ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිණියක් හැටියටත් කළ සේවයටයි. මම හොයාගත්ත මුදලක් තිබුණා. දේශපාලන කටයුතුවලට ඒ ගොඩාක් මුදල් වියදම් වුණා. එතැන දී මට කවුරුවත් විශේෂයෙන් උදව් කළේ නෑ. ඒ නිසා මම උපයා ගත්ත දේවලුත් මට හරි හරියට වියදම් වෙලා. මගෙ ගිය මාසේ අප්‍රේල් මාසයේ ඉඳන් මගේ පඩිය නවත්තලා.මතක තියාගන්න මම බය නෑ. මට නැතිවෙන්න දෙයක් නෑ. මේ රටේ ලොකුම පදක්කම තියෙන්නේ මං ගාව. ඒක කෞතුකාගාරයට දෙන්න කලින් මම පදක්කම වෙන්දේසි කරනවා. මම යනවා ඕස්ට්‍රේලියාවට. ඒ වගේ රටක් මාව පිළිගනීවි.“
    සුසන්තිකා ජයසිංහ ගේ වැටුප් නොගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් සෝමරත්න විදාන පතිරණ නිකුත් කර ඇති ප්‍රකාශය පහත දැක්වේ.

    “මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතා ප‍්‍රදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ 11 ක මුදල් ප‍්‍රදානයක් ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳව ද කණගාටු වෙමි.

    ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

    මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන් වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරුව ද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි.

    මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි 08 වන ඡේදය යටතේ “ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාව ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”.

    09 වන ඡේදය යටතේ “තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක් ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”. බවට සඳහන්ව ඇත.

    මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වන මහළෙහි 08 වන කාමරය ද ඇයට වෙන්කර ලබාදුණි.

    සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මළල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒ වන විට පැවති මළළ ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මළල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නැත.

    2016 ජුලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සළකා එම කාල සීමාවට අදාළ වැටුප් ගෙවීමට ද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ජේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26 වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

    රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසි පරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

    තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවන්විතව ඉල්ලා සිටිමි.“

    සෝමරත්න විදානපතිරණ
    වැඩබලන ලේකම්
    ක‍්‍රීඩා අමාත්‍යාංශය


    ---------------------------
    by (2017-06-06 19:10:19)
    www.lankaenews.com/news/5864/si
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා පදක්කම්වල අයිතිය රජයට හිමිවන ආකාරයේ නීති රීති ඉදිරියේදී සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    සුසන්තිකා ජයසිංහ සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන්නේ නම් එය ලබාගෙන ක්‍රීඩා අමාත්‍යංශයේ තබා ගැනීමට තමන් සූදානම් බවද ඇමතිවරයා සඳහන් කළේය.

    සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් පදක්කම ලබාගැනීමට පෙර සහ පසු රජය විශාල වියදමක් ඇය වෙනුවෙන් දරා ඇති බව කී ඇමැතිවරයා ඇයට මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශෙන් හා යුද හමුදාව මගින් මසකට රුපියල් 1,35,000ක් ලබාදෙන බවද සඳහන් කළේය.
    ඇය කෙළෙහි ගුණ නොදන්නා අයෙකුවීම ගැන කනගාටු වන බවද ඇමතිවරයා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.


    Code:
    [SIZE=3]http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E2%80%98---%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92/1-513642[/SIZE]