ටොයියො බයියො බෙදලා මරාගන්න තවත් ආතල් එකක් එනවා හුරේ ස ෆෙල් ගගා තව මතුරන්න පුළුවන් ටොයියන්ට
(ලෝසක ජාතකය, ජාතකට්ඨා කථා)
අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි පින්වත් ලෝසක තිස්ස තෙරුන් වහන්සේ මුල්කරගෙන මේ ජාතක කතාව දේශනා කර වදාළ සේක.
කොසොල් රට ගෙවල් දහසක් පමණ ඇති එක ධිවර ගමක ධීවරියකුගේ කුසෙහි දරුවෙක් පිළිසිඳ ගත්තා. මේ දරුවා පිළිසිඳ ගන්න දවසේ ඒ ගෙවල් දහසෙහි ධීවරයින්ට ගංගාවල විල්වල එක් පුංචි මාළුවෙක්වත් හසුවුණේ නැහැ. මේ දවසේ ඉඳලා මේ ධීවරයෝ
පිරිහෙන්න පටන් ගත්තා. මේ දරුවා මවුකුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මේ ගම්මානය විටින් විට හත් වරක් ම ගින්නෙන් පිලිස්සී ගියා. රජතුමා සත් වරක්ම ඔවුන්ට දඬුවම් දුන්නා.
දිගින් දිගටම ගම්මානය විනාශ වෙනකොට, මේ ධීවරයෝ ''අපි අතර එක කාලකන්නියෙක් ඉපදිලා ඇති. අපි කොටස් දෙකකට බෙදෙමු.'' කියලා කතාකරගෙන පන්සියයක් පන්සියයක් විදිහට පිරිස දෙකට වෙන් වුණා. මේ දරුවා පිළිසිඳ ගෙන සිටින මව්පියෝ සිටින කොටස පිරිහෙන්න ගත්තා. අනෙක් කොටස දියුණු වෙනවා. මේ කොටස නැවත දෙකට බෙදුනා. නැවත නැවතත් බෙදුනා. අවසනානයෙහිදී මේ ගෙදර අය විතරක් තනි උනා. කාලකන්නි පිරිස මේ අය තමයි කියලා දැනගෙන අනෙක් අය මොවුන්ට පහරදීලා එළවලා දැම්මා.
....