සුළි සුළගක් !!! Weather ALERT !!!

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එලියන්ත ස කුන්ඩලිනි සත්තියෙන් බලල කියල තියෙනවා මේවා පහලවෙන්න කලින් ලොකු කුණාටුවක් එනවා කියල මේ එක වෙන්න ඇති. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    g5m1e4D.png

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    සයිට් එ⁣කේ ඔකට යටින් තව එකක් පෙන්නනවා. ලංකාව හරහා නැති වුනත් බලපැමක් තියෙයි ටිකක් හරි. ෆක් වෙන සින් එකක් යන්නේ
     
    • Wow
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    ලොකුවට ඵන්නෙ නෑ..ඒත් මීට කලින් මෙහෙම අැවිල්ල නැහැ නේද
    lokuwata enne kiyanna be. me angle eken lankawata cyclone ekak enter wela ne neda goda kalekin. matanam meter wela ne. kalin okkoma lankawe uda hariyen enter une.
    meka lankawa haraha gihin aye colombo kittuwa muhude yai kiyala windy.com eketh thiyenne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    lokuwata enne kiyanna be. me angle eken lankawata cyclone ekak enter wela ne neda goda kalekin. matanam meter wela ne. kalin okkoma lankawe uda hariyen enter une.
    meka lankawa haraha gihin aye colombo kittuwa muhude yai kiyala windy.com eketh thiyenne

    එහෙම උනොත් වැව් වේලි ගැන අදහස් අත්ඇරපං. කලින් පාරක් ඔහොම එකක් ආවා හෙන කාලෙකට කලින්. නච්චදුව එහෙම පිපිරුවා. සැහෙන දරුනු තත්ත්වයක්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Update

    හෙට සිට යළි දැනුම්දෙනතුරු මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස දැනුම්දීමක්
    BY 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗧𝗶𝗺𝗲𝘀 ON NOVEMBER 30, 2020
    WhatsAppViberTelegramFacebookTwitter
    අනිද්දා, නැගෙනහිර වෙරළට ඇතුලු විය හැකි සුළි කුණාටුවක බලපෑමක් නිසා හෙට සිට යළි දැනුම්දෙනතුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදේ ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
    පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය ඉදිරි පැය 24 ක කාලය ඇතුළත සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.
    ඒ අනුව, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    http://colombotimes.lk/archives/3393
     
    • Like
    Reactions: TechnWeb

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    lokuwata enne kiyanna be. me angle eken lankawata cyclone ekak enter wela ne neda goda kalekin. matanam meter wela ne. kalin okkoma lankawe uda hariyen enter une.
    meka lankawa haraha gihin aye colombo kittuwa muhude yai kiyala windy.com eketh thiyenne

    trinco patten awa mathaki godak kalin mama podi kale
     
    • Like
    Reactions: TechnWeb

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Update

    බදාදාට සුළි කුණාටුවක් … මුහුදු රළ මීටර් දෙක තුනක් ඉහළට…කාලගුණයෙන් අනතුරු ඇගවීමක්
    BY KUBIYA ON NOVEMBER 30, 2020
    1570688195-cancelled-as-Japan-braces-for-super-typhoon_L.jpg

    මෙරට නැගෙනහිර වෙරළට ලබන බදාදා සවස් කාලයේ දී සුළි කුණාටුවක් ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එහි බලපෑම හේතුවෙන් යළි දැනුම් දෙනතුරු කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසය.

    එමෙන්ම දැනට එම ප්‍රෙද්ශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හෙට (01) වනවිට ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය අද උදෑසන 5.30 වන විට ත්‍රිකුණාමලය දෙසින් කි.මී 750ක් දුරින් පීඩන අවපාතයක් ලෙස පවතී.

    එම පද්ධතිය ඉදිරි පැය 12 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී පසුව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ.

    එම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා දිනයේ දී ඇතුළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වන වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 – 3ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතින අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

    https://www.kubiyonews.com/local-news/බදාදාට-සුළි-කුණාටුවක්-ඇත/
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Update

    ඉදිරි පැය 12 තුළ සුළි කුණාටු තත්වයක්
    BY 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗧𝗶𝗺𝗲𝘀 02 ON DECEMBER 1, 2020
    WhatsAppViberTelegramFacebookTwitter
    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ලංකාවට ආසන්න වී තිබෙනවා.
    ඒ අනුව ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතිනවා.
    එය ඉදිරි පැය 6 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
    පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
    මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේ දී ඇතුළු විය හැකියි.
    ඒ හේතුවෙන් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
    ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
    වයඹ පළාතේ තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
    එමෙන්ම දිවයින පුරා අහස වලාකුළු බරව පවතිනවා.
    උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී 30 – 40 පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකියි.

    http://colombotimes.lk/archives/3428
     
    • Like
    Reactions: TechnWeb

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    මඩකලපුව සහ මුලතිව් අතරින් කියන්නේ එන තැනක් හරියටම කියන්න බැරිව ඇති නේද ?
     
    • Like
    Reactions: TechnWeb