මහායාන සහ ථෙරවාදී අරගලය ගැන නම් මම හරියටම දන්නේ නැහැ. එක නිසා ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ .
එත් අපි ඉතිහාසය ගැන කතාකලොත් බංගලාදේශය, මාලදිවයින , මැලේසියාව .... etc බෞද්ධ රටවල් රාශියක් මේ වන විට වෙනත් ආගම් වල ග්‍රහණයට හසුවී අවසානයි. (වරදවා වටහා ගන්න එපා මම කියන්නේ නැහැ සුළු ජාතින්ව එලවා මහා ජාතිය පමණක් ලංකාවේ සිටිය යුතුයි කියා. ) එත් මේ කුඩා දිවයින තුල විවිධාකාරයේ ආගම් ඇදහලි බලෙන් පටවන තත්වයට ඇති වෙලා.
ලෝකයේ කිසිම තැනක බෞධයන් මුදල් වලට ආගම පතුරවන්න හදනවා නම් එය සම්පුර්ණයෙන්ම වැරදියි.
සුළු ජාතීන්ට තම ආගම දහීමේ පූර්ණ අයිතිය තිබිය යුතුයි. එත් මැතක සිට ඇතිවුන ආගම් අන්තවාදයට බෞධයාට පමණක් චෝදනා කරන එක වැරදියි. පැහැදිලිවම අනිත් ආගම් වලත් යම් අන්තවාදී ලක්ෂණ මතුවීමට පටන් ගැනුනා. එයට පිළිතුරු වශයෙන් විවිධ සංවිධාන ආරම්භ උනා. මේ සංවිධාන වල ක්‍රියාකලාපය 100% සාධාරණ නැහැ කියල මම පිලිගන්නවා.
එත් මේ රටේ ආගම් අතර සමගියක් ඇති විමට නම් මේ සියලුම ආගම් අවල අන්තවාදී ද්වරුපයන් මුලිනුපුටා දැමීමට සිදුවෙනවා. එත් උඹත් මෙතන අන්තවාදී වෙලා එක් පැත්තක් පමණක් අරගෙන තිබෙනවා.
මගේ අදහස සියලුම ආගම් නායකයන් සමග විවෘත සංවාදයක් රජය විසින් සංවිධානය කල යුතු වෙනවා. පසුගිය වසර දහයක පමණ තිබු අන්තවාදය සියලුම ආගම් වලින් ඉවත්කිරීමට ඔවුන් වහා කටයුතු කලයුතුවෙනවා.
උඹට අතීතය ගැන කතා කරද්දී අමතක උන තැනක් තමයි එදා ඉංග්‍රීසි ලන්දේසි පාලන සමයන්
ඔබ දැන් කතා කරනා අන්තවාදය එදා අනගාරික ධර්මපාලතුමාගේ කාලයේත් තිබුනා , ඔබ දැන් අදහනා බුදු දහම රක ගැනීමට එතුමාගේ අන්තවාදය සමත්වූවා. එතුමා එදා අන්තවාදී නොවුනා නම් අද අපි සියල්ලම කිතුනු ආගමිකයන්.
දැන් කියන්න එපා අශෝක අධිරාජයා හිටියේ නැත්නම් අපි බුදුදහම අදහන්නේ නැහැ , එහෙම තමයි ලෝකයේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ කියා . එක අම පිලිගන්නවා. එත් උඹ බුදු දහම පිලිගන්නවා උඹට තේරෙනවා ඇති බුදුඩ් දහම මැවුම් සංකල්පය තුල අප සිර නොකර පරිසරයට විවෘත කරන බව. එත් අනාගාරික ධර්මපාල තුමා සිටියේ නැතිනම් ඔබට මේ ආගම් වල සංකල්පයන් සංසන්දනය කර වඩා හොඳ දහම තෝරාගත නොහැකි වෙනවා.
මේක අපි හැමෝගෙම රට , මේ රට තුලා සාමයෙන් ජීවත්වීමට අවශ්‍ය නම් අප සැම ජාතියක්ම තුල ඇති පොදු භය ඉවත්කළ යුතු වෙනවා. මේකට එකම විසඳුම සර්ව ආගමික නායකයන්ගේ , දේශපාලඥයන් සහභාගී වී අන්තවායෙන් තොර පොදු එකන්ගාතාවක් ඇති කර ගැනීමයි .